බෙහෙත් නෙල්ලි කියන්නේ ඔෟෂධීය වටිනාකමින් ඉහළ රසවත් පලතුරක්. තවද නෙල්ලි යනු ඝර්ම කලාපයේ වැවෙන අප කා අතරත් ඉතාම ප්‍රචලිත පලතුරකි. එමෙන්ම බෙහෙත...
බෙහෙත් නෙල්ලි කියන්නේ ඔෟෂධීය වටිනාකමින් ඉහළ රසවත් පලතුරක්. තවද නෙල්ලි යනු ඝර්ම කලාපයේ වැවෙන අප කා අතරත් ඉතාම ප්‍රචලිත පලතුරකි.
එමෙන්ම බෙහෙත් නෙල්ලි යනු විටමින් සී බහුල පලතුරකි. විශේෂයෙන්ම මෙහි ප්‍රතිඔක්සිකාරක ගුණය වගේම පොල්ෆීනෝද ඉහළ ප්‍රමාණයක් අඩංගුය.
මෙම නෙල්ලි පලයෙහි ඔෟෂධීය ගුණය ඉතාම ඉහළය. එනිසාම එය ආයුර්වේදය තුළදී බොහොමයක් ඔෟෂධ නිෂ්පාදනයට බහුලව යොදා ගනියි.
මෙම නෙල්ලිවල තිත්ත රස, කහට රස, පැණි රස, ඇඹුල් රස සහ ලවණ යන රස පහකින්ද සමන්විත වේ. මෙම නෙල්ලිවල ඔෟෂධීය ගුණය ඉහළ අගයක් ගන්නා නිසා අපට ඇතිවන බොහොමයක් රූපලාවණ්‍ය ගැටලුවලටද එය ඉතාම හොඳ ඔෟෂධයකි.
අද අප ඔබ වෙතට ගෙන එන්නේ නෙල්ලි පලයෙන් සිදුකරගත හැකි රූපලාවණ්‍ය සත්කාරයන් කිහිපයකි. මෙම සත්කාරයන් ඔබට නිවෙසේදීම පහසුවෙන් සකසා ගත හැකි වීම මෙහි ඇති අනෙක් විශේෂත්වයයි.
මෙම සත්කාරයක් අත්හදා බලා සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට ඔබත් උත්සාහ කරාවි යැයි අපි බලාපොරොත්තු වෙන්නෙමු.
1.දිදුලන සමකට
ෆේස් පැක්
අවශ්‍ය දේවල්:
– ඕට්ස් පවුඩර් තේ හැඳි 2ක්
– කැබලි කපා අව්වේ වේළා බ්ලෙන්ඩර් කරගත් බෙහෙත් නෙල්ලි පවුඩර් තේ හැඳි 2ක්
– රෝස වතුර තේ හැඳි 2ක්
– ලෙමන් යුෂ තේ හැඳි භාගයක්
– ෙදාඩම් ලෙල්ලේ පවුඩර් ස්වල්පයක් (Orange Peel powder)
සාදාගන්නා ආකාරය:
ඉහත සඳහන් කළ ආකාරයට පළමුව බෙහෙත් නෙල්ලි ටික හොඳින් සෝදා කැබලි කපා අව්වේ වේළා ගන්න. එය බ්ලෙන්ඩර් කොට පවුඩර් එක ලබා ගන්න. එයට ෙදාඩම් ලෙලිවලින් ලබාගත් පවුඩර් සහ අනෙකුත් ද්‍රව්‍ය සියල්ල එක්කොට පැක් එකක් ආකාරයට සාදා ගන්න. (ෙදාඩම් ලෙලිවල පවුඩර් එක සාදා ගැනීමේදීද ෙදාඩම් ලෙල්ලේ කහ පාට කොටස වෙන්කොට කුඩා කැබැලිවලට කපා අව්වේ වේළා ග්‍රයින්ඩර් කොට පවුඩර් ලබා ගත යුතුයි.)
භාවිත කරන ආකාරය:
පළමුව ෆේස් වොෂ් එකක් සහ ක්ලෙන්සර් එකක් භාවිතයෙන් සම හොඳින් පිරිසුදු කරගන්න. ඉන් පසුව සමෙහි තෙතමාත්තු කොට සම මත ආලේප කරන්න. පැය බාගයක් තබා සෝදා ඉවත් කරන්න. මෙම සත්කාරය සතියකට දින 2ක් පමණ භාවිත කළ යුතුයි.
2.කුරුලෑ ආසාදන සඳහා බෙහෙත් නෙල්ලිවලින් සත්කාර
අවශ්‍ය දේවල්:
– මුල්තානාමිට්ටි තේ හැඳි 3ක්
– නැවුම් යෝගට් හෝ මී කිරි තේ හැඳි 1ක්
– නෙල්ලි යුෂ තේ හැඳි කිහිපයක්
මෙම පැක් එක මුළු සිරුර පුරාම වුවද භාවිත කළ හැකියි. එහිදී මෙම ප්‍රමාණයන් ඔබට අවශ්‍ය ආකාරයට වැඩිකොට භාවිත කළ හැකියි.
සාදාගන්නා ආකාරය:
නෙල්ලි ටික කැබැලි කපා ජලය ස්වල්පයක් සමඟ බ්ලෙන්ඩර් කොට යුෂ ලබා ගන්න. එම යුෂ පෙරා වෙන්කර ගෙන එයට මුල්තානිමිට්ටි සහ නැවුම් මී කිරි හෝ නැවුම් යෝගට් ටික දමා පැක් එක සාදා ගන්න.
භාවිත කරන ආකාරය:
ෆේස් වොෂ් සහ ක්ලෙන්සර් යොදා පිරිසුදු කරගත් සම මත ආලේප කොට විනාඩි 10-15ක් තබා සාමාන්‍ය ජලයෙන් සෝදා ඉවත් කරන්න. මෙම සත්කාරයද සතියකට දින කිහිපයක් භාවිත කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකියි.
3.බෙහෙත් නෙල්ලිවලින් හෙයාර් ඔයිල් එකක්
අවශ්‍ය දේවල්:
– බෙහෙත් නෙල්ලි ගෙඩි 5ක්
– ඔලිව් තෙල් කෝප්ප භාගයක්
– ආමන්ඩ් තෙල් තේ හැඳි 2ක්
සාදාගන්නා ආකාරය:
පළමුව ඔලිව් තෙල් කෝප්ප භාගයට ආමන්ඩ් තෙල් තේ හැඳි 2ක් සහ නෙල්ලි ගෙඩි 5ක් (සෝදා පිරිසුදු කරගත්) යන සියල්ල ඊට එකතු කරන්න. මෙම ද්‍රව්‍ය සියල්ල පියන හොඳින් වැසිය හැකි බඳුනකට දමා සති එකක් පමණ පියන වසා තබන්න. ඉන් පසුව මෙය භාවිතයට ගත යුතුයි.
භාවිත කරන ආකාරය:
දවසක් හැර දවසක් හිසකෙස්වල සහ හිස් කබලේ ආලේප කරන්න. හිසකෙස් ගැලවී යෑම වළක්වන අතර හිසකෙස්වලට ඉතා හොඳ පෝෂණයක්ද ලබා දෙයි.
4.හිසකෙස් ඉක්මනින් වර්ධනය කරන බේත් නෙල්ලි ඔයිල්
අවශ්‍ය දේවල්:
– සුදු පොල්තෙල් 100ml
– එඬරු තෙල් 25ml
– නෙල්ලි පවුඩර් තේ හැන්දක් පමණ
– කරපිංචා ඉත්තක් පමණ
– රතු ලූනු ගෙඩි 2ක්
– කෝමාරිකා පොඩි කොටසක්
– සැවැන්දරා මුල් කිහිපයක්
සාදා ගන්නා ආකාරය/භාවිත කරන ආකාරය:
පළමුව බෙහෙත් නෙල්ලි ගෙඩි සෝදා පිරිසුදු කොට කුඩාවට කපා අව්වේ වේළා බ්ලෙන්ඩර් කොට පවුඩර් එක ලබා ගන්න. සුදු පොල්තෙල්, නෙල්ලි පවුඩර්, කරපිංචා කොළ, රතු ලූනු, කෝමාරිකා, සැවැන්දරා යන සියල්ල බඳුනකට දමා මඳ ගින්නේ ළිප තබා රත්කර ගන්න. මෙසේ ස්වල්ප වේලාවක් රත්කොට ළිපෙන් ඉවතට ගෙන නිවුණු පසුව එඬරු තෙල් එකතු කොට හොඳින් මිශ්‍ර කරන්න. මෙම කැබැලි සමඟම බෝතලයකට දමා ගන්න. (පෙරන්නට එපා) දවසක් හැර දවසක් හිසෙහි සහ හිසකෙස්වල ආලේප කරන්න. මෙමඟින් හිසකෙස් ගැලවී යෑම වළක්වා හිසකෙස් වර්ධනය වීම ඉක්මන් කරයි. නොකඩවා දීර්ඝ කාලයක් භාවිත කිරීම මත සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකියි.
දිනූෂා මනෝරි නිශ්ශංක
අප්සරා තිලකරත්න
ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනි
සැලෝන් අප්සරා කෝට්ටේ, රාජගිරිය