Logo
Logo

මේකප් නැතිව ලස්සන වෙමු

  බොහෝ දෙනා විශ්වාසයෙන් තමන්ට අවශ්‍ය දේ ළඟාකර ගන්නා ක්‍රමයක් තමයි මේ විශ්ව ආකර්ෂණ නීතිය. අද අපි මේ ලිපියෙන් කතා කරන්නේ විශ්ව ආකර්ෂණ නීතිය මඟ...


 
බොහෝ දෙනා විශ්වාසයෙන් තමන්ට අවශ්‍ය දේ ළඟාකර ගන්නා ක්‍රමයක් තමයි මේ විශ්ව ආකර්ෂණ නීතිය. අද අපි මේ ලිපියෙන් කතා කරන්නේ විශ්ව ආකර්ෂණ නීතිය මඟින් ඔබට අවශ්‍ය කරපු රූපය, ඔබට අවශ්‍ය කරන ආකර්ෂණීය බව ලබා ගන්නේ කොහොමද කියන එක. 

ඔබට ඇති වටිනාම වස්තූන් අතරින් එකක් තමයි ඔබේ මුහුණ. අප සමාජයට නිරාවරණය වන හා සමාජය සමඟ ගනුදෙනු කරන්නේ ඔබේ මුහුණත්, ඔබේ පෙනුමත් එක්ක. මේ සමාජයේ පියකරු හා ප්‍රසන්න භාවය කියන දේට ලැබෙන තැනත් වැඩියි. 

නමුත් ඔබ කිසි විටෙකත් හිතන්න එපා මේ පියකරු භාවය කියන්නේ සමේ පැහැය කියලා. 

අවාසනාවකට අපේ රටේ ලස්සනයි කියන්න මිනිසුන් විසින් අමුතුම රාමුවක් හදාගෙන තියෙනවා. මේ ලිපියෙන් විස්තර කරන්නේ ඔබේ ලස්සන මතුපිටට ගේන්න පුළුවන් ආකාරය පිළිබඳව.

ලස්සනට ඉන්න කෙනෙක් හරිම ප්‍රසන්නයි. මේ ලස්සන, මිනිස්සුන්ට ඇති වෙන්නේ මිනිසුන්ගේ අභ්‍යන්තරයෙන්. ඒ ලස්සනට තමයි පෞර්ෂත්වය කියන්නේ. 

පෞර්ෂත්වය කියන දේ අපි පුළුල්ව කතා කරන්න ඕන දෙයක්. නමුත් මේ අපි කතා කරන්නේ පෞර්ෂත්වයේ මූලික අංගයක් වන බාහිර පෙනුම පිළිබඳවයි. 

ලස්සන කියන්නේ උස ද මිටි ද, මහතද කෙට්ටුද, සුදු ද කළු ද කියන එක නෙමෙයි. ලස්සන කියන දේට වඩා වැදගත් වෙන්නේ පෞර්ෂත්වය කියන දේ ගොඩ නඟා ගැනීමයි.

ඔබේ පෙනුම මොකක් වුණත් ඔබ පෞර්ෂත්වයෙන් හෙබි පුද්ගලයෙක් නම් ඔබ සමාජයට සුන්දර පුද්ගලයෙක්.

ඔබ අසා ඇති ඕනෑතරම් සමාජයේ එතරම් පෙනුමෙන් ලස්සන නොවුණත් “මේ කෙනාට තියෙන්නේ අමුතුම ලස්සනක් ” කියනවා. අපිට මේ වගේ අමුතුම ආකර්ෂණයක් තියෙන, අපි දැක්ක ගමන් මෙයා හරිම පිං පාටයි, මෙයා හරි ලස්සනයි, මෙයාගේ තියෙන්නේ අමුතුම ලස්සනක්, මේ ළමයා හරිම සිරියාවයි වගේ දේවල් කියන්නෙ මෙන්න මේ ආකර්ෂණය නිසා. 

ඉතින් අපි ඔබට කියලා දෙන්නෙ මෙන්න මේ ආකර්ෂණය ලබා ගන්නෙ කොහොමද කියන එක. ඔබ කැමති ආකාරයේ ඔබට අවශ්‍ය පුද්ගලයකු වීමේ හැකියාව ඔබ සතුයි. 

මෙම න්‍යාය ලෝකය පුරා පරීක්ෂකයන්, විශ්ලේෂකයන් , සාර්ථකව හදාරා, අත් හදා බැලීම් කර, ඔප්පු කරන ලද දෙයකි. පළමු දේ ඔබට ලස්සන වෙන්න අවශ්‍ය නම්, ඔබට පෞර්ෂයක් ගොඩනගා ගන්න අවශ්‍ය නම් ඔබ ඔබව පිළිගත යුතුයි. 

ඔබ කණ්ණාඩියක් ඉදිරියට ගොස් ඔබේ මුළු රූපය දෙසම බලන්න. එසේ බලමින් ඔබ මහතයි, කෙට්ටුයි, අවලස්සනයි වගේ සෘණාත්මක අදහස්වලින් මිදෙන්න උත්සාහ කරන්න. ඔබ ඔබේ රූපයට ඇලුම් කරන්න පුරුදු වෙන්න. ඔබ ඔබව පිළිගන්න. 

දෙවෙනි කාරණය තමයි ඔබ ඔබ පිළිබඳව ආත්ම විශ්වාසයක් ගොඩනඟා ගත යුතුයි. මේ පියවර දෙකෙන් අපි පෞර්ෂත්වය ගොඩ නගා ගන්නා ආකාරය සොයා බලමු.

මුලින්ම ඔබ ඔබම වීමේදී වෙන කවුරුවත් නෙමේ ඔබ ඔබවම පිළිගන්න. වෙන කාගෙවත් රූපයක් ඔබ ඔබෙන් බලාපොරොත්තු වෙන්න එපා. ඔබ ඔබම වන්න.

දෙවැනි පියවර ලෙස අපි කරන්නේ මුලින්ම ඔබව අභ්‍යන්තරයෙන් ලස්සන කරන එක. ශරීර අභ්‍යන්තරයට දෙන ප්‍රතිකාර තමයි ඔබව මෙහෙම ලස්සන කරන්න උපකාරී වෙන්නේ. 

මේක සිදු කරන්න නම් ඔබට මේ පිළිබඳව ඉතාමත් විශ්වාසයකින් යුතු සිතක් තියෙන්න ඕන. මුලින්ම ඔබ පුරුදු වෙන්න මේ ප්‍රතිකාර සිදු කරන්න. 

ඔබ උදෑසන අවදි වූ විගසම විශ්වය සමඟ කතා කරන්න. ඔබ නොදන්නවා වුණාට ඔබත් සමඟ මේ විශ්වයට ඇත්තේ පුදුමාකාර බැඳීමක්. ඔබ හිතන පතන දේ ඔබ කියන දේ මේ විශ්වයට හොඳින් දැනෙනවා. උදෑසන අවදි වුණ ගමන්ම පුරුදුවෙන්න විශ්වයට ඔබට දැනට ලැබී තියෙන රූපය පිළිබඳව ස්තුතිවන්ත වෙන්න. ඒත් එක්කම ඔබ යටි සිතින් හිතන්න ‘මං තවත් ලස්සන වෙනවා‘, ‘දිනෙන් දින මාව ලස්සන වෙනවා‘ කියන එක. 

මෙහෙම තුන්පාරක් විතර සිතන්න. මේ ප්‍රතිකාරය දවසට තුන් පාරක් කරන්න ඕනේ. උදෑසන අවදි වූ ගමන්ම, දවල් කාලයේදී හා නින්දට යාමට ප්‍රථම මෙය සිදුකරන්න.

එවිට ඔබ එක් වරකට තුන් වාරයක් බැගින් දවසට 9 වාරයක් මෙම ප්‍රතිකාරය සිදු කරයි. මේත් එක්කම ඔබ නිතරම විශ්වයට ස්තුති වන්ත වෙන්න අමතක කරන්නෙපා. හැමදාම රාත්‍රී නින්දට පෙර විශ්වයට ස්තුතිවන්ත වෙන්න. මෙම නීති‍ය ක්‍රියාත්මක කිරීමේ දී ඔබට ඔබේ සිතත් සමඟ හොඳින් ගනුදෙනු කරන්න වෙනවා. 

ඔබ හැමදාම හිතෙන් මවා ගන්න ඔබ ඉන්නවටත් වඩා ලස්සන වෙලා ඉන්නවා, ඔබේ ලස්සන අනිත් අය පැසසුමට ලක් කරනවා.

 එලෙස ඔබ චිත්ත රූප මවන වෙලාව හොඳින් විඳින්න. සතුටින් ඔබේ ලස්සන වෙලා තියෙන රූපය, ඔබේ නිරෝගිමත් සම දෙස බලන්න. 

මේ අතරවාරයේ දී කිසිම විටෙකත් දැන් ඔබට තියෙන සමේ ප්‍රශ්න, ඔබේ අවලස්සන ගැන පොඩ්ඩක්වත් හිතන්න හිත යොමු කරන්න එපා. 

මේ ක්‍රමය මඟින් අනිවාර්යයෙන්ම ඔබ පතන රූපය ඔබට ළඟා කරගන්න පුළුවන්. 

ඔබ ඔබව විශ්වාස කරන්න. විශ්වාසයෙන් මේ විශ්වය සමඟ ගනුදෙනු කරන්න. ධනාත්මක සිතුවිලිවලින් විශ්වය ඔබ වෙත ආකර්ෂණය කර ගන්න .

 

අන්තර්ජාලය ඇසුරෙනි.

[ASTRO]$type=right$va=0$count=3$show=home

[MOTIVATIONAL]$type=left$va=0$count=3$show=home

[WASTHU]$type=right$va=0$count=3$show=home

STAR GOSSIP$type=three$c=12$cm=0$d=0$a=0$sn=0$h=250$ho=https://stargossip.bottomline.asia

[LATEST ARTICLES]_$type=three$count=12$h=250$space=10$icon=1$m=0$sn=0$rm=0$hide=home

Name

Astro,4,Automobile,3,Family,5,Fashion,5,Finance,3,Healthy,24,Healthy Chef,3,Lifestyle,57,Limitless,7,Readers,13,Science,4,Tech,15,Travel,5,Wasthu,3,Women,9,
ltr
item
LifeLine: මේකප් නැතිව ලස්සන වෙමු
මේකප් නැතිව ලස්සන වෙමු
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgaI1jpWOmJnrrNqI1cV8QA-0RoAQWYZ6kU_PjBFu_J1u5GBM0oZVQvn7V_pVD56-oObdsimtb4ouEupL62n9B8gnBIsV9QRXbmbg6GNxwXHl7WRKJnxp8a-C0fRW2cUZ0lcbNZcJAXMydJx0BkYCv9hn1_Kq6L_g0Wk7G6Hy6QkdonQFHfrGoESy-S/s16000/ladies.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgaI1jpWOmJnrrNqI1cV8QA-0RoAQWYZ6kU_PjBFu_J1u5GBM0oZVQvn7V_pVD56-oObdsimtb4ouEupL62n9B8gnBIsV9QRXbmbg6GNxwXHl7WRKJnxp8a-C0fRW2cUZ0lcbNZcJAXMydJx0BkYCv9hn1_Kq6L_g0Wk7G6Hy6QkdonQFHfrGoESy-S/s72-c/ladies.jpg
LifeLine
https://lifeline.bottomline.asia/2022/10/31-how-to%20make-beauty-.html
https://lifeline.bottomline.asia/
https://lifeline.bottomline.asia/
https://lifeline.bottomline.asia/2022/10/31-how-to%20make-beauty-.html
true
3337541541253042350
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content