ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන ඉලොන් මස්ක් ට්විටර් සමාජ මාධ්‍ය ජාලය නිල වශයෙන් මිල දී ගත් බව ප්‍රකාශ කර තිබෙනවා. ඔහුගේ පෞද්ගලික ට්විටර් ...
ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන ඉලොන් මස්ක් ට්විටර් සමාජ මාධ්‍ය ජාලය නිල වශයෙන් මිල දී ගත් බව ප්‍රකාශ කර තිබෙනවා.
ඔහුගේ පෞද්ගලික ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඉලොන් මස්ක් සඳහන් කරන්නේ ට්විටර් සමාජ මාධ්‍ය ජාලය මිලදී ගැනීම සඳහා සිදු කෙරුණු ඇමරිකානු ඩොලර් බිලියන 44ක ගනුදෙනුව අවසන් බවයි.
දැඩි ක්‍රියාවලියකින් පසුව බහුතර කොටස් සියල්ල මිලදී ගනිමින් ඉලොන් මස්ක් එම ගනුදෙනුව අවසන් කර තිබේ.
මේ අතර Twitter හි ප්‍රධාන විධායක නිලධාරී ප්‍රාග් අග්‍රවාල් සහ ප්‍රධාන මූල්‍ය නිලධාරියා සේවයෙන් ඉවත් කර ඇති බවත් පැවසේ.
මේ අතර ට්විටර් සමාගම ඉලෝන් මස්ක් අතට පත් වීමෙන් අනතුරුව එහි 75%ක සේවක කප්පාදුවක් සිදු කිරීමට නියමිත බව කටකතා පැතිරුණත්, එම ප්‍රකාශ සම්පූර්ණයෙන් ම අසත්‍යයක් බව ඉලෝන් මස්ක් ව උපුටා දක්වමින් බ්ලූම්බර්ග් පුවත් සේවය සඳහන් කර ඇත.