Logo
Logo

මේ දේවල් අපට මග හැරුණේ ඇයි?

අපි ඇත්තටම දැන් ජීවත් වෙන්නේ සමාජ මාධ්‍ය යුගයක. හා නැද්ද? අපි ගොඩක් වෙලාවට උදේ නැගිටලා ඔක්කොටම කලින් කරන්නේ ෆෝන් එක අතට ගන්න එක.  ඒක අතට අරග...




අපි ඇත්තටම දැන් ජීවත් වෙන්නේ සමාජ මාධ්‍ය යුගයක. හා නැද්ද? අපි ගොඩක් වෙලාවට උදේ නැගිටලා ඔක්කොටම කලින් කරන්නේ ෆෝන් එක අතට ගන්න එක. 

ඒක අතට අරගෙන අපි වැඩියෙන්ම ඉන්න සෝෂල් මීඩියා එකට ගිහිල්ලා මොනවද වෙලා තියෙන්නේ කියලා බලන එක. 

ඒ වගේම නින්දට යන්න කලින් අන්තිමට කරන්නෙත් ෆෝන් එක අරගෙන අපි කැමතිම සෝෂල් මීඩියා එකේ සැරිසරන එක, චැට් කරන එක. 

අපි දැන් පොත් පත් කියවන්නෙත් නෑ, නිව්ස් බලන්නෙත් නෑ. අපි එක එක ජාතියේ පොත් තියෙනවා කියලා සෝෂල් මීඩියා වලින් දැනගන්නවා. 

අපි රටේ ලෝකේ වෙන්නෙ මොනවද කියන එකත් සෝෂල් මීඩියා වලින්ම දැනගන්නවා. හැබැයි ඇත්තටම මෙහෙම සෝෂල් මීඩියා වලම ජීවත් වෙනකොට අපිට අතපහු වෙන, මග ඇරෙන දේවල් තියෙනවද? ඇත්තටම තියෙනවා. 

අන්න ඒවා මොනවද කියලා හොයලා බලමු. 


රියල් නිව්ස්


මේක ටිකක් විමසිල්ලෙන් කියවන්න ඕන කාරණාවක්. දැන් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය වල හැම ප්‍රමුඛ පෙළේ රූපවාහිනී නාලිකාවක්ම, රේඩියෝ නාලිකාවක්ම, පත්තරයක්ම, වෙබ් අඩවියක්ම අප්ඩේට්ස් දෙනවා. ඒවත් හරි නිව්ස් තමයි. 

හැබැයි අපි කියන්නේ එව්වා ගැන නෙවෙයි. මිනිස්සු විසින් ෂෙයාර් කරන නිව්ස් ගැන. විශේෂයෙන්ම ඔය සෝෂල් මීඩියා සෙලිබ්‍රිටිලා විසින් ෂෙයාර් කරන නිව්ස්, නිව්ස් තියෙන මීම්ස් එහෙම සෝෂල් මීඩියා වල ඉන්න අය හරියට විශ්වාස කරනවා. හැබැයි ඒවා ගොඩක් දුරට ෆේක් වෙන්න පුළුවන්. 

අන්න ඒ නිසා සෝෂල් මීඩියා වලට ඇබ්බැහි වීම නිසා ඇත්ත නිව්ස් මිස් වෙන්න පුළුවන්. හැබැයි තව දෙයක්. සෝෂල් මීඩියා වල නැතත් එක නිව්ස් චැනල් එකක් හරි එක පත්තරයක් හරි බැලුවා කියලා රියල් නිව්ස් ලබාගන්නත් බෑ. හොඳම දේ තමයි සවිඥාණිකව නිව්ස් බලන එක සහ නිව්ස් මූලාශ්‍ර කීපයක් බලන එක.



අමතර ඉගෙනීමක්


මේක ඇත්තටම සෝෂල් මීඩියා නිසා නාස්ති වෙන කාලයත් එක්ක බැඳුණු දෙයක්. 

දැන් කාලේ රස්සාවක් ගත්තත් බොහොම තරගකාරීයි. පාසල් අධ්‍යාපනය අවසන් කළා කියලා, ඩිග්‍රියකුත් ගත්තා කියලා විතරක් රස්සාවක ඉහළට යන්න බෑ. ඊට වඩා කොලිෆිකේෂන් දියුණු කරගන්න ඕන, නිරන්තරයෙන්ම ඉගෙන ගන්න ඕන. 

අන්න ඒ වැඩේට ඇත්තටම ඔන්ලයින් වුණත් ඕන තරම් තැන් තියෙනවා. හැබැයි ඉතින් ඒ තැන් හොයාගත්තත්, එහෙම තැනකින් දෙයක් ඉගෙන ගන්න පොඩි හරි කාලයක් කැප කරන්න ඕන. 

හැබැයි තමන් ඔන්ලයින් ඉන්න වෙලාවම ගත වෙන්නේ සෝෂල් මීඩියා වලට නම්, එහෙම අමතරව ඔන්ලයින් ඉගෙන ගන්න එක ගැන හිතලා වැඩක් නෑ!


නිස්කලංක වෙලාවක්


අර කීමට කියනවනේ මේ ලෝකේ ඉන්න වැඩි දෙනෙක් පිස්සෝ වගේ රේස් එකක දුවනවා කියලා. 

ඉතින් ඇත්තටම ඒක බොරුවකුත් නෙවෙයි. අන්න එහෙම ජීවිතයක් පොඩ්ඩක් හරි බැලන්ස් වෙන්න නිස්කලංක වෙලාවක් අවශ්‍යයි. 

ඒ කියන්නේ නිදහසේ පොතක් කියවන්න, නිදහසේ තේ එකක්, කෝපි එකක්, බියර් එකක් බොන්න, නිදහසේ එළිපහළියෙන් වාඩි වෙලා අහස දිහා බලාගෙන ඉන්න. ඔන්න ඔය වගේ නිස්කලංකව ඉන්න වෙලාවක්. 

හැබැයි සෝෂල් මීඩියා ඇබ්බැහිය නිසා සිද්ධ වෙන්නේ මොකද්ද? එහෙම නිස්කලංකව නිදහසේ ඉන්න කියලා වාඩි වෙන වෙලාවකදී වුනත් කරන්නේ ෆෝන් එක අතට අරන් ෆේස්බුක් යන එක. නින්දට යන්න ඇඳට ගියත් කරන්නේ ෆෝන් එක අරගෙන ෆේස්බුක් යන එක. 


අන්තිමට සෝෂල් මීඩියා නිසා තමන්ට නිස්කලංකව ඉන්න එක මොහොතක්වත් නැති වෙලා ගිහින් කියලා තේරෙනකොට පරක්කු වැඩියි.  


මිනිස්සු


මේකත් අද කාලේ සැබෑ ප්‍රශ්නයක්. 

අද කාලේ කීයෙන් කීදෙනෙක්ටද රියල් මිනිස්සු, රියල් යාළුවෝ ඉන්නේ? ඇත්ත. ෆේස්බුක් එකෙන් මුණගැහෙන මැණික් වගේ යාළුවෝ ඉන්න පුළුවන්. 

හැබැයි ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ ෆේස්බුක් එකෙන් මුණගැහෙන, තත්‍ය නොවෙන අවකාශයක ඉන්න මිනිස්සුන්ගෙන් තමන්ගේ ජීවිතේට ඇත්ත දෙයක් එකතු නොවෙන එක. ඒ අයගෙන් සැබෑ යාළුවෝ නොලැබෙන එක.


හැබැයි සෝෂල් මීඩියා වලින් මිදිලා, ඇත්ත ලෝකේ ඉන්න ඇත්ත මිනිස්සු එක සම්බන්ධ වෙන්න පටන් ගත්තොත් තේරෙයි තමන්ට මිස් වෙන්නේ මොන වගේ ජීවිතයක්ද කියලා.



[ASTRO]$type=right$va=0$count=3$show=home

[MOTIVATIONAL]$type=left$va=0$count=3$show=home

[WASTHU]$type=right$va=0$count=3$show=home

STAR GOSSIP$type=three$c=12$cm=0$d=0$a=0$sn=0$h=250$ho=https://stargossip.bottomline.asia

[LATEST ARTICLES]_$type=three$count=12$h=250$space=10$icon=1$m=0$sn=0$rm=0$hide=home

Name

Astro,4,Automobile,3,Family,5,Fashion,5,Finance,3,Healthy,24,Healthy Chef,3,Lifestyle,57,Limitless,7,Readers,13,Science,4,Tech,15,Travel,5,Wasthu,3,Women,9,
ltr
item
LifeLine: මේ දේවල් අපට මග හැරුණේ ඇයි?
මේ දේවල් අපට මග හැරුණේ ඇයි?
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhSAMz3NmrZVWnvnvI4vnhDQXei3pbGVOXMxAGrCLsp-hPSl9MQRxBjy4dz6BNWSefDI7ake1Asxx5uaKhK9HgGTumSXlK7U4SRuLQSh9RiyBeiV-EkBkvxwf2SdGMj_uZlBalvvxqZtt1a_8X3922_yRs1-i3J80rsJ9btWV0gbusAYSQIyXg5tcWB/s16000/missing.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhSAMz3NmrZVWnvnvI4vnhDQXei3pbGVOXMxAGrCLsp-hPSl9MQRxBjy4dz6BNWSefDI7ake1Asxx5uaKhK9HgGTumSXlK7U4SRuLQSh9RiyBeiV-EkBkvxwf2SdGMj_uZlBalvvxqZtt1a_8X3922_yRs1-i3J80rsJ9btWV0gbusAYSQIyXg5tcWB/s72-c/missing.jpg
LifeLine
https://lifeline.bottomline.asia/2022/10/28-why-we-are-missing-that.html
https://lifeline.bottomline.asia/
https://lifeline.bottomline.asia/
https://lifeline.bottomline.asia/2022/10/28-why-we-are-missing-that.html
true
3337541541253042350
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content