Logo
Logo

ඔය ඇස් අමතක නොවෙන්න ..

දිගැටි ලස්සන ඇස් පිහාටු සහ ඝනකම් ඇහිබැම යුගලයකට හිමිකම් කියන්න ඔබත් කැමති ඇති. එසේ නම් අද අප ඔබ වෙතට ගෙන එන්නේ ඇස් පිහාටුවල  ඝනත්වය වැඩි කර ...



දිගැටි ලස්සන ඇස් පිහාටු සහ ඝනකම් ඇහිබැම යුගලයකට හිමිකම් කියන්න ඔබත් කැමති ඇති.

එසේ නම් අද අප ඔබ වෙතට ගෙන එන්නේ ඇස් පිහාටුවල ඝනත්වය වැඩි කර ගැනීමටත්, ඇස් පිහාටු නිරෝගීව පවත්වාගෙන යෑමටත්, ඇස් පිහාටු අකලට හැලීම වළක්වා ගැනීමටත්, ස්වාභාවික අමුද්‍රව්‍ය ඇසුරින් නිවෙසේ‍දීම සිදුකළ හැකි ස්වාභාවික සත්කාරයන් කිහිපයකි. 


පළමු වැනි සත්කාරය

අවශ්‍ය දේවල්


–              ලොකු ලූනු (බීලූනු) ගෙඩි භාගයක්


–              වැස්ලින් ක්‍රීම් තේ හැඳි භාගයක්


–              කුඩා භාජනයක්


–              ඉවත දමන මස්කාරා බෝතලයක බුරුසුවක්


සාදා ගන්නා ආකාරය


පළමුව ලූනු ගෙඩිය පිරිසුදු කොට සෝදා ගන්න. එය කුඩාවට ග්‍රේට් කර ගන්න. දැන් එය පෙනේරයක් ආධාරයෙන් පෙරා ගන්න. එයට වැස්ලින් තේ හැඳි භාගයක් එක් කොට ඩබල් බොයිල් ආකාරයට ස්වල්ප වේලාවක් රත්කර ගන්න. එම මිශ්‍රණය ගනකම් වන විට ළිපෙන් ඉවතට ගෙන පිරිසුදු කුඩා බඳුනකට දමා ශීතකරණයේ ගබඩා කොට කල් තබාගත හැකියි.


භාවිත කරන ආකාරය


ඉවත දමන මස්කාරා බෝතලයක බුරුසුවක් සෝදා පිරිසුදු කොට වියළා ගන්න. දැන් බුරුසුව ආධාරයෙන් රාත්‍රි නින්දට යන විට ඇස් පිහාටුවල සියුම් ආලේප කරන්න. උදෑසනට සෝදා ඉවත් කරන්න.


දෙවැනි සත්කාරය


අවශ්‍ය දේවල්


ලොකු ලූනු ගෙඩි භාගයක්


ඔලිව් තෙල් තේ හැඳි 2ක්


ලොකු ලූනු ගෙඩි භාගය පොතු ඉවත් කොට පිරිසුදු කොට කුඩාවට ග්‍රේට් කර ගන්න. පෙර පරිදිම එය පෙනේරයකින් පෙරා යුෂ ටික වෙන් කර ගන්න. එයට ඔලිව් තෙල් තේ හැඳි  02 එක් කොට මඳ ගින්දරේ ස්වල්ප වේලාවක් උණු කර ගන්න. එය තරමක් රත්වනවිට ළිපෙන් ඉවතට ගන්න. එය නිවෙන්නට තබන්න. එයට විටමින් E කරල් 1ක් කඩා එකතු කරන්න.


භාවිත කරන ආකාරය


රාත්‍රි නින්දට යන විටදී මස්කාරා බුරුසුවකින් ඇස් පිහාටුවල සහ ඇහිබැමවල ආලේප කොට උදෑසනට සෝදා හරින්න.


තුන්වැනි සත්කාරය


අවශ්‍ය දේවල්


–              කෝමාරිකා මදයෙන් ස්වල්පයක්


–              ඔලිව් තෙල් තේ හැඳි කාලක්


–              විටමින් E කරලක්


සාදා ගන්නා ආකාරය


ඉහත ද්‍රව්‍ය ත්‍රිත්වය හොඳින් මිශ්‍ර කරන්න. දැන් එම මිශ්‍රණයෙන් ස්වල්පයක් ඇඟිලි තුඩුවලට ගෙන දිනපතා රාත්‍රියට සියුම් ආකාරයට ඉතාම සෙමින් ඇස් පිහාටු සහ ඇහිබැමවල ආලේප කරන්න. දැන් ඉතාම සියුම්ව විනාඩි කිහිපයක් ඇඟිලි තුඩුවලින් මසාජ් කරන්න.


සිවුවැනි සත්කාරය


අවශ්‍ය දේවල්


-එඬරු තෙල් තේ                                   හැඳි 1ක්


-ඔලිව් තෙල් තේ හැඳි 1ක්


-විටමින් E කරලක්


සාදා ගන්නා ආකාරය සහ භාවිත කරන ආකාරය


ඉහත ද්‍රව්‍ය ත්‍රිත්වය එකට මිශ්‍ර කරන්න. ඉන්පසුව දිනපතා රාත්‍රි නින්දට යෑමට පෙර ඇස් පිහාටුවල සහ ඇහිබැම සියුම්ව ආලේප කොට ඇඟිලි තුඩු ආධාරයෙන් සියුම්ව මසාජ් කරන්න.  මෙම සත්කාරයන් නොකඩවා දිනපතාම දීර්ඝ කාලයක් කළහොත් ඔබට නිරෝගී දිගැටි ඇස් පිහාටු මෙන්ම ගනකම් ඇහිබැම යුගලක් ලබාගත හැකියි.


දිනූෂා මනෝරි නිශ්ශංක


අප්සරා තිලකරත්න

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනි

සැලෝන් අප්සරා

කෝට්ටේ, රාජගිරිය

[ASTRO]$type=right$va=0$count=3$show=home

[MOTIVATIONAL]$type=left$va=0$count=3$show=home

[WASTHU]$type=right$va=0$count=3$show=home

STAR GOSSIP$type=three$c=12$cm=0$d=0$a=0$sn=0$h=250$ho=https://stargossip.bottomline.asia

[LATEST ARTICLES]_$type=three$count=12$h=250$space=10$icon=1$m=0$sn=0$rm=0$hide=home

Name

Astro,4,Automobile,3,Family,5,Fashion,5,Finance,3,Healthy,24,Healthy Chef,3,Lifestyle,57,Limitless,7,Readers,13,Science,4,Tech,15,Travel,5,Wasthu,3,Women,9,
ltr
item
LifeLine: ඔය ඇස් අමතක නොවෙන්න ..
ඔය ඇස් අමතක නොවෙන්න ..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhiAjQRa2kz8xytHHWFBSYaRvteq5cnPWx08sK4HTxTzPhzUbUx0IVO0SvC0dFkN9cmbIP-sN44oEXpltKncq_StnOHe-_gChb_Bx-SOCFVbycyLaoIiMLiZ8vbtYUFA7ECS3DbXRgg2MLZtCXbc3m9dD3Eh5eoFfslQNsxDCefImdnglWqbe8weq_b/s16000/eyes.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhiAjQRa2kz8xytHHWFBSYaRvteq5cnPWx08sK4HTxTzPhzUbUx0IVO0SvC0dFkN9cmbIP-sN44oEXpltKncq_StnOHe-_gChb_Bx-SOCFVbycyLaoIiMLiZ8vbtYUFA7ECS3DbXRgg2MLZtCXbc3m9dD3Eh5eoFfslQNsxDCefImdnglWqbe8weq_b/s72-c/eyes.jpg
LifeLine
https://lifeline.bottomline.asia/2022/10/23-eyes-treetmets-for-womes.html
https://lifeline.bottomline.asia/
https://lifeline.bottomline.asia/
https://lifeline.bottomline.asia/2022/10/23-eyes-treetmets-for-womes.html
true
3337541541253042350
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content