සෑම සාර්ථක මිනිසෙක් පිටුපසම නිවැරදි ගැහැනියක් ඉන්නවා. එහෙනම් සෑම සාර්ථක ව්‍යාපාරිකයෙක් පිටුපසත් නිවැරදි ගැහැනියක් ඉන්නවා. සාර්ථක ව්‍යාපාරි...
සාර්ථක ව්‍යාපාරික කාන්තාවක් නම් බොහෝවිට ඇය පසුපස නිවැරදි පිරිමියෙක් ඉන්නවා.
ගොඩක් ව්‍යාපාරිකයො ව්‍යාපාර ක්‍ෂේත්‍රයේදී යම් සාර්ථකත්වයක් අත්පත් කරගෙන තිබුණත්, විවාහ ජීවිතයේදී අසාර්ථක වෙන හැටි මම දැකලා තියෙනවා. විවාහ ජීවිතයේ ගැටලු නිසාම ඔවුන්ගේ ව්‍යාපාරික සාර්ථකත්වය පවා උපරිම මට්ටමකට නොඑන හැටි මම දැකලා තියෙනවා.
ව්‍යාපාරය විතරක් නෙමෙයි ඕනෑම වෘත්තියක නියැළෙද්දී බොහෝවිට එහි සාර්ථකත්වය සඳහා පුද්ගලයකුගේ විවාහය, පවුල් ජීවිතය කියන දේ සෘජුව බලපානවා.
වෘත්තීය ජීවිතය සහ පෞද්ගලික ජීවිතය පටලවා ගැනීමකින් තොරව ගනුදෙනු කරන්නෙක්ට වුණත් නොසිතන අවස්ථාවලදී විවාහය සහ සහකරුවාගේ තත්ත්වය බලපාන අවස්ථා තියෙනවා.
විවාහය, ආදරය සම්බන්ධ කාරණාවේදී ව්‍යාපාරිකයො විතරක් නෙමෙයි මිනිස්සු බහුතරය ඉලක්කගත වෙන්නෙ රූපයට සහ පෙනුමට.
රූපය, පෙනුම, සිරුරේ හැඩය හොඳනම් ආකල්ප, ගතිගුණ මොනව වුණත් විවාහය ඉක්මන් කරන, පිරිමි මෙන්ම ගැහැනු ඉන්නවා.
මීට වසර 8කට කලින් සකර්බර්ග් ගේ විවාහය බොහෝ දෙනාට උණුසුම් පුවතක් බවට පත් වුණා.
ඒ ඔහු පසුපස සිටින ඔහුට ධෛර්යයක් වුණු, ශක්තියක් වුණු කවුද යැයි දැන ගැනීමට හැමෝටම තිබුණු උදේයාගය නිසා.
කෙසේ නමුත් ඇය ප්‍රිසෙල්ලා චෑන් නම් චීන ජාතික කාන්තාවක් වුණා. විශේෂිතම කාරණාව විදිහට ඇය පෙනුමෙන් සුරූපී කාන්තාවක් වුණේ නැහැ. ලොව ළාබාලතම බිලියනපතියා විවාහ සඳහා සුරූපී කාන්තාවක් තෝරා නොගත්තේ ඇයි? මේ පිළිබඳව විවිධ මතිමතාන්තර ගොඩනැඟුණා.
ප්‍රිසෙල්ලාව සකර්බර්ගට මුණගැහිලා තිබුණේ ඔහු බිලියනපතියෙක් වෙන්න කලින් හාවඩ් විශ්වවිද්‍යාලයේ පැවැත්වුණු එක්තරා සාදයකදී. ඔහු ඇයට ඒ මොහොතෙම පෙම් හමුවකට ආරාධනා කරලා තිබුණා.
“I’m getting kicked out of the university in 3 days .so we need to go on a date quickly”
කොහොම වුණත් ප්‍රිසෙල්ලා සමඟ ආදරයෙන් බැඳිලා ටික කලක් ගතවෙනකොට සකර්බර්ග් තමන්ගේ විශ්වවිද්‍යාල ජීවිතයට සමුදෙනවා.
සමුදීලා මුළු කාලයම තමන්ගේ Facebook ව්‍යාපාරය සඳහා යොදවන්න තීරණය කරනවා.
සකර්බර්ග්ගේ ව්‍යාපාරික සිහිනය යථාර්ථයක් කරගන්න ප්‍රිසෙල්ලා උපරිම අයුරින් සහාය වෙනවා.
විශේයෙන්ම සකර්බර්ග්ට යම් යම් ව්‍යාපාරික තීරණ ගන්න පවා ප්‍රිසෙල්ලා සිය සහාය සපයනවා.
2006දී ඔහුගෙන් ෆෙස්බුක් මිලදී ගන්න බොහෝ සමාගම් ඉදිරිපත් වෙනවා. ඩොලර් බිලියන දෙකක් ගෙවීමට yahoo සමාගමත් ඒ සමඟ එකතු වෙනවා.
ඔහු ඒ කාල සීමාව තුළ තීරණයක් ගත නොහැකිව පීඩනයෙනුයි ඉන්නේ. නමුත් එදත් ඇය ඔහුට නිවැරදිම තීරණය ගන්න පාර පෙන්වනවා.
සකර්බර්ග් ක්‍රමිකව කාර්යබහුල වෙනකොට ඇය වෙනුවෙන් වෙන්කරන කාලය අඩු වෙන්න පටන් ගන්නවා.
නමුත් ඇය ඔහුව හොඳින් තේරුම් අරගෙන සම්බන්ධතාව රැකගන්න උපරිම අයුරින් සහාය වෙනවා.
කොයි තරම් කාර්යබහුල වුණත් සකර්බර්ග් වුණත්, සතියකට වතාවක් ආදර හමුවකට එළියට යා යුතු වීම, මිනිත්තු 100ක කාලයක් ඇය වෙනුවෙන් වෙන් කළ යුතු වීම ආදිය තමන්ගේ ස්වයං නීති බවට පත්කරගන්නවා.
සකර්බර්ග් කැලිෆෝනියාවට පැමිණි විට ප්‍රිසෙල්ලාත් ඔහු සමඟ කැලිෆෝනියාවට පැමිණ වෛද්‍ය උපාධිය හැදෑරීමට පටන් ගන්නවා.
එහෙම ගෙවෙන ආදර සම්බන්ධයකින් පසුව තමයි 2012 වසරේදී පැමිණ සිටින අමුත්තන්ද පුදුමයට පත් කරමින් ඔවුන් විවාහ දිවියට එළැඹෙන්නේ.
“මාක් ගොඩක් විනෝදජනක කෙනෙක්.
ඒක ගොඩක් මිනිස්සු දැක්කේ නෑ. ඒත් මං දැක්කා. ඇත්තටම ඔහු ඉතාම සංවේදී, අනෙක් අය ගැන ගොඩක් හිතන කෙනෙක්.” කොතරම් කාර්යබහුල සැමියෙක් ලැබුණත් ප්‍රිසෙල්ලා ඔහු ගැන නිතරම සතුටින් පවසනවා.
සකර්බර්ග්ගේ විවාහය පිළිබඳ තීරණය නිවැරදි කරමින් විවාහයෙන් පස්සේ ඔහු තව තවත් ව්‍යාපාර ලෝකයේ සිය අණසක පතුරවනවා.
රූපය, පෙනුම, ශරීර හැඩයට වඩා ව්‍යාපාරිකයකුට, සාර්ථක වෙන්න හිතන ඕනෑම වෘත්තියකුට වැදගත් වෙන්නේ සහකරුවාගේ කැපවීම, ළඟ රැඳීම, විශ්වාසය, සහයෝගය ආදී කාරණා බව ඔහු ලොවට හඬගා කියනවා.
ව්‍යාපාරිකයකුගේ විවාහය සම්බන්ධ කාරණාවේදී සහකරුවාගේ බාහිර සුන්දරත්වයට වඩා අභ්‍යන්තර සුන්දරත්වය සැබැවින්ම වැදගත් වෙනවා. අත්‍යවශ්‍ය වෙනවා.
“Find your right spouse, if you wanna be unstoppable in your business”
ප්‍රමේෂ් වික්‍රමසිංහ