Logo
Logo

ඔබේ සිතට එන සිතුවිලි ඔබටම කරදරයක් වෙලාද?

නිතර නිතර අත් සෝදන එක ලෙඩක්ද? ඔබේ සිතට එන සිතුවිලි ඔබටම කරදරයක් වෙලාද? ඔබේ සිතිවිලි නිසා අන් අයට හානියක් සිදුවේ යැයි බියෙන් පසුවනවාද? නිතරම ...



නිතර නිතර අත් සෝදන එක ලෙඩක්ද? ඔබේ සිතට එන සිතුවිලි ඔබටම කරදරයක් වෙලාද? ඔබේ සිතිවිලි නිසා අන් අයට හානියක් සිදුවේ යැයි බියෙන් පසුවනවාද? නිතරම වරදකාරී හැඟීමකින් පෙළෙනවාද? නිතර නිතර අත් සෝදන්න හිතෙනවාද? ඔබේ සිතුවිලි නිසා ඔබ සිටින්නේ පීඩාවෙන්ද? 

මේවා OCD හෙවත් ග්‍රස්ථිය නම් රෝගයේ ලක්ෂණ බව ඔබ දන්නවාද? එහෙනම් අපි අද බලමු මොකක්ද මේ OCD කියන්නේ? කොහොමද OCD තත්ත්වයෙන් මිදෙන්නේ?  කියල. 

1. OCD කියන්නේ මොකක්ද?

මානසික රෝග අතර බහුලවම දක්නට ලැබෙන රෝගී තත්ත්වයක් OCD හෙවත් ග්‍රස්ථිය කියලා හදුන්වනවා.

OCD හෙවත් obsessive-compulsive disorder කියන රෝගය ජනගහනයෙන් 1%කට පමණ පවතිනවා.

මෙම රෝගය නව යොවුන් වියේදී මතු වුවත් කලාතුරකින් දරුවන් අතරද දක්නට ලැබෙනවා.

ඕසීඩී රෝගය ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වය අතරම එක හා සමානව දක්නට ලැබෙනවා.

කලාතුරකින් වැඩිහිටියන්ටද මෙම රෝගය වැලඳීමේ අවදානම තිබෙනවා.

ඇතැම් විට විෂාදය රෝගය හා ඒකාබද්ධව මෙම OCD ලක්ෂණ ඇතිවිය හැකිය.

මෙය දිගුකාලීන සහ නිදන්ගත ආබාධයකි.

මෙය Obsessions සහ compulsions ලෙස කොටස් දෙකකි. obsession යනු දිගින් දිගටම එකම සිතුවිල්ල සිතට ගලා ඒමයි. compulsion යනු obsessionsවලට ප්‍රතිචාර ලෙස දක්වන හැසිරීම් සහ ආතති තත්ත්වයන් මඟහරවා ගැනීමට සිදු කරනු ලබන දේවල්ය. මෙම තත්ත්වයන් දෙක එකට එකතු වූ විට obsessions compulsive disorder කියන තත්ත්වය ඇති විය හැකිය.


2. OCD රෝග තත්ත්වයේ

ලක්ෂණ


–              නැවත නැවත සිතට විවිධ සිතිවිලි ගලා ඒම.


–              එම සිතුවිලි සිතට ගලා ඒම වැළැක්වීමට රෝගියා උත්සාහ දැරීම.


–              එම තත්ත්වය මඟහැර ගැනීමට අපහසුය.


–              නැවත නැවත විවිධ රූප මැවී පෙනීම.


උදාහරණ :


–              සමහරුන්ට තමන් අකැමැති අයගේ රූප නිතර නිතර මැවි මැවී පෙනීම.


–              නැතිනම් භූත රූප, සතුන්ගේ රූප තමන් ඉදිරියේ මැවි මැවී පෙනීම.


–              නැවත නැවත ආවේගයන් ඇතිවීම.


–              මුත්‍රා කිරීම සඳහා ඇතිවන ආවේගයන්


–              යමකට තට්ටු කිරීමට ඇති වන ආවේගයන්.


–              ගමන් කරන බසයකින් එළියට පැනීමට ඇතිවන ආවේගයන්.


විසබීජ නිසා හානියක් සිදුවේ යැයි නිතර නිතර ඇතිවන සිතුවිලි.


මෙම නිසා අධික ලෙස පිරිසුදුව සිටීමට රෝගීන් උත්සාහ ගනිති.


නිතර නිතර දෑත් සේදීම.


අවශ්‍ය පමණට වඩා සේදුම්කාරක භාවිතය.


දීර්ඝ වේලාවක් ස්නානය කිරීම.


විසබීජවලට අමතරව රුධිරය, මේසය මත විසිරුණු කෑම, බි¾දුණු වීදුරු, ශරීර තරලවලට බියක් දැනීම.


පොදු වැසිකිළි භාවිතයට සහ පොදුවේ පරිහරණය කරන දේවල් භාවිතයට බිය වීම.


තම මතකය නිවැරදිද? නැද්ද? යන්න පිළිබඳ සැකයක් ඇති වීම.


නැවත නැවත එකම දේ පරීක්ෂා කිරීම.


‍දාර වැසුවාද? අයන් එක ඕෆ් කළාද? යන දේවල් සාමාන්‍ය වාර ගණන ඉක්මවා පරීක්ෂා කිරීම.


තමන් ජීවත්වන පරිසරයේ තිබෙන දේවල් ගැන අධික සැලකිල්ලක් දැක්වීම.


වැඩි කාලයක් ගෙන තමන්ගේ භාණ්ඩ සමිතියකට හෝ රටාවකට හෝ එක ඉරක් සේ තැබීම.


නිවෙසේ භාණ්ඩ නිතර පිළිවෙළකට තැබීම.


එකම දෙය මේසය මත කිහිප වතාවක් ඔසවා තැබීම.


තමාගේ පොත් රාක්කයේ ඇති පොත් හෝ ඇ¾දුම් රාක්කයේ ඇති ඇ¾දුම් නැවත පිළිවෙළකට ඇසිරීම.


පිළිවෙළකට සකස් කිරීමෙන් අනතුරුවද සෑහීමකට පත් නොවී නැවත නැවත එය සකස් කිරීම.


එක ඉරක් සේ හෝ සමමිතියක් සේ තැබූ භාණ්ඩ එහෙ මෙහෙ වූ විට රෝගියා අපහසුතාවට පත් වේ.


නැවත නැවත ගණන් කිරීමට  සිතෙයි.


ඕනෑම දෙයක් කිරීමට ප්‍රථමව යම්කිසි සංඛ්‍යාවක් දක්වා ගණන් කිරීමට සිතේ. (25 දක්වා ගණන් කිරීම, 50 දක්වා ගණන් කිරීම)


 යම් කාර්යයක් සිදු කිරීමට පෙර තුන් වරක් තට්ටු කිරීමට සිතේ.


යමක් මේසය මතින් තබන විට තුන් පාරක් ඔසවා තැබීමට සිතේ.


තමාට තමාවම පිළි ගැනීමට බැරි ආකාරයේ සිතුවිලි ඇති වේ.


අන් අයගේ සහතික කිරීම් බලාපොරොත්තු වේ.


නිතර නිතර එන මෙම සිතුවිලි නැති කර ගැනීමට නිතර යාඥා කිරීම සිදු කරයි.


මෙම තත්ත්වය යටතේ තවත් ලක්ෂණ කිහිපයක් හ¾දුනාගත හැකිය.


තමාගේ ලිංගිකත්වය (sexual orientation) කුමක්දැයි තමාගෙන් සහ අන් අයගෙන් නිතර නිතර ප්‍රශ්න කරයි.


තමා ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන යන්නේ නිවැරදිම පුද්ගලයා සමඟදැයි නිතර නිතර තමාගෙන් ප්‍රශ්න කරයි.


තමාගෙන් අන් අයට කරදරයක් වේදැයි නිතර සිතයි. (තමාට හානියක් කරගැනීමට හෝ අන් අයට හානියක් කිරීමට පෙලඹේ.)


තමා නිසා අන් අයගේ ලිංගිකත්වයට හානියක් වේදැයි නිතර සිතයි.


ආගම සහ සදාචාරය පිළිබඳ අනවශ්‍ය විදිහට සිතයි. (තමා කරන දේවල්වලට පව් සිද්ධ වේ දැයි, සදාචාර විරෝධී දැයි නිතර සිතයි)


මෙම ආවේග ක්‍රියාත්මක කළහොත් රෝගියාට හානියක් සිදුවන බව දන්නා නිසා අපහසුතාවන්ට ලක් වේ.


එම ආවේගයට විරුද්ධව රෝගියා සටන් කරයි.


බොහෝ වේලාවට එය මැඬපවත්වා ගැනීමට අපහසුය.


3. OCD රෝග තත්ත්වය  ඇතිවීමට බලපාන හේතු


මෙම රෝග තත්ත්වය සෑදීමට හේතු නිශ්චිතවම හ¾දුනා ගෙන නැති නමුත් මොළයේ ඇති විවිධ රසායන ද්‍රව්‍යවල අසමතුලිතතා සහ ස්නායු සම්ප්‍රේෂකවල තිබෙන අසමතුලිතතා ඒ සඳහා බලපානු ඇත. එම ස්නායු සම්ප්‍රේෂකවල සංයුතිය මොළයේ ඇති විවිධ පරිපථවල සංයුතිය වෙනස් වන විට රෝගය ඇතිවන බව විද්‍යාත්මක පර්යේෂණවලින් සොයාගෙන තිබේ.


4. OCD රෝග තත්ත්වය සුව කළ හැකිද?


OCD රෝගය සඳහා ප්‍රතිකාර ඇත.


ඔෟෂධීය ප්‍රතිකාර සහ මනෝ චිකිත්සක ප්‍රතිකාරවලින් මෙම තත්ත්වය පාලනය කළ හැකිය.


ඔෟෂධීය ප්‍රතිකාර පමා නොවී ආරම්භ කළ යුතුය.


විවිධ ඔෟෂධ වර්ග නියමිත මාත්‍රාවලින් දීර්ඝ කාලයක් ලබා ගැනීම සිදුකළ යුතුය.


ඔෟෂධීය ප්‍රතිකාර සහ මනෝ චිකිත්සක ප්‍රතිකාර එකම වෛද්‍යවරයකු යටතේ ලබා ගැනීම තුළින් වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකිය.


මෙය දිගු කාලීනව පවතින රෝගයක් වන බැවින් ඔෟෂධ දීර්ඝකාලීනව ලබා ගැනීම තුළින් සම්පූර්ණයෙන් රෝගය පාලනය කිරීමට හැකිය.


බොහෝ විට රෝගය සුවකර ගැනීමටත් අවස්ථාව තිබේ.


ඇතැම් අවස්ථාවල මෙම ප්‍රතිකාර කිහිපයම සිදුකළද දිගුකාලීනව රෝගය පවතින අවස්ථාද දැකගත හැකිය.


ඇතැම් රෝගීන්ට මෙම රෝගය සුව අතට හැරුණද වරින් වර මතු විය හැකිය.


ඔෟෂධ නියමිත පරිදි ලබාගැනීම තුළින් මුල් අවස්ථාවට වඩා බොහෝ යහපත් ජීවිතයක් ගත කිරීමට හැකිය.


OCD තත්ත්වය පාලනය කිරීමට වඩාත් අවශ්‍ය වන්නේ මුල් අවස්ථාවේදීම රෝගය හ¾දුනා ගැනීම සහ වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වීමයි.


ඕසීඩී රෝග තත්ත්වය හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපනය අඩාල වීම, රැකියා කටයුතු අඩාල වීම, කාලය නාස්ති වීම සහ සමාජීය ජීවිතයට විශාල බලපෑමක්ද ඇති විය හැකිය. එබැවින් OCD රෝගයේ මූලික ලක්ෂණ හ¾දුනාගත් වහාම වෛද්‍යවරයකු වෙත යොමු විය යුතුය.


චමෝදි පෙරේරා


විශේෂඥ


මනෝ වෛද්‍ය


රූමි රූබන්


කරාපිටිය ශික්ෂණ


රෝහල


(0716865407)

[ASTRO]$type=right$va=0$count=3$show=home

[MOTIVATIONAL]$type=left$va=0$count=3$show=home

[WASTHU]$type=right$va=0$count=3$show=home

STAR GOSSIP$type=three$c=12$cm=0$d=0$a=0$sn=0$h=250$ho=https://stargossip.bottomline.asia

[LATEST ARTICLES]_$type=three$count=12$h=250$space=10$icon=1$m=0$sn=0$rm=0$hide=home

Name

Astro,4,Automobile,3,Family,5,Fashion,5,Finance,3,Healthy,24,Healthy Chef,3,Lifestyle,57,Limitless,7,Readers,13,Science,4,Tech,15,Travel,5,Wasthu,3,Women,9,
ltr
item
LifeLine: ඔබේ සිතට එන සිතුවිලි ඔබටම කරදරයක් වෙලාද?
ඔබේ සිතට එන සිතුවිලි ඔබටම කරදරයක් වෙලාද?
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjDFGH4NERinCB2Sjg0Q4tLYUT0eQVG9npuB8hP0dXV0IYFIq0OiehHboJLOsWHZ0ZVzjHC2-FV-WD_0aNpiNLTGq4QPQ9TLSIVmZ5CP5-kLcsNlLs8luVCQiU-GWgxLTByee8nXmR-VTqvx2byexW3yosmowkCDutwVItTGlk6RwYX4IC23QQ9CCgx/s16000/ocd.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjDFGH4NERinCB2Sjg0Q4tLYUT0eQVG9npuB8hP0dXV0IYFIq0OiehHboJLOsWHZ0ZVzjHC2-FV-WD_0aNpiNLTGq4QPQ9TLSIVmZ5CP5-kLcsNlLs8luVCQiU-GWgxLTByee8nXmR-VTqvx2byexW3yosmowkCDutwVItTGlk6RwYX4IC23QQ9CCgx/s72-c/ocd.jpg
LifeLine
https://lifeline.bottomline.asia/2022/10/14-ocd-.html
https://lifeline.bottomline.asia/
https://lifeline.bottomline.asia/
https://lifeline.bottomline.asia/2022/10/14-ocd-.html
true
3337541541253042350
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content