Logo
Logo

ආදරයයි,ආශාවයි දෙකක්

ඉන්දියාවේ ජවහර්ලාල් නේරු සුදු ජාතික  එඩ්විනා මවුන්ටන්ට්බැට්න් ආර්යාව සමඟ එක්තරා කාලයකදී ඉතා ගැඹුරින් ආධ්‍යාත්මිකව බැ‍දෙනවා  ඉන්දීය චින්තනයෙන...




ඉන්දියාවේ ජවහර්ලාල් නේරු සුදු ජාතික  එඩ්විනා මවුන්ටන්ට්බැට්න් ආර්යාව සමඟ එක්තරා කාලයකදී ඉතා ගැඹුරින් ආධ්‍යාත්මිකව බැ‍දෙනවා 

ඉන්දීය චින්තනයෙන් පිරී ගිය විවාහක නේරු වන්නෙක් විවාහක සුදු ජාතික කාන්තාවක් සමඟ දැඩිව බැ‍දෙදෙ කෙසේද කියා සමහර විට ඔබට ප්‍රශ්නයක් මතු වන්නට පුළුවන්. ආර්යාව නේරුට උමතුවෙන් මෙන් ආදරය කළා. 

ඇය ආශා කළ ඇගේ ආත්මය තෘප්තිමත් වන ස්ථානය ඔහුගෙන් පිරී ගියා. ඔවුන් දෙදෙනා එකිනෙකාගේ තනිකම ජය ගැනීමට උපකාරී කර ගත්තා.

සුප්‍රසිද්ධ ලේඛක ඇල්බෙයා කැමූ තමන් විවාහකව සිටිද්දී, ඔහුට දාව දරුවන් සිටියදී සිය දිවියෙන් වැඩි කාලයක් ඔහුගේ පෙම්වතිය වූ මරියා කසාරෙස්ට ඉතා ආදරණීය, ශෘංගාරාත්මක ලිපි යොමු කරනවා. 

එහි ආදරය, විරහව, හිමි කර ගත නොහැකි වීමේ ශෝකය මනාව ගැබ් වී තිබෙනවා. කලාතුරකින් මුණ ගැසෙන ඔවුන් ලිපි මාර්ගයෙන් සිය හැඟීම් ඉතා ආදරණීයව හුවමාරු කර ගන්නවා. 

තරුණ රොමැන්ටික් කවියකු වූ පර්සි ෂෙලී සහ මේරි ගොඩ්වින් අතර ගැඹුරු ආදරයක් හට ගත්තා. ඇය මේරි වොල්ස්ටෝන්ක්‍රාෆ්ට් නම් ප්‍රසිද්ධ ස්ත්‍රීවාදිනියකගේ දියණියයි. 

1822දී බෝට්ටු අනතුරකින් පර්සි මිය ගිය පසු, මේරි නැවත විවාහ වූයේ නැහැ. ඇය පැවසුවේ දක්ෂයකු සමඟ විවාහ වී සිටින නිසා තමාට එසේ නොවන පිරිමියකු හා නැවත විවාහ විය නොහැකි බවයි.

ඉතාලියේ සුප්‍රසිද්ධ කවියා දාන්තේ සහ බියටි්‍රස් නම් තැනැත්තිය අතර ඇති වූ ප්‍රේම සම්බන්ධය අදහාගත නොහැකියි. 

ඔවුන් දෙදෙනාම වෙනත් අය සමඟ විවාහ වී සිටියද ඔවුන්ගේ ප්‍රේමය ජීවිත කාලය පුරාවටම ගලා ගෙන ගියා. බියටි්‍රස් තරුණ වියේදීම මිය ගියත් දාන්තේ ඇය වෙනුවෙන් කාව්‍ය සංග්‍රහයක්ද ප්‍රකාශයට පත් කළා.

දක්ෂ තරුණ මෙක්සිකානු චිත්‍ර ශිල්පිනියක වන Frida Kahlo වෘත්තීය උපදෙස් සෙවීම සඳහා සුප්‍රසිද්ධ බිතුසිතුවම් ශිල්පි රිවේරා හමුවීමට යනවා. එසේ හමු වන්නේ ඔහුගේ චිත්‍රාගාරය තුළයි. 

ඔහු පසු කල පැවසුවේ ඇයට අසාමාන්‍ය ගෞරවනීය භාවයක්  සහ ආත්ම විශ්වාසයක් තිබූ බවයි. එමෙන්ම ඇගේ දෑස්වල තිබූ දීප්තිමත් ගින්නක් මෙන් ස්වභාවය ඔහු කැලඹූ බවද පැවසුවා. 

ඔවුන්ගේ සම්බන්ධය අස්ථාවර වූ නමුත් කාලෝ ඔහුගේ ජීවිතයේ වැදගත්ම කෙනෙක් බව  රිවේරා මුල සිටම දැන සිටියා. ඇගේ සුවිශේෂී දක්ෂතාවන් තවත් ඔහුව ඇද බැඳ තබා ගත්තා.

Kahlo සම්බන්ධයෙන් අදහස් දක්වන විට ඔහු පැවසුවේ, “ඔබ ගායනා කරන විට සවන් දෙන, ලැජ්ජාවක් දැනෙන විට ඔබට සහාය දෙන සහ ඔබේ නිදහසට ගරු කරන, ඔබ සමඟ පියාසර කරන විට වැටීමට බිය නොවන පෙම්වතියක් ඔබට ජීවිතයටම වටින බවය.”

සුන්දර ඉන්දීය නිළි සයිරා භානු විවාහක රාජනේද්‍ර කුමාර් සමඟ වසර 09ක පෙම් සබඳතාවක් පැවැත්වූවා. එය එකල සාම්ප්‍රදායික ඉන්දීය සමාජය කැලඹූ සිදුවීමක් වුණා. ඔවුන් දෙදෙනාගේ අද්විතීය  රසායනය රිදී තිරයේදී මෙන්ම සත්‍ය ජීවිත සිදුවීම්වලදීද ප්‍රේක්ෂකයන් වසඟයට පත් කළා.

පසුව ජනප්‍රිය නළු දිලිප් කුමාර් සමඟ ඇය විවාහ වී සතුටුදායක ලෙස අවසානයේත් රැඳී සිටියා.

මිනිස් ජීවියෙක් තමන්ගේ ජීවිතෙන් හතරෙන් තුනක්ම කරන්නෙ තමන් ආදරය කරන්නන් වෙනුවෙන් කැප වීමයි. මවුපියන්, සහෝදර සහෝදරියන්, පෙම්වතිය, බිරිය, මිතුරු, මිතුරියන් වෙනුවෙන් සිය කාලය සහ ශ්‍රම වැය කරනවා. ඔවුන්ගේ දෛනික ජීවිතය අතරතුර, සියලු සිහින කරා යොමු වන අතරතුර මේ ආදරය කිරීමත් සිදු වනවා.

ආදරය යනු කිසිසේත්ම සංසර්ගයක් මත පදනම් වූවක් නොවෙයි.

මනුස්ස චිත්ත සන්තානයේ ඉහළින්ම පවතින්නේ විශ්වාසය, සෙනෙහස සහ රැකවරණය කෙරෙහි තිබෙන ආශාවයි. 

ඒ සියල්ල සම්පූර්ණ වුණාට පස්සෙ නැවත ගොඩ එන්න අපහසු ප්‍රීතිමත් දිය සුළියකට අපි සියල්ලෝම ඇදී යනවා. එහි ගිලීම්, රිදීම් සියල්ල අපිට දරා ගන්න අප ළඟින්ම සිටින අය ශක්තියක් වෙනවා. 

මෙහිදී අපි කාගෙ කවුරුන්ද? අපි වර්තමානයේ කවුද? අනාගතයේ කවුද? කියන කිසිවක් වැදගත් වන්නේ නෑ. යම් අසීරු කාර්තුවල අපෙන් අෑත්වෙන, ළං වෙන පුද්ගලයන් සියල්ල අපේ මනසේ ගැඹුරින් තැන්පත් වෙනවා. අපි මනසින් ඔවුන්ගේ හැසිරීම් නිරීක්ෂණය කරනවා. 

එමෙන්ම විශ්ලේෂණය කරනවා. අපට කිසිවක් නැති මොහොතක පවා  සීමා විරහිතව යම් කෙනෙක්ගේ සෙනෙහස දැනෙද්දී ඉබේම ඔහු හෝ ඇය වෙත ඇදී යෑමක් සිදු වෙනවා. 

මේ වෙලාවේදී මොළයේ නියුරෝන හරිම උද්වේගයෙන් ක්‍රියා කරනවා. අපිට දැනෙනවා මේ ලෝකෙ සියලුම ප්‍රීතින් අපි සතුයි කියලා. ෆිල්ම්වල වගේ එයා එද්දී හුළඟක් හමනවා වගේ දැනෙන්න පුළුවන්. 

දාහකට වුණත් ගහන්න පුළුවන් තරමෙ එනර්ජි එකක් එයා එක්ක ඉද්දී දැනෙන්න පුළුවන්.

සමහර පිරිමින්  ඉතා ආදරණීය සහ සුන්දර පෞරුෂයකින් හෙබියි. ප්‍රබල චින්තනයකින් සහ තත්ත්වයක් හෙබි ස්වාධීන ගැහැනියක් පවා පිරිමියකුගේ රැකවරණයට දැඩි සේ පෙම් බඳිනවා. ඔහු තමන් ගැන සැලකිලිමත් බව තිබෙන හැඟීම ඔවුන්ට සතුටක් ගෙන දෙනවා.

වර්තමානයේ බොහෝ තරුණ පිරිමි ළමයින්ගේ අවධානය රුවට අමතරව පළමුවෙන් ඇස යන්නේ කාන්තාවකගේ අදහස් සහ කුසලතාවන්ටයි. බුද්ධිමත්, නව අදහස්වලින් පිරුණු සහ අවදානම් භාර ගන්නා  කාන්තාවන් අනාගත ආයෝජනයක් බව බුද්ධිමත් පිරිමින් වටහා ගන්නා දෙයක්.

සම්බන්ධතාවන් වර්ග කිහිපයකට ගත හැකියි.කායික හැසිරීම සඳහා පමණක් ගොඩනැඟෙන සම්බන්ධතා

මෙය ඉතා ප්‍රාථමික සබඳතාවකි. සත්‍ය වශයෙන්ම මෙයට සබඳතාවක් ලෙස පවා නම් දීමට නොහැකියි. මෙහිදී සිදුවන්නේ අවශ්‍යතාවන් තෘප්ත කර ගැනීමක් පමණි. සෙනෙහස සහ රැකවරණය මෙහිදී නොපවතී.

Show off සබඳතා

මෙහිදී රූපය මත, ආකර්ෂණය මත සහ අදහස් මත ඔවුනොවුන් සිය සම්බන්ධතාව ආරම්භ කර ඉදිරියට ගෙන යයි. ඔවුන් බලාපොරොත්තු වන්නේ සැවොම තමන් පර්ෆෙක්ට් කෆල් එකක් යැයි දකිනවාට තිබෙන හුදු ආශාවයි. සෙනෙහස සහ රැකවරණය  මෙහිදී තිබෙන අතර එයට සමගාමීව  ලොවට පෙන්වීමේ ආශාව ඉදිරියෙන් ගමන් කරයි.

කාර්තුමය සබඳතා

මොවුන් සරලවම ආගන්තුකයෝය. යම් ප්‍රතිලාභයක් බලාපොරොත්තුවෙන් ජීවිතයට පැමිණෙන්නන් ලෙස සරලව විග්‍රහ කළ හැකියි. ඔවුන් අනෙකා ගැන සොයා බලන්නේ අවශ්‍යතාවකට පමණි.

ආත්මීය සබඳතා

මෙය විස්තර කිරීමට අපහසු ගැඹුරු සබඳතාවකි. මෙවැනි අවස්ථාවක සෙනෙහස බොහෝ විට අවට සිටින්නන්ට හ¾දුනා ගත නොහැකිය. නමුත් ඔවුන්ගේ සෙනෙහස ඉතා ගැඹුරුය. පරිණතය.

ජීවිතයේ එක්තරා කාල වකවානුවක සිට බොහෝ මිනිසුන් මෙය දිවිය පුරා වුවද අත්දකිනු ලැබේ. දැඩි ආකර්ෂණයකින් සහ සෙනෙහසකින්  ආරම්භ වන නමුත් ජීවිතයේ බොහෝ හැල හැප්පීම්වලට මුහුණ දේ. සෙනෙහස, රැකවරණය හොඳ  මට්ටමකින් පැවතියත් කුණාටු සමයන් හි ඇති වන විවිධ විපර්යාස හේතුවෙන් එය බොහෝ විට අඩු වීම්, වැඩි වීම් අතර ‍ෙදා්ලනය වෙමින් ගලා  යයි.  

සිත් රිදීම් බහුලය. බලාපොරොත්තු රහිතය.

නමුත්, දරා ගැනීම සහ කිසිවක් බලාපොරොත්තු නොවී ආදරය කිරීම මත එම සබඳතා ඉතාම ඉහළ තලයක තැබිය හැකිය. මොවුන් නිහඬ ආදරවන්තයෝය. කුමන තත්ත්වයක් මත වුවද කිසි විටෙකත්  හදවතින් වෙන් නොවේ.

අප නොහදුනනා ජීවිත ඇති, විවිධාකාර ගති පැවතුම් ඇති, නොදන්නා ශෝකාන්තයන් සහ සුඛාන්තයක්ගෙන් පිරී ගිය ජීවිත ගත කරන මිනිසුන් පිළිබඳව බාහිර පුද්ගලයන් විනිශ්චය කරන්නේ කොහොමද?

මේ සියල්ල අහම්බකාරකයන්.  


තාරිකා ද සිල්වා  

[ASTRO]$type=right$va=0$count=3$show=home

[MOTIVATIONAL]$type=left$va=0$count=3$show=home

[WASTHU]$type=right$va=0$count=3$show=home

STAR GOSSIP$type=three$c=12$cm=0$d=0$a=0$sn=0$h=250$ho=https://stargossip.bottomline.asia

[LATEST ARTICLES]_$type=three$count=12$h=250$space=10$icon=1$m=0$sn=0$rm=0$hide=home

Name

Astro,4,Automobile,3,Family,5,Fashion,5,Finance,3,Healthy,24,Healthy Chef,3,Lifestyle,57,Limitless,7,Readers,13,Science,4,Tech,15,Travel,5,Wasthu,3,Women,9,
ltr
item
LifeLine: ආදරයයි,ආශාවයි දෙකක්
ආදරයයි,ආශාවයි දෙකක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg6Z32FHibURWwDBoRpcy1uLASaSGdXTUj_3Wvzp5YFl-EDQQog_Wu4D2aVpxJap5ZMVhD_zfWVEuG0xDlcBWDQmiTEPN7BL_TtnrqtIuMIqZNG4m-ZaivL7lOBpChi0nA-UiuSVyeIO8CdAAdt5mpDmPu40QSC_exsKEeJey0tnSpNRFw8zuAbEt52/s16000/wrstt.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg6Z32FHibURWwDBoRpcy1uLASaSGdXTUj_3Wvzp5YFl-EDQQog_Wu4D2aVpxJap5ZMVhD_zfWVEuG0xDlcBWDQmiTEPN7BL_TtnrqtIuMIqZNG4m-ZaivL7lOBpChi0nA-UiuSVyeIO8CdAAdt5mpDmPu40QSC_exsKEeJey0tnSpNRFw8zuAbEt52/s72-c/wrstt.jpg
LifeLine
https://lifeline.bottomline.asia/2022/10/14-love.html
https://lifeline.bottomline.asia/
https://lifeline.bottomline.asia/
https://lifeline.bottomline.asia/2022/10/14-love.html
true
3337541541253042350
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content