අපි කාගෙත් සිහිනයක් තමයි නිරෝගිමත් සිරුරක් ලබා ගැනීම. ශරීරයක් හැඩ වූ පමණින් එය නිරෝගි ශරීරයක් වෙන්නේ නැහැ. යහපත් සෞඛ්‍ය පුරුදු සහ ආහාර පුරු...
අපි කාගෙත් සිහිනයක් තමයි නිරෝගිමත් සිරුරක් ලබා ගැනීම.
ශරීරයක් හැඩ වූ පමණින් එය නිරෝගි ශරීරයක් වෙන්නේ නැහැ. යහපත් සෞඛ්‍ය පුරුදු සහ ආහාර පුරුදු තමයි මිනිසෙක් නිරෝගිමත් මිනිසෙක් කරන්නේ.
ඔබේ දෛනික ජීවිතයට මේ පුරුදු එක් කරගන්න. එය ඔබව සතුටින් පිරුණු පුද්ගලයෙක් බවට පත් කරයි.
දහවල් ආහාරය ලබා ගැනීමට මිනිත්තු 30කට පෙර ජලය පානය කරන්න
ජලය කියන්නේ ලෝකය බිහි වුණදා පටන්ම මිනිසාගේ මිතුරෙක්. වාතයට පසුව මිනිසෙක්ට අවශ්‍යම දෙය වෙන්නෙත් ජලය. ඒ නිසා මේ පුරුද්ද ඉතා වැදගත්.
දවසට දෙවරක් ග්‍රීන් ටී පානය කරන්න
ග්‍රීන් ටී කියන්නේ ඉතා සෞඛ්‍ය සම්පන්න පානයක්. එය ශරීරයේ නැවුම් බව පවත්වා ගැනීමට උපකාරි වනවා. ඒ වගේම දිගු කාලීන ජීවිතයක් ලබා ගැනීමට උපකාර වෙනවා.
සෙමෙන් ආහාර අනුභව කරන්න
සෙමෙන් ආහාර අනුභව කිරීම ඉතා වැදගත් දෙයක්. මෙසේ ආහාර ගැනීමේදී බොහෝ වේලාවක් ආහාර සැපීමේ හැකියාව ලැබෙනවා. මේ හේතුවෙන් මානසික ඒකාග්‍රතාවක් තබා ගනිමින් ආහාර අනුභව කිරීමේ හැකියාව ලැබෙනවා වගේම අඩු ආහාර ප්‍රමාණයකින් කුසත් පිරෙනවා.
දෛනිකව මිනිත්තු 20ක් ඇවිදින්න
දෛනිකව ඇවිදීම ශරීරයේ අනවශ්‍ය මේදය දහනය කිරීමට උපකාර වෙනවා. මෙසේ ඇවිදීමෙන් හෘදයාබාධ ඇතිවීම වැළකෙනවා වගේම ශරීරය ප්‍රබෝධවත් වෙනවා.
අන්නාසි සහ මිදි ආහාරයට එක්කර ගන්න
අන්නාසි සහ මිදි යනු ඉතා රසවත් පලතුරු බව අපි දන්නවා. මේ පලතුරු තුළ ඇති යම් යම් අම්ල වර්ග ආහාර ජීරණය වගෙම ශරීරයේ අනෙකුත් ක්‍රියාවලීන්‍ට අවශ්‍ය උත්තේජනය සපයනවා.
ක්ෂණික ආහාර මඟහරින්න
ක්ෂණික ආහාර කියන්නේ ශරීරයට ඉතා අහිතකර දෙයක්. ශරීර ස්ථුලභාවය මෙන්ම බොහෝ පිළිකා පවා ඇතිවීමට බලපාන දෙයක් ලෙස ක්ෂණික ආහාර ලබාගැනීම පෙන්වා දෙන්න පුළුවන්.
ව්‍යායාමයෙහි යෙදෙන්න
ව්‍යායාම කියන්නේ ජීවිතයට අනිවාර්ය දෙයක්. ව්‍යායාමවලින් තොරවූ ශරීරයක් කියන්නේ මාරයාට අත වැනීමක්. ව්‍යායාම කියන දෙය ඒතරම්ම අනිවාර්යයි. ව්‍යායාම කිරීම දෛනික පුරුද්දක් කරගැනීමත් ඉතා වැදගත්.
ආහාර වේලට ප්‍රෝටීන් එක්කර ගන්න
ප්‍රෝටීන් මඟින් සිදුකරන්නේ ශරීරයෙහි කැඩී බිඳීගිය කොටස් පෙර පැවැති තත්ත්වයට ගෙන ඒමයි. එනම් යාවත්කාලීන කිරීමයි. එබැවින් ප්‍රෝටීන් යනු ශරීරයට අත්‍යවශ්‍යම පෝෂ්‍යපදාර්ථයකි.
සීනි සහිත පානයන්ට තිත තබන්න
සීනි කියන දෙය අධිකව භාවිත කිරීම එතරම් යහපත් දෙයක් නොවෙයි. ඕනෑම ශරීරයක සීනි මට්‍ටම පවත්වා ගැනීම අනිවාර්ය දෙයක්. ඒ මට්‍ටම පවත්වාගෙන යෑමට අනවශ්‍ය සීනි සහිත පානයන්ගේ වැළකී සිටීම ඉතා යෝග්‍යයි.
කෙඳි සහිත ආහාර යහමින් ගන්න
මලබද්ධය වැනි රෝගවලින් වැළකී සිටීමට කෙඳි සහිත ආහාර ලබාගැනීම ඉතා වැදගත්. ඔබගේ ආහාරයට කෙඳි සහිත ආහාර එකතු කරගැනීම ආහාර ජීර්ණ පද්ධතිය යහපත්ව පවත්වාගෙන හැකියි.