Logo
Logo

ජීවි‌තේට ලංකර ගන්න ‌එපා මෙන්න මේ අය

අපි ජීවිතේදී බොහෝ පුද්ගලයින් ආශ්‍රය කරනවා. ඒ පුද්ගලයන් විවිධාකාර වෙනවා. ඔවුන්ට අපේ අදහස් ගැළපෙනවා වගේම සමහර අවස්ථාවලදී අදහස් නොගැළපීම් ද ඇති...



අපි ජීවිතේදී බොහෝ පුද්ගලයින් ආශ්‍රය කරනවා. ඒ පුද්ගලයන් විවිධාකාර වෙනවා. ඔවුන්ට අපේ අදහස් ගැළපෙනවා වගේම සමහර අවස්ථාවලදී අදහස් නොගැළපීම් ද ඇති වෙන්න පුළුවන්. මිනිසුන්ගේ අදහස් විවිධ වන නිසාත් ගති පැවතුම් එකිනෙකට වෙනස් වන නිසාත් අපි ආශ්‍රය කරන පුද්ගලයින් අපිට නොගැළපෙනවා යැයි හැඟෙන්න අපිට පුළුවන්. 


මේ වගේ අපේ ජීවිතේ අපි අනිවාර්යෙන්ම ඈත් කළ යුතු පුද්ගලයින් හත් දෙනෙක් ගැනයි අද ලිපියෙන් කියවෙන්නේ. මේ පුද්ගලයින් හත්දෙනා කවුද කියලා අපි දැන් බලමු.


1 . උඩින් මිතුරුකමක් පෙන්වමින් සතුරකු ලෙස ක්‍රියා කරන පුද්ගලයෙක්

අපට අපේ ජීවිතයේදී විවිධාකාර වූ පුද්ගලයින් මුණගැහෙනවා. ඔවුන් අපට සමහරවිට එක දවසක් හමුවී ඊළඟ දවස මුණ නොගැසුන සමහර පුද්ගලයින් අපේ ජීවිතවලට ඇවිත් නවතිනවා. 

මේ වගේ අපේ ජීවිතවලට මිතුරුකම් පාමින් එන හැම පුද්ගලයෙක්ම සැබැවින්ම මිතුරු කමින් ඉන්නවද කියන එක ප්‍රශ්නයක්. 

ගොඩක් වෙලාවට ඔයා දක්ෂ කෙනෙක් නම් ඔයා දියුණු වෙන්න හදන කෙනෙක් නම් ඔයත් එක්ක ගොඩක් මිතුරෝ ළංවෙනවා. 

මේ අතරින් සමහර මිත්‍රයින් ඇත්තටම මිතුරු කමක් දක්වන නමුත් සමහරු මිතුරන් වගේ සිට ඇත්තටම කරන්නේ සතුරුකම්. ඔබ වැඩිපුරම පරිස්සම් වෙන්න ඕනේ මෙන්න මේ වගේ පුද්ගලයින්ගෙන්. ඔබට මිතුරෙකුවගේ ඉන්න නිසා ඔබ සමහරවිට රැවටීම්වලට හසු වෙන්න පුළුවන්. ඔවුන් සැබවින්ම කරන්නේ ඔබගේ දියුණුවට බාධා කරන එක. 

ඔබව අධෛර්යමත් කරන එක. එවැනි මිතුරන් ඈත් කර ගැනීමත් ඔබ කළ යුතුම දෙයක් වනවා. ඔබ කළ යුත්තේ උඩින් මිතුරුකම් යටින් සතුරු කම් කියන පුද්ගලයින් ඔබේ ජීවිතයෙන් ඈත් කර සාර්ථකත්වය කරා යන්නට ඔබට අතහිත දෙන පුද්ගලයන් පමණක් ආශ්‍රය කිරීමයි.


2. ඕපදූපකාරයෝ

අපිට හම්බෙන පුද්ගලයින්ගෙන් සමහරු ඇත්තටම කරන්නේ අපේ විස්තර හැමතැනම කියන එක. බොරුවට සුහද කමක් පාමින් තමන් නැති වෙලාවට තමන්ට බණින, තමන්ගේ වැරදි කියන, තමන්ගේ අඩුපාඩුකම් කියන, තමන් කියන්නට එපා කියූ රහසක් කියන එක තමයි ඔවුන් කරන්නේ.

මේ වගේ පුද්ගලයින් ගොඩක් අපි අතර ඉන්නවා. මොවුන් හැම වෙලාවෙම කරන්නේ ඔබේ දියුණුවට බාධා කරන එක. 

ඔවුන් නිසැකවම අපිට ඉරිසියා කරන්න පෙලඹෙනවා. ඔවුන් හැම වෙලාවෙම හිතන්නේ අපේ වැරැද්දක් කියලා සතුටක් ලබන්න. ඉතින් ඔබත් මෙවැනි ඕපදූප කාරයන්ගෙන් ඈත් වෙන්න වග බලා ගන්න ඕන


3. හැඟීම් අවතක්සේරු කරන පුද්ගලයන්

අපට ජීවිතයේ විවිධ පුද්ගලයින් හමු වෙනවා. ඉතින් මේ අතරින් අපේ හැඟීම් තේරුම් ගත්ත පුද්ගලයෙක් අපිට හම්බෙන්නෙ කලාතුරකින්. 

අපේ ගොඩක් වෙලාවට සතුටෙන් ඉන්නකොට අපි වටේ ගොඩක් පුද්ගලයින් එකතුවෙලා හිටියා. අපිට දුකක් කරදරයක් වුණහම අපි ළඟ ඉන්නේ ඉතාමත්ම සුළු පිරිසක් විතරයි. 

මේ වගේ අපිට දුකකදී අපගේ හැඟීම් තේරුම් ගන්න පුද්ගලයින් ඇත්තටම අපිත් එක්ක ඉන්න ඕන පුද්ගලයින්. නමුත් මෙවැනි පුද්ගලයන් සොයා ගන්න ඉතාමත්ම අමාරුයි ඔබ ළඟ සිටිනවා නම් ඔබගේ හැඟීම් තේරුම් ගන්න පුළුවන් පුද්ගලයෙක්. 

ඔහුව ආශ්‍රය කළ යුතුමයි. නමුත් ඔබගේ හැඟීම්වලට විහිළු තහළු කරන ඔබත් සමඟ කරදරයකදී නොසිටින පුද්ගලයින් ඔබ ජීවිතයෙන් ඈත් කර ගත යුතුයි.


4. එකම වරද නැවත නැවත කරන පුද්ගලයින්

පුද්ගලයෙක් අතින් වැරැද්දක් වෙන එක සාමාන්‍ය දෙයක්. නමුත් ඔහු එම වැරැද්ද නැවත නැවත කරනවා නම් එයට සමාව දීම අපි නැවත නැවතත් කරනවා නම් එය බොහෝ විට මෝඩකමක් වෙන්න පුළුවන්. 

ඔබ ඔබේ ඉතාමත්ම සමීප හිතවතෙකුට යම් කිසි වැරද්දක් කර විට එය පෙන්වා දීමට උත්සාහ කිරීමේදී ඔහු එයට පිටුපානවා නම් ඔබ එම පුද්ගලයා අත හැරිය යුතුයි. 

ඔවුන් ඔබට සාර්ථකත්වය ළඟා කර දීමට කිසිසේත්ම කටයුතු කරන්නේ නැහැ. 

ඔබ සිටිනවාටත් වඩා පහත් තත්වයට ඇද දැමීමට ඔවුන් කටයුතු කරනවා. 

මෙලෙස එකම වරද නැවත නැවත කරන පුද්ගලයෙකුට ඔබ සමාව දී එම වරද හදාගෙන ඔබේ ළඟින් තියා ගැනීමට හැකි වුවත් එසේ නොකරනවා නම් ඔබ එම පුද්ගලයා ගෙන් ඉවත්වීම සිදු කළ යුතුයි.


5. පෞරුෂය මවා දක්වන්නෙක්

පෞරුෂය මවා දක්වන පුද්ගලයෙක් කියලා කියන්නේ ඔහු තමන්ගේ ඉදිරියේ එක් ආකාරයකටත් තවත් කෙනෙකු ඉදිරියේ තවත් ආකාරයකටත් හැසිරෙන පුද්ගලයින්ට. ඔවුන් හැම විටම කරන්නේ රඟපෑමක් පමණි. 

ඔවුන්ට ඇති පෞරුෂයක් නැත. ඔවුන් කරන්නෙ ඔබ ඉදිරියේදී හොඳ පුද්ගලයෙකු වීමට හොඳ විදියට හැසිරෙනවා. තවත් කෙනෙකු ඒ කෙරෙහි ඔබගේ ආත්ම ගරුත්වය නැතිවෙන ආකාරයට හැසිරෙනවා. 

මෙලෙස මවාපාමින් පෞරුෂය ගොඩනගා ගන්න සූදානම් වන පුද්ගලයින් ඔබගේ ඇසුරෙන් ඉවත් කළ යුතුයි. නැතිනම් ඔබගේ සාර්ථකත්වයට මෙන්ම ඔබගේ ජීවිතයටද මොවුන් බලපෑම් කිරීමට සැරසෙන්නේ ඔබ නොසිතන ආකාරයකින්.


6. සර්ව අසුභවාදී පුද්ගලයන්

ඔවුන් හැම වෙලාවෙම බලන්න හැමදේම අයහපත් විදිහට දැකීමයි. එයින් ඔබේ මානසික මට්ටම ද පහත හෙළන්න හැකියාවක් තියෙනවා. 

ඒ කියන්නේ ඔබ යම්කිසි අධිෂ්ඨානයකින් ඉන්නව නම් එය අධිෂ්ඨානය නැති කරල දැමීමට මේ සර්ව අශුභවාදී පුද්ගලයන්ට හැකියාවක් තියෙනවා. 

උදාහරණයක් ලෙස ඔබ යම් නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සැරසීමේදී එය ඔබ අසල සිටින පුද්ගලයකුට පවසනවා නම් එම පුද්ගලයා ඔබට එම ව්‍යාපාරය පිළිබඳ පවසන්නේ ධනාත්මක සිතුවිලි නොව අසුබවාදී සිතුවිලි නම් එවැනි පුද්ගලයින් ඔබ ඇසුරෙන් ඉවත් කළ යුතුයි. 

එයින් ඔබට මෙන්ම ඔබගේ චිත්තවේගවලට ද ඇතිවන්නේ අසුභදායි බලපෑමක්.


7. අනෙක් අය සමග වාසිය තකා කටයුතු කරන අය

අප සමාජයේ බොහෝ පුද්ගලයින් සිටින්නේ අන් එකෙකුගෙන් වාසියක් බලාපොරොත්තුවෙන් කටයුතු කරන පුද්ගලයින් ය. 

ඉතින් මෙවැනි පුද්ගලයෙක් ඔබ ළඟට ළංවෙන්නෙ ඔබගෙන් වාසියක් පමණක් බලාපොරොත්තුවෙන්ය. මෙවැනි පුද්ගලයින් හඳුනා ගැනීම වඩා වැදගත් වෙන්නේ එය ඔබේ සාර්ථකත්වයට ඔබගේ මුදල් පසුම්බියට ද හිතකර වන බැවිනි. 

ඇතැම්විට ඔබගේ මිතුරෙක් ලෙස ඔබට ළං වන පුද්ගලයා ඔබ සමඟ මිතුරෙකු ලෙස රඟපාමින් ඔබගෙන් වාසි ලබා ගැනීමට සැරසෙන බවක් ඔබට දැනී ගියොත් ඔබ එම පුද්ගලයාගෙන් ක්‍රමානුකූලව ඉවත් වීමකළ යුතුයි.


 (අන්තර්ජාලය ඇසුරෙනි)

[ASTRO]$type=right$va=0$count=3$show=home

[MOTIVATIONAL]$type=left$va=0$count=3$show=home

[WASTHU]$type=right$va=0$count=3$show=home

STAR GOSSIP$type=three$c=12$cm=0$d=0$a=0$sn=0$h=250$ho=https://stargossip.bottomline.asia

[LATEST ARTICLES]_$type=three$count=12$h=250$space=10$icon=1$m=0$sn=0$rm=0$hide=home

Name

Astro,4,Automobile,3,Family,5,Fashion,5,Finance,3,Healthy,24,Healthy Chef,3,Lifestyle,57,Limitless,7,Readers,13,Science,4,Tech,15,Travel,5,Wasthu,3,Women,9,
ltr
item
LifeLine: ජීවි‌තේට ලංකර ගන්න ‌එපා මෙන්න මේ අය
ජීවි‌තේට ලංකර ගන්න ‌එපා මෙන්න මේ අය
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhvtkLx3nFNc5FMnnlw9zOYpItpargW63pVwFUezq5CXRSYyUFkoRc1iDtjmkneAnvJltjnj1Sbt5hRr78Ngsx-zRXkVzCJiq7YrDLlb-Oi-5KB-UAkNjjb9KP20rYRkJOfYOSXCF0kKlNOqpR3bDTLXhYU5RaOoq-W0pUoxdPVbHeWy3lWyFR_qyDo/s16000/424.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhvtkLx3nFNc5FMnnlw9zOYpItpargW63pVwFUezq5CXRSYyUFkoRc1iDtjmkneAnvJltjnj1Sbt5hRr78Ngsx-zRXkVzCJiq7YrDLlb-Oi-5KB-UAkNjjb9KP20rYRkJOfYOSXCF0kKlNOqpR3bDTLXhYU5RaOoq-W0pUoxdPVbHeWy3lWyFR_qyDo/s72-c/424.jpg
LifeLine
https://lifeline.bottomline.asia/2022/10/11-dont-make-friendship-this-peoples.html
https://lifeline.bottomline.asia/
https://lifeline.bottomline.asia/
https://lifeline.bottomline.asia/2022/10/11-dont-make-friendship-this-peoples.html
true
3337541541253042350
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content