මෝස්තරකාර තරුණ කොල්ලන්ට කෙල්ලන්ට office යන්න, fashion කරන්න tips ටිකක් තමයි අද අපි දෙන්නේ. වෙනදා ගියපු පුරුදු විධියෙන් බැහැර වෙලා, වෙනස් වෙ...
මෝස්තරකාර තරුණ කොල්ලන්ට කෙල්ලන්ට office යන්න, fashion කරන්න tips ටිකක් තමයි අද අපි දෙන්නේ.
වෙනදා ගියපු පුරුදු විධියෙන් බැහැර වෙලා, වෙනස් වෙලා යුනික් විධියට පේන චරිතයක් බවට ඔෆිස් එක ඇතුළෙ පත්වෙන්නේ කොහොමද කියලා තමයි අද අපි කතා කරන්නේ.
01 තමන්ගෙම fashion
ඔයා office wears තෝරා ගනිද්දි ඔයාගෙම style එකක් ගැන හිතලා බලන්න. හැමදාම එකම විදිහට දැකපු ඔයාව අලුත් විදිහට අනිත් අයට පෙන්වන්න ඔයාට පුළුවන්. අපි මේකට ඔයාගේ style එක ටිකක් වෙනස් කරමු.
ඔයා හැමදාම office slack ඇඳපු කෙනෙක් නම් ඔයාට පුළුවන් frock of skirt,tops, blouse ගැන හිතලා බලන්න. එහෙමත්ම බැරි නම් ඔයා අඳින trouser එකම වෙනස් කරගන්න ඔයාට පුළුවන්.
මෙච්චර කල් pensil cut trouser එකක් ඇන්දනම් ඔයාට පුළුවන් faux leather trouser එකක් try කරන්න. නැත්තම් culotte එකක් හෝ wide leg pant එකක් වුණත් ඔයාගේ පෙනුම සම්පූර්ණයෙන් වෙනස් කරාවි.
සාරියක්, ඔසරියක් අඳිනවා වුණත් මෙච්චර කල් දාපු sleeve pattern එක වෙනස් කරන්න, jacket design එක වෙනස් කරන්න ඔයාට පුළුවන් වේවි.
Boy කෙනෙක් වුණත් ඔයා මෙච්චර කල් office ඇන්දේ තනිපාට shirt නම්, ඔයාට පුළුවන් check, Stripes design ,try කරලා බලන්න. ඒ වගේම හැමදාම එකම විදිහට අඳින ඔයාට පුළුවන් skaf එකක්, belt එකක් එක්ක වෙනස් look එකකට යන්න. මේ දේවල්වලින් ඔයාගේ personality එකටත් ලොකු වෙනසක් එකතු කරගන්න පුළුවන්.
02 මැච් කරලා අඳින්න
ඒ වගේම ඔයා ළඟ තියෙන casual dress වුණත් match කරලා ඇන්‍ෙදාත් ඔයාට හරිම ලස්සන look එකක් ගන්න පුළුවන්.
උදාහරණයක් විදිහට ඔයා ළඟ තියෙන casual frock, පුංචි lether belt එකක්, ලොකු hand bag එකක්, coatshoes එකක් match කරොත් ඔයාට ඕනේ official look එක ගන්න පුළුවන්.
ඔයා ළඟ තියෙන සාමාන්‍ය skirt එකක් වුණත් office top/ shirt එකක් එක්ක ඇඳලා unique look එකක් ගන්න පුළුවන්.
ඒ වගේම ඔයා ළඟ තියෙන සාමාන්‍ය t shirt එකක් වුණත් blazer එකක් එක්ක match කරලා අඳින්න boy කෙනෙක්ට වුණත් පුළුවන්. මේ ක්‍රමයෙන් ඔයාගේ look එක boring වෙලා පේන එක නවතිනවා වගේම ඔයාට වෙනස් fashionable look එකකුත් ලැබෙනවා.
03 Colours සහ Materials
Colours සහ matirel ගැන කතා කරද්දි ඔයාට ගොඩක්ම ගැළපෙන වගේම පහසු දේ ගැන අවධානයක් දෙනව නම් හොඳයි.
Office wears වලට colours select කරද්දි වැඩිපුරම neutral colours ගැන බලන්න පුළුවන්. Brown, grey, black, white earth green, bottle green, denim blue වගේ පාට ඕනම එකක් වගේම වෙනත් ඕනම පාටක් එක්ක match කරලා ඔයාට classy official look එකක් ගන්න පුළුවන්.
වැදගත්ම දේ ඔයා මොන job එක කරත්, ඔයා මොන position එකක හිටියත් මේ colours ඔයාට ගැළපෙන එක. ඒ වගේම ඔයාට අලුත් අවුරුද්දේ colours ගැන ටිකක් වැඩිපුර අවධානය දෙන්නත් පුළුවන්. හැබැයි එතැනදි ඔයාගේ job position එක ගැනත්, හිතන්න ඕනේ.
අපි හිතමු ඔයා වැඩිපුරම clientsලා meet වෙන job එකක් කරන්නේ කියලා. එතැනදි ඔයාට පුළුවන් පාට එක්ක ඔයාගේ clientව අල්ල ගන්න. අපි දන්නවා සාමාන්‍යයෙන් blue වගේ පාටකින් අපිට clam, Reliable, stable හැඟීමක් දෙනවා කියලා.
ඒ වගේම කෙනෙක්ගේ personality එක සෑහෙන්න තරමකින් ඉහළ දාන්නත් blue වලට පුළුවන්. ඉතින් එහෙම job එකක් කරන ඔයාට ඔයාගේ wardrobe එකට blue shades dress වැඩිපුර එකතු කරගන්න පුළුවන්. එතකොට ඔයා අලුත් අවුරුද්දේ අලුත් job එකකට interview යනව නම් ඒත් ඔයාට light blue වගේ colour එකක් හොඳටම ගැළපෙනවා.
එතකොට ඔයා manager ,team leader වගේ කෙනෙක් නම්, ඔයාගේ යටතේ කට්ටිය ඉන්නව නම් ඔයාට පුළුවන් ඔයාගේ dress එක්ක red touch එකක් එකතු කර ගන්න. එතැනදී red colour එකෙන් දෙන hot, sexy, over, Arbitrary වගේ feelings වෙනුවට Attention, attraction, leadership වගේ feelings ගන්න ඔයාට පොඩි රතු පාට touch එකකුත් ඇති. Boy කෙනෙක් නම් red tie එකක්, girl කෙනෙක් නම් red necklace එකක් වගේ වුණත් මේ සඳහා use කරන්න පුළුවන්.
එතකොට yellow colour එකෙන් දෙන funny , friendly feeling එක ඔයාගේ fashion එක්ක use කරන්න පුළුවන් promotion සම්බන්ධ වැඩ කරන ඔයාට.
04 Linen සහ Cotton යූස් කරන්න
Matirel ගැන කතා කරනව නම් ඔයාට පුළුවන් කලින් දවසක පැපිරස් mall වලින් අපි කතා කරා වගේ linen, cotton වගේ
matirelවලට යන්න. මෙතැනදී ඔයාගේ පහසුව ගැන මුලින්ම හිතන එක හොඳයි. ඒ වගේම ටිකක් ඉහළ පෙළේ රැකියාවක් කරන මෝස්තරකාරියන්ට පුළුවන් silk blouse වගේ fashion වලට යන්න.
05 Makeup and accessories
ඔයා මොන විදිහේ job එකක් කරත් මේ දෙක නම් අමතක කරන්නම එපා. Simple light makeup එකක් ඔයාගේ පෙනුමට වගේම Self-confidence එකටත් හරිම වැදගත්.
මෝස්තරකාරයෙක් වුණත් නීට් එකට රැවුල කපලා තමන්ට ගැළපෙන hairstyle එකක් කරලා ඉන්න එක වැදගත්.
ඒ වගේම accessories ගැනත් එහෙමයි. ඔයාගේ ඇඳුමේ පෙනුම සම්පූර්ණයෙන් වෙනස් කරන්න accessoriesවලට පුළුවන්.
මෝස්තරකාරියෙක් නම් ඔයා හොඳ පෙනුමැති handbag එකක්, belt එකක්, shoes එකක් ගළපගන්න පුළුවන්.
දැන් ගොඩාක් girlsලා gold jewelleryවලට පුරුදු වෙලා ඉන්නවා වගේම ඒවා නැවත නැවත පලඳින්න තියෙන අපහසුව නිසාම වෙනත් accessories ගැන හිතන්නේ නෑ. ඒත් ඔයාගේ gold jewellery එක්ක වුණත් ඔයාට අනිත් accessories match කරගන්න පුළුවන්.
ඒ වගේම ඔරලෝසුවක් ඔයාගේ office dress එක සම්පූර්ණ කරන වැදගත් දෙයක්. හැබැයි එතැනදී පාට පාට belt තියෙන ඔරලෝසු දානවට වඩා හොඳ brand එකක gold, silver වගේ metal එකක watch එකක් ඔයාට වැදගත් පෙනුමක් එක් කරාවි.
සීගිරි ජයවර්ධන