Logo
Logo

රණ්ඩු එක්ක වැඩිවෙන ආදරේ

හැදිනොගා හදන හොද්දේ රහක් නෑ කියනවා වාගේ. රන්ඩුවක් නැති විවාහ ජීවිතේ කිසි රහක් නෑ. අපි මේ කියන්නේ රන්ඩු වෙන්න කියලානම් නෙමෙයි. මෑතකදී සිදු කළ...


හැදිනොගා හදන හොද්දේ රහක් නෑ කියනවා වාගේ.

රන්ඩුවක් නැති විවාහ ජීවිතේ කිසි රහක් නෑ.

අපි මේ කියන්නේ රන්ඩු වෙන්න කියලානම් නෙමෙයි.


මෑතකදී සිදු කළ සමීක්ෂණයකට අනුව, විවාහක යුවළ 44% විශ්වාස කරන්නේ සතියකට වතාවක් පමණ ආරවුලක් ඇතිවීම මඟින් තම සම්බන්ධතාවය ශක්තිමත් වෙන බවයි. 

ඇත්ත වශයෙන්ම නිතර නිතර රණ්ඩු කරන අයගේ සම්බන්ධතාවය ගොඩාක් ශක්තිමත් හා දිගු කාලයක් පවතිනවා. මොන තරම් පොඩි පොඩි වැරදි වැටහීම් හා ආරවුල් තිබුණත් ඒ අය දන්නවා එයාලගේ ආදරේ අවංක ශක්තිමත් එකක් බව. අපි අද ඔයාලට කියන්නේ නිතර නිතර ඇතිවෙන අඬදබර නිසා ඔයාගේ ආදර සම්බන්ධතාවය ශක්තිමත් වෙන ආකාරය.


1. ඉඳහිට ඇතිවෙන අඬදබර මඟින් සම්බන්ධතාවයේ පරිණත බව පෙන්නුම් කරනවා.


ඔබ මෙතෙක් කල් හිතාගෙන ඉන්න ඇති නිතර නිතර ඇතිවෙන ගැටුම් මඟහරවා ගත්තම ඔබේ සම්බන්ධතාවය ශක්තිමත් වෙනවා කියලා. නමුත් ඒක එහෙම නෙමෙයි, ඔබ දෙදෙනා බහින් බස් වෙන කොට පැහැදිලි මනසකින් තර්ක කරන්න. එතකොට ඔබ දෙදෙනාගේ ආදරය වෙනත් මානයකට යනවා. පරිණත පුද්ගලයින් පහරදීම් හා කෑ මොරදීම් කරන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් උත්සාහ කරන්නේ සම්මුතියකට එළැඹීමට සහ සෞඛ්‍ය සම්පන්න තර්කයක උපකාරයෙන් ඔවුන්ගේ සම්බන්ධතාවය වැඩි දියුණු කිරීමටයි.


2. වාද කිරීම ඔබේ සම්බන්ධතාවේ සෞඛ්‍ය සම්පන්න බවේ ලකුණකි


මනෝ විද්‍යාඥයින් පවසන ආකාරයට ශක්තිමත් හා සෞඛ්‍ය සම්පන්න සම්බන්ධතාවයක ප්‍රධාන කරුණු 7ක් තියෙනවා. එයින් එකක් තමයි තර්ක කිරීම කියන්නේ. ඇත්ත වශයෙන්ම යුවළක් අතර කිසිදාක වාද විවාදයක්, තර්ක කර ගැනීමක් සිදු නොවෙනවා කියන්නේ යම්කිසි නිවැරදි නොවන දෙයක් ඒ සම්බන්ධය තුළ තියෙනවා වෙන්න පුළුවන්. තර්ක කිරීම්, වාද විවාද මඟින් එකිනෙකාට වැදගත් වෙන කරුණු ගැන සාකච්ඡා කිරීම මඟින් එකිනෙකාගේ හැඟීම හා සාරාර්ථ පිළිබඳ නැවත සලකා බැලීමක් සිදු වෙනවා. කෙසේ වෙතත් ඔබේ වාදය ශාරීරික හිංසා තරම් දුරදිග ගෙන නොයාමට වග බලාගන්න. සෑම විටම උස් හඬින් වාද කිරීමෙන් වළකින්න.


3. ඉඳහිට අඬදබර ඇතිවීම මඟින් හෙළි වන්නේ එකිනෙකා ගැන සැලකිලිමත් බවයි


ඇත්ත වශයෙන්ම, ඔබව තරහ අවුස්සන ඔබේ සහකරුගේ යම් යම් පුරුදු නොදැක්කා වගේ ගණන් නොගෙන ඉන්න එක තමයි පහසුම ක්‍රමය. නමුත් අනාගතයේදී වඩා හොද ප්‍රතිඵලයක් ලබා ගැනීම සදහා අඬදබරවලදී ඇතිවෙන සිත් වේදනාවන් හා අපහසුතාවයන්ට ඔරොත්තු දීමට ඔබ සූදානම් වීම ඔබේ සැබෑ ප්‍රේමයේ ලකුණක් විය හැකියි. ඔබ සහකරු සමඟ නිතර නිතර බහින්බස් වීම් වෙනවා කියන්නේ ඔබ ඔබේ ආදර සම්බන්ධතාවය ගැන ගොඩක් සැලකිලිමත් බවයි. ඔබ ඔබගේ ගෙදර ඉන්නකොට මවුපි‍යන්, සහෝදරයන් සමඟ කොයි තරම් බහින් බස් වෙනවද කියලා බලන්න. ඒ ඔබ එකිනෙකා ගැන සැලකිලිමත් නිසායි. සහකරු සම්බන්ධයෙන්ද එය එසේමය. ඔබ නිතර බහින්බස් වෙලා කේන්ති යන තරම් දුරට යනවා කියන්නේ ඔබ ඔබේ සම්බන්ධතාවය පිළිබඳ ලොකු සිහිනයක් දකිනවා කියන එකයි.


4. තර්ක කර ගැනීම මඟින් එකිනෙකා අතර සන්නිවේදනය පහසු කරනවා


ඔබේ සම්බන්ධතාවය තුළ විශ්වාසය ගොඩනඟා ගැනීමට නම් ඔබ නිශ්ශබ්දව ඉඳලා හරියන්නේ නෑ. ඒ වෙනුවට ඔබේ සහකරුට විවෘත මනසකින් එළැඹීම, ඔබේ ක්‍රියාවන්වල වගකීම ගැනීම හා එකිනෙකාට හොඳින් සවන් දීම අවශ්‍ය වෙනවා. තර්ක කීරීම කියන්නේ ප්‍රධාන සන්නිවේදන ආකාරවලින් එකක් වන අතර, වඩාත් අවංක ආකාරයක් නිසා ඔබ දෙදෙනාගේ සමීප භාවයේ හැඟීම්, විශ්වාසය හා සන්නිවේදනය වැඩි දියුණු කිරීමට මෙය උපකාරී වෙනවා.


5. වාද විවාද මඟින් ඔබේ සම්බන්ධතාවේ ශක්තිමත් කරයි


ඔබේ සහකරු සමඟ වාද කිරීමේදී ජය පැරදුම ගැන සිතන්න එපා. වැදගත් වන්නේ එකිනෙකා ගැන දැනගැනීමයි. මෙහිදී ඇති සුවිශේෂි දෙය වන්නේ ඔබට ඔබ ගැනම දැනගැනීමට හැකි වීමයි. එසේම ඔබේ සහකරු සමඟ ගනුදෙනු කළ යුතු ආකාරය ගැන ඔබට දැන ගැනීමට හැකියාවක්ද ලැබෙනවා. ඔබ දෙදෙනා එකතු වී සියලු අභියෝග ජයග්‍රහණය කරන්නේ නම් ඔබේ බැඳීම සම්මුතියකට විත් ශක්තිමත් කරන්නේ කෙසේද කියලා ඔබට ඉගෙන ගන්න පුළුවන්.


6. වාද කිරීමෙන් ඔබගේ අමනාපකම් සමනය වෙයි


සම්බන්ධතාවක් නොකඩවා පවත්වා ගන්නවා කියන්නේ පහසු දෙයක් නෙමෙයි. ඔබ ඔබේ සහකරු ගැන සැලකිලිමත් වන්නේ නම්, සෑමවිටම ඔබේ සීමාවන් නම්‍යශීලි විය යුතුය. ඔබේ සහකරු එසේ නොවන විට ඔබේ සිතේ අමනාපයක් ඇති වෙන්න පුළුවන්. ඔබට වැදගත් කාරණා සම්බන්ධයේදී ඔබේ ස්ථාවරයේ සහකරු නොමැති විට ඔබට කේන්ති යන්න පුළුවන්. තමන්ගේ සහකරුට තමන්ට අවශ්‍ය ඕනෑම දෙයක් කිරීමට පුළුවන් යැයි කියලා හැඟීමක් ආවොත් එය තමයි සම්බන්ධයක් දුර්වල වීමේ මාවත. මේ සඳහා හොඳම දෙය වන්නේ ඔබගේ අමනාපය සඟවා නොසිට එය ප්‍රකාශ කර තමන්ගේ සහකරුට ඒත්තු ගැන්වීමය. ඒ තම තමන්ගේ අවශ්‍යතා වෙනුවෙන් දෙදෙනාටම සම අයිතියක් ඇති බවය.


7. වාද කිරීම් මඟින් ඔබ එකිනෙකා සමඟ එකට සිටීමට ඇති කැමැත්ත පෙන්නුම් කරයි


අධ්‍යයනයන් මඟින් පෙන්වා දෙන අන්දමට යුවළක් කරන ලොකුම වරද එකිනෙකාගේ වැරදි මඟ හැර සිටීමයි. මේ ආකාරයට කිසි දෙයක් එකිනෙකා සමඟ සාකච්ඡා නොකිරීම මඟින් සම්බන්ධතා දෙදරා යන්න පුළුවන්. ඔබ සිතන්න පුළුවන් ගොඩක් සංවේදී කාරණා ගැන සාකච්ඡා කිරීමට යාමෙන් ඔබේ සම්බන්ධතාවයට නරකක් වෙයි කියලා. ඒත් ඒක ඇත්ත නෙමෙයි. දෙදෙනා අතර ඇතිවන ගැටලු සාකච්ඡා කිරීම මඟින් එම ගැටලුවලට අවධානය යොමු කිරීමෙන්ලු දෙදෙනාට සමථයකට පත්වෙන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි ගොඩාක් රණ්ඩු කරන ජෝඩු ගොඩක් කල් එකට ඉන්නේ.


8. ආරවුල් මඟින් ඔබේ ආශාවන් හෙළිදරව් කරයි


සමහර යුවළ ඉන්නවා ගොඩාක් කැමතියි රණ්ඩු කරන්න. ඒකට හේතුව තමයි රණ්ඩු කරනකොට ඔවුන්ගේ හෝර්මෝන වැඩි වීම. රණ්ඩු කරනව කියන්නේ තමන්ගේ යටි සිතේ ඇති ආශාවක හැඟවුම්කාරකයක්. බොහෝ වෙලාවට මේ රණ්ඩු නතර වෙන්නේ ඉතාමත් ශෘංගාරාත්මක විදියට. ඔබේ සම්බන්ධතාවය ශක්තිමත් ලෙස තබා ගැනීමට අවශ්‍ය නම් ඔබේ හැඟිීම් වරින් වර පිට කරන්න. නමුත් මේ සෑම වාදයක් හා ආරවුලක්ම ධනාත්මක ලෙස අවසන් කිරීමට වග බලාගන්න.


 


අන්තර්ජාලය ඇසුරෙන්

[ASTRO]$type=right$va=0$count=3$show=home

[MOTIVATIONAL]$type=left$va=0$count=3$show=home

[WASTHU]$type=right$va=0$count=3$show=home

STAR GOSSIP$type=three$c=12$cm=0$d=0$a=0$sn=0$h=250$ho=https://stargossip.bottomline.asia

[LATEST ARTICLES]_$type=three$count=12$h=250$space=10$icon=1$m=0$sn=0$rm=0$hide=home

Name

Astro,4,Automobile,3,Family,5,Fashion,5,Finance,3,Healthy,24,Healthy Chef,3,Lifestyle,57,Limitless,7,Readers,13,Science,4,Tech,15,Travel,5,Wasthu,3,Women,9,
ltr
item
LifeLine: රණ්ඩු එක්ක වැඩිවෙන ආදරේ
රණ්ඩු එක්ක වැඩිවෙන ආදරේ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEixp2P0zMD5eyjYb_TBBuluH9EyzOtTKIx4AC6BWVYpaX2-EIQcKHbBWKDZkqUpN2h0eoc0XUFUyOqm78nk6psa88yAVGbSYxlj4BRa4LekAG5fuCf22YNSvNZFn7h16Ay7-_8MIHYIEEN1jC6Hm5fTZDG5hwMokGPkWkvQ0WHEg-85BPjYXPPYY2PhyQ/s16000/argument-gc6a3e3abd_640.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEixp2P0zMD5eyjYb_TBBuluH9EyzOtTKIx4AC6BWVYpaX2-EIQcKHbBWKDZkqUpN2h0eoc0XUFUyOqm78nk6psa88yAVGbSYxlj4BRa4LekAG5fuCf22YNSvNZFn7h16Ay7-_8MIHYIEEN1jC6Hm5fTZDG5hwMokGPkWkvQ0WHEg-85BPjYXPPYY2PhyQ/s72-c/argument-gc6a3e3abd_640.jpg
LifeLine
https://lifeline.bottomline.asia/2022/09/23-family-argument-husband-wife.html
https://lifeline.bottomline.asia/
https://lifeline.bottomline.asia/
https://lifeline.bottomline.asia/2022/09/23-family-argument-husband-wife.html
true
3337541541253042350
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content