මෙන්න මේක සරල ජීවිතේකට අත්‍යාවශ්‍ය දෙයක්. අත් හැරිය යුතු දේවල් , අත් හැරිය යුතු මොහොතේදී අත් හරින එක. ඒ කියන්නේ මොකද්ද ? මෙහෙමයි අපි ගෑණ...
අත් හැරිය යුතු දේවල්, අත් හැරිය යුතු මොහොතේදී අත් හරින එක. ඒ කියන්නේ මොකද්ද?
මෙහෙමයි
අපි ගෑණු ළමයෙක්ට කැමතියි කියලා.
එයා අපිට ලොකු කැමැත්තක් හෝ අකමැත්තක් පෙන්නන්නෙත් නෑ.
ඒ නිසා ඉතින් අපි දිගින් දිගටම ඒ පස්සේ පන්නනවා.
හැබැයි ඒකෙන් වෙන්නේ අපේ ජීවිතේ එක මොහොතකදී අනවශ්‍ය විදියට සංකීර්ණ වෙන එක නෙවෙයිද?
අපි, අපිට කැමතිද නැද්ද කියලාවත් දන්නෙ නැති කෙනෙක් ගැන අනවශ්‍ය විදියට බැඳිලා, විඳවනවා කියන්නෙත් ජීවිතේට අනවශ්‍ය සංකීර්ණත්වයක් තමයි.
අන්න ඒ නිසා බෑ කිවුවොත් වහාම අයින් වෙන්න. හා කිවුවොත් එයත්
එක්ක සතුටෙන් ඉන්න. හා බෑ මොකුත් නොකියා ඉන්නවා නම්, එක් දුරකට ආවට පස්සේ අයින් වෙන්න.
මේ දේ අනික් හැමදේටමත් අදාළයි. අනවශ්‍ය වෙහෙසක් දරාගෙන කිසිම තැනක ඉන්නවත්, කිසිම කෙනෙක්ව තියාගන්න උත්සාහ කරන්නවත් එපා.
තේරුමක් නෑ. ජීවිතේට අනවශ්‍ය සංකීර්ණත්වයක් විතරයි.
අන්නඒ නිසා අනවශ්‍ය දේ අයින් කරන්න ජීවිතේ සැහැල්ලු කර ගන්න.
එතකොට වැටෙන හුස්මත් හරිම සැහැල්ලුයි.