රුවුල කියන්නේ ඉතිං කොල්ලෙක්ට ආභරණයක්. පුංචි කාලේ රුවුල මෝදු වෙනකල් ඇඟිලි ගැන්නට මොකද පහුවෙද්දි ජීවිතේ තියෙන කරදරම වැඩක් තමයි රුවුල කපන එක. ඒ...
රුවුල කියන්නේ ඉතිං කොල්ලෙක්ට ආභරණයක්.
පුංචි කාලේ රුවුල මෝදු වෙනකල් ඇඟිලි ගැන්නට මොකද පහුවෙද්දි ජීවිතේ තියෙන කරදරම වැඩක් තමයි රුවුල කපන එක.
ඒ් වුනත් ඉතිං මොන වෙලාවක හරි රුවුල අඩු කරගන්න වෙනවානේ.
අපි හිතුවා රුවුල කරදරයක් කර නොගෙන ලස්සනට තියාගන්න පොඩි ටිප්ස් ටිකක් කියන්න.
පසුගිය සතියේ අපි පළමු ටිප් එක කිව්වා.
අද මේ දෙවෙනි ටිප් එක
හොඳ ෂේවින්ග් බ්‍රෂ් එකක්!
ගොඩක් දෙනෙක් ෂේවින්ග් ක්‍රීම් පාවිච්චි කළත්, සබන් පාවිච්චි කළත් ගාන්නේ අතෙන්. හැබැයි ඒක සාර්ථක වැඩක් නෙවෙයි.
හේතුව මේකයි. හොඳ ෂේවින්ග් බ්‍රෂ් එකකින් ෂේවින්ග් ක්‍රීම් එක මුහුණේ රැවුල තියෙන ප්‍රදේශයේ හැම අස්සක් මුල්ලක් නෑරම සමානව පතුරුවන්න ඉඩ ලබාදෙනවා. එහෙම හැම රැවුල් ගහකම ක්‍රීම් තැවරුණහම සමට හානියක් නොවෙන්න රැවුල බාන එක බොහොම පහසුයි.
ඒ වගේම අර උඩින් කියපු සම ආරක්ෂා කරනා තෙත් ස්ථරයක් ඇතිවෙන විදියට ක්‍රීම් ආලේප කරන එකත් බ්‍රෂ් එකෙන් මිසක් අතින් කරන්න බෑ.
ඒ වගේම බ්‍රෂ් එකෙන් ක්‍රීම් තවරන කොට මැරුණු සම ඉවත් කරලා, රේසරේට සුමටව රැවුල බාන්න පරිසරයත් ෂේවින් බ්‍රෂ් එකකින් නිර්මාණය කරලා දෙනවා.
හැබැයි මතක තියාගන්න, ෂේවින්ග් බ්‍රෂ් එකකින් ෂේවින්ග් ක්‍රීම් මූණේ ගාන එකත් පොඩි ආට් එකක්, හොඳ මසාජ් එකක් මූණට ලැබෙන විදියට රවුමට රවුමට තමයි මේ වැඩේ කරන්න ඕනා!
හොඳ රේසරයක් හෝ දැලිපිහියක්!
දැලිපිහියෙන් රැවුල බාන එකේ අමුතු ක්ලැසික් සීන් එකක් තියෙනවා, හා නැද්ද? හැබැයි පුතෝ දැලිපිහියෙන් රැවුල බාන එක කරන්න පුලුවන් රැවුල බාන්න සුපිරි ප්‍රැක්ටිස් එකක් තියෙන, හොඳටම අත හුරු ඩයල් එකකට විතරයි.
අනික දැලිපිහියක් ටිකක් පාවිච්චි කරන කොට මුවාත තියන්නත් වෙනවා. හොඳම දේ තමයි දැන් ඕනෑ තරම් තියෙන ආරක්ෂිත රේසරයක් භාවිතා කරන එක. හැබැයි මේ විදියේ රේසරයක් එක දිගට පාවිච්චි කරන්න බෑ.
ඝනව රැවුල තියෙන සමහරුන්ට එක පාරක් හෝ දෙපාරක් රැවුල බෑවට පස්සේ රේසරේ විසි කරන්න වෙනවා. හැබැයි ඒකට හොඳ විකල්පයක් තමයි බ්ලේඩ් තල දාන්න පුලුවන් පැරණි තාලේ රේසර්.
මේකෙන් රැවුල බාන්නත් හොඳ ප්‍රැක්ටිස් එකක් වුවමනා නිසා දැලිරැවුල ඊයෙ පෙරේදා ආපු මල්ලිලාට මේ රේසර් අපි රෙකමන්ඩ් කරන්නේ නෑ. හැබැයි මතක තියාගන්න ඕන දේ මේකයි.
රේසර් එකක් වුනත්, බ්ලේඩ් එකක් වුනත් ඉතාම හොඳ තියුණු මුවාතක් තියෙන්න ඕන. එතකොට තමයි සමට අවම හානියකින් රැවුල බාන්න පුලුවන් වෙන්නේ.
ඒ වගේම ඔය නිකම්ම වතුරේ තිබිලා පුස් බැඳිලා තියෙන, මලකඩ කාලා තියෙන රේසර් මූණට ළං කරන්නවත් හිතන්න එපා.
එතකොට රැවුල බෑවට පස්සේ රේසර් එක සුපිරියටම පිරිසිදු කරන්න ඕන. මෙහෙම කියන්නේ නැතිනම් ආසාදන ඇතිවෙන්න ඉහළ ඉඩක් තියෙන නිසා.