Logo
Logo

තමන්ගෙම කියල Business එකකට හීන දකින ඔයාට

වර්තමානයේ බොහොමයක් කාන්තාවන් සහ තරුණියන් ස්වාධීනව කටයුතු කිරීමට වැඩි කැමැත්තක් දක්වනවා.  ඔවුන්ට එලෙස ස්වාධීනව කටයුතු කිරීමට නොහැකි වීමට ප්‍ර...




වර්තමානයේ බොහොමයක් කාන්තාවන් සහ තරුණියන් ස්වාධීනව කටයුතු කිරීමට වැඩි කැමැත්තක් දක්වනවා. 

ඔවුන්ට එලෙස ස්වාධීනව කටයුතු කිරීමට නොහැකි වීමට ප්‍රධාන ලෙස බලපාන බාධක රැසක් පවතිනවා. ඒ අතර තමන්ගේ ආර්ථිකය දුර්වල වීම ප්‍රධානයි. 

එමෙන්ම තමන්ටම කියා ආදායමක් නොමැති නම් කාන්තාවට තම ස්වාමිපුරුෂයා මත යැපෙන්නටත් සිදුවනවා.

ස්වාධීනව කටයුතු කිරීමට නම් පළමුව තමන්ගේ ආර්ථික ශක්තියේ ප්‍රමාණය අතිශය වැදගත් වන බව අමුතුවෙන් පැවසිය යුතු නැහැ. 

අපි අද ඔබට පැවසීමට සූදානම් වන්නේ තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කරමින් තමන්ගේ ආර්ථික ශක්තිය වැඩිකර ගන්නා ආකාරය ගැනයි. 

මෙයින් ඔබට ඒ සඳහා දළ අවබෝධයක් ලබා ගන්නට පුළුවන්. ස්වයං රැකියාවන් සිදුකිරීමේදී විඳ දරා ගැනීමට සිදුවන ලාභ සහ අලාභ තමන්ටම විඳ දරා ගැනීමට සිදුවනවා ඒ නිසා ස්වයං රැකියාවක් ආරම්භ කිරීමට පෙර තමන් ආරම්භ කිරීමට අදහස් කරන ස්වයං රැකියාව පිළිබඳ සහ වෙළෙඳපොළ තත්ත්වය ගැන මූලික විමර්ශනයක් සිදුකිරීම වැදගත්. 

‘දැනගෙන ගියොත් කතරගම, නොදැන ගියොත්  අතරමඟ”  කියලා පැරැණි කියමනකුත් තිබෙනවානේ. 

ඒ නිසා කරන්නං වාලේ ස්වයං රැකියාවක් ආරම්භ කිරීම තමන්ගේ මුදල් පසුම්බියට එතරම් ගුණදායක නැහැ. 

තමන් ආරම්භ කරන ව්‍යාපාරය අනාගතයේදී පැවතිය යුත්තේ කොතැනකද කියලා මූලික අවබෝධයක් තමන්ට නොමැති නම් තත්ත්වය තවත් අයහපත් විය හැකියි. 

ඒ නිසා පාර දැනගෙන කතරගම යනවා වගේ තමන් යන පාර පිළිබඳ අවබෝධයකින් යුතුව තමන්ගේ ව්‍යාපාරය ආරම්භ කිරීම වඩාත් සුදුසුයි.

තමන් ස්වයං රැකියාවක් ආරම්භ කරනවා නම් තමන්ගේ නිෂ්පාදිතය සම්බන්ධව වෙළෙඳපොළ තත්ත්වය විමසා බලන්නටද අවශ්‍යයි. 

ඇත්තටම මොකක්ද මේ වෙළෙඳපොළ තත්ත්වය කියන්නේ? තමන්ගේ නිෂ්පාදනයට වෙළෙඳපොළ තුළ ඉල්ලුමක් තිබෙනවාද?

ඉල්ලුමක් තිබෙනවා නම් ඒ ඉල්ලුම බහුලව තිබෙන්නේ කුමන වර්ගයේ පාරිභෝගිකයන්ගෙන්ද? වෙළෙඳපොළ තුළ දැනටමත් ඔබගේ නිෂ්පාදනයට සමාන තවත් වෙනත් නිෂ්පාදනයක් තිබෙනවාද?  නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගන්න හැකියාව තිබෙනවාද? 

තමන්ගේ ඉලක්කගත පාරිභෝගිකයා කවුද? තරගකරුවන් සිටිනවාද? මේ ආදී කරුණු ගැන මූලික විමර්ශනයක් සිදුකිරීම තමයි වෙළෙඳපොළ අධ්‍යයනයක් කියලා කියන්නේ.

මෙහිදී තමන්ගේ නිෂ්පාදිතයට සමාන තවත් නිෂ්පාදන වෙළෙඳපොළ තුළ දැනටමත් තිබෙනවා නම් ඔබ ඊට වඩා වෙනස් නිෂ්පාදිතයක් ඉදිරිපත් කිරීම හෝ පවතින නිෂ්පාදිතයේ ගුණාත්මක භාවය ඉහළ නංවමින් සහ පවතින නිෂ්පාදිතය වෙනසක් කරමින් වෙළෙඳපොළට ඉදිරිපත් කිරීම මඟින් ඔබගේ නිෂ්පාදනයට වැඩි ඉල්ලුමක් ලබාගන්නට පුළුවන්. 

උදාහරණයක් විධියට කෙනකු පලාවර්ග වගා කර වෙළෙඳපොළට ඉදිරිපත් කරනවා යැයි සිතන්න.

වෙළෙඳපොළ තුළ ඔබ වැනිම පලා වර්ග වෙළෙ¼දාම් කරන අය ඕනෑ තරම් සිටිනවා. මෙතැනදී ඔබට පුංචි අලෙවිකරණ උපක්‍රමයක් භාවිත කරලා අනෙකුත් පලා වෙළෙන්දන්ට වඩා ඔබගේ ආදායම ඉහළ  නංවාගන්න සිදුවනවා. 

වර්තමානයේදී රැකියාවල නියැළී සිටින අයට කාලය කියන්නේ ඉතාම වැදගත් දෙයක්. ඉතින් ඔබ පලා වර්ග වෙළෙදාම්  කිරීමේදී ඒ අවස්ථාවේදීම පලා මිටිය හොඳින් සෝදා කැබලිවලට කපා පාරිභෝගිකයාට ලබා දුන්නොත් පාරිභෝගිකයා වඩාත් සතුටු වෙයි.  

මෙතැනදී ඔබ කාලය කියන හිඟ සම්පත භාවිත කොට ඔබගේ නිෂ්පාදනයට වටිනාකමක් ලබාගන්න. අපිට ඒ වගේ පුංචි පුංචි උපක්‍රම මඟින් තමන්ගේ ස්වයං ව්‍යාපාරය දියුණු කර ගන්න පුළුවන්. 

එලෙස සිදුකළ හැකි ස්වයං රැකියා කිහිපයක් තිබෙනවා.  ඉන් එකක් තමයි කෙසෙල් වෙළෙ¼දාම. ඔබ වගා කරන කෙසෙල් කැනෙන් අමු කෙසෙල්, ඉදුණු කෙසෙල්, බාගෙට ඉදුණු කෙසෙල් වෙන් කරලා ඒවා හොඳට සෝදලා වෙළෙඳපොළට  ඉදිරිපත් කරන්නට පුළුවන්. 

ඒ වගේම හර්බර් ටී ව්‍යාපාරයක් විධියට කරන්නට පුළුවන්. බෙලිමල්,  පොල්පලා, කොතල හිඹුටු, කතුරුමුරුංගා ආදී ඔෟෂධීය වටිනාකමක් තිබෙන පාන වර්ග ඔබට නැවුම් විධියට සහ සිත්ගන්නාසුලු ආකාරයට වෙළෙඳපොළට ඉදිරිපත් කරමින් ආදායම් ලබන්නට පුළුවන්.

ඒ වගේම කෝමාරිකා පානය, මැටි නිෂ්පාදන පාන් නිෂ්පාදන ආදිය ස්වයං රැකියාවන් ලෙස ආරම්භ කරන්නටත් පුළුවන්.

කෙසෙල් පට්ට කියන්නෙත්, පන්, හණ වගේම නූල් ගන්න පුළුවන් ස්වභාවික සම්පතක්. ඇතැම් විට ඔබ මේ ගැන දන්නවා ඇත. 

නොදන්නවා වෙන්නත් පුළුවන්. ඉතිං දන්න නොදන්න සැමටම මේ ගැන අප සඳහන් කරන්නම්. අමු කෙසෙල් පට්ට මඟින් නූල් ලබා ගැනීමේ ක්‍රමයක් පවතිනවා. 

මේ සඳහා නුල් ටොන් කරනා යන්ත්‍රයක් අවශ්‍ය වනවා. එමෙන්ම කෙසෙල් පට්ටා නූල් නිෂ්පාදිතයන්ට වෙළෙඳපොළ තුළ ඉහළ ඉල්ලුමක් තිබෙනවා.

පන්වලින් හදන නිෂ්පාදිත බොහොමයක්ම කෙසෙල් පට්ටා නූල් මඟින්ද සිදු කරන්නට පුළුවන්. අවශ්‍ය වෙන්නේ මේ සඳහා අදාළ දැනුම සහ සම්පත් සපයා ගැනීම පමණයි.  

ඒ වගේම ඔබ දන්නවා ඇති කොට්ටකිලංග ඒවා සාමාන්‍යයෙන් තිබෙන්නේ තල් ගස් වැවෙන ප්‍රදේශවල. 

නමුත් එවැනි පළාත්වලින් ඔබට තල් ගෙඩි සපයා ගෙන කොට්ටකිලං ඔබගේ නිවසේදී වුණත් සාදා ගන්න පුළුවන්.

ඔබට යම් ප්‍රාග්ධනයක් සපයා ගැනීමට හැකිනම් කෙමිකල් නිෂ්පාදන වුණත් සිදුකරන්න පුළුවන්. මේ සඳහා අවශ්‍ය දැනුම සහ තාක්ෂණය රජයේ අධ්‍යාපනික ආයතන මඟින් ඔබට ලබාගන්නටත් පුළුවන්. 

මෙහිදී ඔබට Woods Poety බැටරි  වතුර, තින්ත, ෆිලර් ගම් ආදි නිෂ්පාදිතයන් සිදුකරන්න පුළුවන්. මේ සඳහා ඔබට විදාතා කාර්මික සංවර්ධන මණ්ඩලය, වෘත්තීය පුහුණු අධිකාරිය වැනි ආයතන හා සම්බන්ධ වෙන්න  පුළුවන්.

කුමක් හෝ ස්වයං රැකියාවක් ආරම්භ කිරීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. එය වෙළෙඳපොළ තුළ අලෙවි කර එමඟින් ලාභ ලැබීම අරමුණ කරන්න ඕනී. 

මෙහිදී ඔබගේ ප්‍රදේශයට පමණක් සීමා නොවී දීප ව්‍යාප්තව තමන්ගේ නිෂ්පාදිතය අලෙවි කිරීමට උත්සාහ ගන්න. 

ඔබගේ ව්‍යාපාරය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි නම් කටුබැද්ද වෙළෙඳ මධ්‍යස්ථානය තුළද නිෂ්පාදිතය අලෙවි කර ගැනීමේ හැකියාව තිබෙනවා.

එසේත් නොමැති නම් Online වේදිකාව සමාජ මාධ්‍ය ජාලා ආදිය භාවිත කරමින් එය දීප ව්‍යාප්තව සිදුකරන්න. එවිට ඔබගේ  පාරිභෝගික පිරිස ඉහළ යනවා.  එමඟින් ඔබගේ ආදායමත් ඉහළ නංවාගෙන ආර්ථික ශක්තිය ගොඩනඟාගෙන ස්වාධීනව කටයුතු කිරීමටත් හැකියාව ලැබෙනවා.


නදීරා රාමනායක


[ASTRO]$type=right$va=0$count=3$show=home

[MOTIVATIONAL]$type=left$va=0$count=3$show=home

[WASTHU]$type=right$va=0$count=3$show=home

STAR GOSSIP$type=three$c=12$cm=0$d=0$a=0$sn=0$h=250$ho=https://stargossip.bottomline.asia

[LATEST ARTICLES]_$type=three$count=12$h=250$space=10$icon=1$m=0$sn=0$rm=0$hide=home

Name

Astro,4,Automobile,3,Family,5,Fashion,5,Finance,3,Healthy,24,Healthy Chef,3,Lifestyle,57,Limitless,7,Readers,13,Science,4,Tech,15,Travel,5,Wasthu,3,Women,9,
ltr
item
LifeLine: තමන්ගෙම කියල Business එකකට හීන දකින ඔයාට
තමන්ගෙම කියල Business එකකට හීන දකින ඔයාට
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEikiFtbWEJfvixenniit7-3fkn4Q0dPFro0g7RGa825T5Bz_KfNOarDLtNSh_f-dtTYRBxMtHxhiscwoTOLgZrCWSGZzG3UT-iau4BGvAq7VlrpzxrMJNlM3AatUWdKHY-X2WCIMyFVrqEHMOV43G1TyNZ6fFnfwP6nWiiNYYYY3VJPGO99nCaFNVKK/s16000/businesss.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEikiFtbWEJfvixenniit7-3fkn4Q0dPFro0g7RGa825T5Bz_KfNOarDLtNSh_f-dtTYRBxMtHxhiscwoTOLgZrCWSGZzG3UT-iau4BGvAq7VlrpzxrMJNlM3AatUWdKHY-X2WCIMyFVrqEHMOV43G1TyNZ6fFnfwP6nWiiNYYYY3VJPGO99nCaFNVKK/s72-c/businesss.jpg
LifeLine
https://lifeline.bottomline.asia/2022/09/16-for-new-business.html
https://lifeline.bottomline.asia/
https://lifeline.bottomline.asia/
https://lifeline.bottomline.asia/2022/09/16-for-new-business.html
true
3337541541253042350
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content