හැමෝම මේ දවස් වල පෝලිම් වල ඉඳගෙන උත්සහ කරන්නේ පිටරටකට යන්න. ඒ් වෙනුවෙන් එක එක අයට එක එක හේතු තියෙනවා. කුමන හෝ හේතුවක් නිසා පිට රටකට යන්න හිත...
හැමෝම මේ දවස් වල පෝලිම් වල ඉඳගෙන උත්සහ කරන්නේ පිටරටකට යන්න.
ඒ් වෙනුවෙන් එක එක අයට එක එක හේතු තියෙනවා.
කුමන හෝ හේතුවක් නිසා පිට රටකට යන්න හිතාගෙන ඉන්නවා නම් මේ කියන්න යන විස්තර ටික ගොඩාක් වැදගත් වේවි.
මොකද දැන ගියොත් කතරගම නැත්නම් පුතේ අතරමග
1. භාෂාව හදාගැනීම
ඒ ඒ රටට අදාළ භාෂාවන් දැනගන්න එක ඒ රටවල් වලට යන්නට ලොකු රුකුලක් වෙනවා.
ජර්මන් යනවානම් ජර්මන් භාෂාවත්, ප්‍රංශය දිහා ඉගෙනගන්න වගේ යනවා නම් ප්‍රංශ භාෂාවත් දැනගෙන යන්නට ඕන වෙනවා.
ඇමරිකා සහ ගොඩක් යුරෝප් රටවල ඉංගිරිසි බස කොමන් භාෂාවක් විදියට පාවිච්චි වෙනවා.
ඉංගිරිසි දැනගෙන යම් ඉහළ මට්ටමකට IELTS, TOEFL වගේ එක්සෑම් එකක් පාස් වෙන මට්ටමට ඉගෙනගන්න එක බොහොම වැදගත්.
2. අධ්‍යාපන සුදුසුකම්
ගොඩක් ඉගෙනගෙන PhD, MSc වලටත් රට යන්න පුළුවනි.
ඒ වගේම අපි නොහිතන සමහර පැතිවලට රට රටවල රැකියා අවස්ථා තියෙනවා.
කාර්මික රැකියාවන්, කොණ්ඩා කැපීම, මසාජ් තෙරපි, වැඩිහිටියන් සහ ළමුන් බලාගැනීම, කුඩා පන්තිවලට ඉගැන්වීම, ඉදිකිරීම් ආදී විශාල ක්ෂේත්‍ර ගණනාවක් දියුණු රටවලදි රැකියා විදියට හමුවෙනවා.
විශාල අධ්‍යාපනික සුදුසුකම් නැතත් වෘත්තීය සුදුසුකම් ටිකක් ගාණට සෙට් කරගත්තා නම් දියුණු රටකට යන්න ඒක බොහොම වැදගත් වෙනවා.
3. පළපුරුද්ද.
අපි සරල උදාහරණයට ගමු වයරින් වැඩ කරන කෙනෙක්.
ඇත්තටම වයරින් වැඩ ලංකාවේ වෙන විදිහ සහ විය යුතු විදිහ වෙනසක් තියෙනවා. අපේ බොහෝ ක්ෂේත්‍ර වලදි නියම තාක්ෂණය භාවිතා වෙන්නේ නැහැ.
මේ වගේ වෙලාවකදි සමහර විට අපිට සහතික තිබුනත් අපේ හැකියාව පෙන්වන්න වුනොත් එතැනදී ගැටළු එනවා.
ඒ නැතත් කාර්මික අංශයේ වැඩකට ගියොත් ඒ තැන්වල වැඩ කරද්දි ඒ පසුබිම තුළ වැඩකරන්න පුරුද්දක් තියෙන්නට ඕනි.
සාමාන්‍යයෙන් ලංකාවෙන් රට යන්න ඉන්න අය මුලින් මැදපෙරදිග සහ ආසියානු මැලේසියා, සිංගප්පූරු වගේ රටවලට යනවා.
ගිහින් ජාත්‍යන්තර මට්ටමට කිට්ටු විදියට පළපුරුද්දක් ගන්නවා. ඉන් පසු ඒ පළපුරුද්ද දියුණු රටකට යන්න ලොකු උදව්වක් වෙනවා.
අන්න ඒ් නිසා හැමදේටම කලින් මෙන්න මේ ටික සම්පූර්ණ කරගෙන ඉන්න.
ඒ්ක ජීවිතේ දිනන්න ඔයා දකින හීනෙට ලොකු පිටිවහලක් වේවි.