රුවුල කියන්නේ ඉතිං කොල්ලෙක්ට ආභරණයක්. පුංචි කාලේ රුවුල මෝදු වෙනකල් ඇඟිලි ගැන්නට මොකද පහුවෙද්දි ජීවිතේ තියෙන කරදරම වැඩක් තමයි රුවුල කපන එක....
රුවුල කියන්නේ ඉතිං කොල්ලෙක්ට ආභරණයක්.
පුංචි කාලේ රුවුල මෝදු වෙනකල් ඇඟිලි ගැන්නට මොකද පහුවෙද්දි ජීවිතේ තියෙන කරදරම වැඩක් තමයි රුවුල කපන එක.
ඒ් වුනත් ඉතිං මොන වෙලාවක හරි රුවුල අඩු කරගන්න වෙනවානේ.
අපි හිතුවා රුවුල කරදරයක් කර නොගෙන ලස්සනට තියාගන්න පොඩි ටිප්ස් ටිකක් කියන්න.
අද අපි කියනවා පළමුවෙනි ටිප් එක.
කණ්ණාඩිය ඉස්සරහට ගිහින් සබන් ටිකක් මූණේ අතුල්ලලා රේසරෙන් කපාගෙන කපාගෙන යන්නේ නැතිව
බොහොම නීට්, පිරිසිදු, වඩාත් හැන්ඩ්සම් පෙනුමක් ගන්න මේ ක්‍රම වලින් පුළුවන් වේවි.
යොදාගන්න අවශ්‍ය වතුර
මෙන්න සාර්ථකව ෂේව් කරන්න අත්‍යාවශ්‍ය කාරණයක්.
ගෙදර හොට් වෝටර් ගීසර් එකක් එහෙම තියෙනවා නම් මඳ රස්නේ වතුරෙන් ෂවර් පාරක් දාලා රැවුල කපන්න ආවට කමක් නෑ.
එහෙම නැතිනම් රස්නේ වතුරෙන් මුහුණ හොඳට සෝදලා රැවුල කපන්න පටන් ගන්න එක හොඳයි.
මෙහෙම මූණ හෝදන කොට සුමුදු සබන් වර්ගයක් හරි ෆේස් වොෂ් එකක් හරි පාවිච්චි කළත් කමක් නෑ.
ඊළඟට රැවුල සම්පූර්ණයෙන්ම කපලා ආයෙමත් මූණ හෝදනවනේ.
ආන්න ඒකට ගන්න ඕන සීතල වතුර.
ඒකෙන් රැවුල කපලා ඉවර වුනහම මූණේ තැන් තැන්වල ඉදිමුම් ගතියක් එන එක සහ දැවිල්ල අල්ලන එක නැතිවෙනවා.
හොඳ ක්‍රීම් එකක්.
ගොඩක් දෙනෙක් ෂේවින්ග් ක්‍රීම් පාවිච්චි කරන්නේ නැත්තේ විවිධ මිත්‍යා මත නිසා.
සමහරු කියනවා රැවුල ෂේවින්ග් ක්‍රීම් හින්දා ඉක්මනට ඉදෙනවා කියලා.
තවත් සමහරු කියනවා රැවුල ගොරෝසු වෙනවා කියලා.
හැබැයි ඉතින් හොඳ ෂේවින්ග් ක්‍රීම් එකක් තෝරගත්තොත් ඔය මොන ප්‍රශ්නයක්වත් නෑ.
ඔය හොඳ ෂේවින්ග් ක්‍රීම් එකක් කියලා අදහස් කරන්නේ, සමට හිතකර සහ ෂේවින්ග් ක්‍රීම් එකකින් වෙන වැඩේ හරියටම සිද්ධ වෙන ෂේවින්ග් ක්‍රීම් එකක්.
හොඳ ෂේවින්ග් ක්‍රීම් එකකින් හම හොඳින් ස්නේහනය කරන එක වගේම රැවුලත් පහසුවෙන් කපන්න පුලුවන් විදියට තෙත් කරන එකත් සිද්ධ වෙනවා.
ඒ වගේම රැවුල රේසරෙන් කපනකොට හමට උඩින් ආවරණයක් විදියටත් ක්‍රියාත්මක වෙනවා.
ඔන්න වැඩේට අවශ්‍ය ප්‍රධාන කරනා ගැන කිව්වා තව දවසක තවත් ටිප්ස් කියන්නම්.
එහෙනම් කම්මැලි නොවි රුවුල හැඩකර ගනිමු.
අන්තර්ඡාලය ඇසුරින්