Logo
Logo

හස්බන්ඩ්ලා දැනගන්නම අවශ්‍ය වයිෆ් කැමති දේවල්

හැම කෙනෙක්ම කැමති නිදහසේ ඉන්න. කොයිතරම් වැඩ රාජකාරි තිබුණත් අපි කැමති පොඩි වෙලාවක් හරි නිදහසේ ඉන්න. ගෙදරක ඉතිං ගොඩාක්ම කාර්ය බහුල කාන්තාවනේ ...



හැම කෙනෙක්ම කැමති නිදහසේ ඉන්න.

කොයිතරම් වැඩ රාජකාරි තිබුණත් අපි කැමති පොඩි වෙලාවක් හරි නිදහසේ ඉන්න.

ගෙදරක ඉතිං ගොඩාක්ම කාර්ය බහුල කාන්තාවනේ ඒ් නිසාම අපි හිතුවා ඒ් අය කොහොමද තමන්ට ලැබෙන නිදහස් වේලාව ගත කරන්න කැමති කියලා ඔයාලට කියන්න.

මේක කාට නැතත් හස්බන්ලාට හොඳටම ගැලපේවි.

බලන්න එහෙනම් එයාලා කැමති විදිහ


1. නිදහසේ ස්නානය කොට විවේකයක් ගන්න

ගොඩාක් වෙලාවට වයිෆ්ලාට සිද්ධ වෙන්නේ දඩිබිඩියට නාලා කරලා අනික් වැඩ කරන්න දුවන්නනේ. 

ඊළඟට කරන්න තියෙන වැඩ ගැන හිත හිත තමා පොඩි වොශ් එකක් උනත් දාගන්නේ. 

ඉතින් නිදහස් වෙලාවක් ලබුණාම වයිෆ්ලා හරිම කැමතියි නානකාමරේ ශවර් එක යටට වෙලා හිතේ හැටියට නා ගන්න, ලා උණුසුම් වතුර පිරුණු බාත් ටබ් එකකට වෙලා සනීපෙට වැඩිපුර වෙලාවක් ඉන්න. 

ඇත්තටම එයින් ලැබෙන මානසික සනීපයට කාන්තාවෝ හරිම කැමැතියි.

2. නව ආහාර වට්ටෝරු පරීක්ෂා කිරීම

ගොඩාක් වයිෆ්ලා තමන්ට විවේක කාලයක් ලැබුනාම අලුත් ආහාර වට්ටෝරු උත්සාහ කරලා බලන්න කැමතියි.

 කාන්තාවෝ කොහොමත් කැමතියි තමන්ගේ කුසලතා වලින් අනිත් අයව පුදුම කරන්න. 

ඒ නිසා වයිෆ්ලා අලූත් රෙසිපියක් එහෙම දැක්කාම ඒක අත්හදාබලන්න හරිම කැමතියි. 

දඩිබිඩියට කෑම හදන එක ඉතින් හැමදාම කොහොමත් කරන්න වෙන නිසා මේ වගේ අලුත් දෙයක් දැක්කාම ඔන්න තමන්ට නිවාඩු පාඩු වෙලාවක් එනකම් බල බලා ඉන්නේ අත්හදා බලන්න.

3. නිවස පිරිසිදු කිරීමේ, පිළිවෙල කිරීමේ කටයුතු

සාමාන්‍යයෙන් නිවස පවිත‍්‍ර කිරීමේ කටයුත්තක් කියන්නේ ටිකක් වෙහෙසක් ගෙනෙන දෙයක්නේ. 

කවුරු හරි මේ කටයුතු තමන්ගේ නිදහස් වෙලාවට කරනවද? ඔව්. වයිෆ්ලා තමන්ට කලාතුරකින් හරි ලැබෙන නිදහස යොදාගන්නේ නිවස සුද්ධ පවිත‍්‍ර කරන කටයුතු වලට. 

එදිනෙදා කොහොමත් කෙරෙන පිරිසිදුකිරීම් වලට අමතරව ටිකක් කල්වේලා අරන් නිවස පිරිසිදු කරන්න, අලංකාර කරන්න, ගාර්ඩ්න් එක ලස්සන කරන්න වගේ දේවල් ටිකක් වැඩි වෙලාවක් අරන් කරන්න තමන්ට නිදහස් වෙලාවක් ලැබෙනකම් වයිෆ්ලා බල බලා ඉන්නේ. 

කවුරුත් අසළ ගැවසෙන වෙලාවල් වලට වඩා තමන් තනිවම සිටින වෙලාවල් වල ඔවුන්ට හරි පහසුයි මේ පිරිසිදු කිරීමේ කටයුතු රිසි ලෙස කරගන්න.

 4. තමන්ගේ සුන්දරත්වය රැකගැනීමට අවශ්‍ය යමක්

තනිකඩ ජීවිතේදි වගේ නෙමෙයි විවාහ වුනාට පස්සේ තියෙන නොයේකුත් රාජකාරි එක්ක තමන්ගේ සිරුරේ සුන්දරත්වය ගැන වෙහෙසෙන්න වයිෆ්ලාට වැඩි වෙලාවක් ලැබෙන්නේ නැහැනේ. 

ඉතින් තමන්ට ලැබෙන නිදහස් කාලේදි ඔවුන් තමන්ගේ රුව රැක ගන්න අවශ්‍ය යමක් කරන්න පෙළඹෙනවා. බොඩි ස්ක‍්‍රබ් එකක්, මුහුණට පොඩි පැක් එකක්, දෙපා සත්කාරයක්, නිය අලංකාර කිරීමක්, අලුත් කොණ්ඩා විලාසිතාවක් අත්හදා බැලීමක් වගේ යමක් ඔවුන් තමන් වෙනුවෙන් කරගන්න උත්සාහ කරනවා.


 5. තමන්ගේම සිතිවිලි ලෝකයක තනි වීම

අපි හැමෝටම තියෙනවා අපේ හිත් ඇතුළේ තමන්ගේම කියලා හැදුණු ලෝකයක්. 

ඉතින් වයිෆ්ලාත් කැමැතියි මේ ලෝකේ තනිවෙන්න. 

අතීතයේ දේවල් මතක් කරන්න, අනාගතය සැලසුම් කරගන්න, වර්තමානය ගැන හිතන්න. සුන්දර අසුන්දර මතක එක්ක ඔහේ කල්පනා ලෝකයේ සරන්න ඔවුන් වඩාත් ප‍්‍රිය කරනවා.

6. අනෙක් ගැහැණු යහළුවන් සමඟ කතා බහ කර කර ඉන්න

ගැහැණු කියන්නේ කොහොමත් කතාවට බර පිරිසක්නේ. 

හැම කෙනෙක්ටම ඉන්නවා තමන්ගේ හැමදේම කතා බහ කරන්න තමන්ම තෝරාගත්තු පිරිසක්. 

වයිෆ්ලාත් එහෙමයි. ඔවුන් හරිම කැමැතියි තමන් ඒ තෝරාගත්තු පිරිස එක්ක දවසම උනත් කතා කර කර ඉන්න. මේකට ඇත්තටම කිසිම සීමාවක් අදාළ නැහැ. 

ලෝකේ දෙකොනේ හිටියත් දුරකථනය හරහා හෝ අන්තර්ජාලය හරහා හෝ සම්බන්ධ වෙලා, තමන් වඩාත් ප‍්‍රිය කරන යෙහෙළියෝ එක්ක තමන්ගේ අදහස් හුවමාරු කරගන්න වයිෆ්ලා හරිම කැමැතියි.

7. රොමෑන්ටික් චිත‍්‍රපටි නැරඹීම

තමන්ට හුදකලාවේ, නිදහසේ ඉන්න ලැබුනාම වයිෆ්ලා හරි කැමතියි තමන් කැමැති නළුවෙක්ගේ, නිළියෙක්ගේ චිත‍්‍රපටියක් නරඹන්න. 

හැබැයි හස්බන්ඩ්ලා වගේ ක‍්‍රියාදාම චිත‍්‍රපටි නම් නෙමෙයි වයිෆ්ලා තෝරාගන්නේ. 

රොමෑන්ටික්, සංවේදී චිත‍්‍රපටි තමයි ඔවුන්ගේ වැඩි ප‍්‍රියතාව. ගොඩාක් වෙලාවට මේ චිත‍්‍රපටි බල බලා තනිවම අඬන අවස්ථාත් නැතුවම නොවෙයි.


අන්තර්ඡාලය ඇසුරෙන්

[ASTRO]$type=right$va=0$count=3$show=home

[MOTIVATIONAL]$type=left$va=0$count=3$show=home

[WASTHU]$type=right$va=0$count=3$show=home

STAR GOSSIP$type=three$c=12$cm=0$d=0$a=0$sn=0$h=250$ho=https://stargossip.bottomline.asia

[LATEST ARTICLES]_$type=three$count=12$h=250$space=10$icon=1$m=0$sn=0$rm=0$hide=home

Name

Astro,4,Automobile,3,Family,5,Fashion,5,Finance,3,Healthy,24,Healthy Chef,3,Lifestyle,57,Limitless,7,Readers,13,Science,4,Tech,15,Travel,5,Wasthu,3,Women,9,
ltr
item
LifeLine: හස්බන්ඩ්ලා දැනගන්නම අවශ්‍ය වයිෆ් කැමති දේවල්
හස්බන්ඩ්ලා දැනගන්නම අවශ්‍ය වයිෆ් කැමති දේවල්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj6zAoBAEgFH2xqOwPDSoZ26mj09dARzDuEQ2RTInFFeIVC5EEUkWbRxGLkj5zq_LcpHx0bnvkwSX8n3xbh34JAyRyc2x2pF3ePb18mdQ-iqJW5v_OJlll0zvenB5rp_DkIHMjmRBxw0NnO9NT35vzKLqamYpE-5tVk7C5l3EsCeIPsp0E00Ww0Bld2/s16000/Untitled(6).jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj6zAoBAEgFH2xqOwPDSoZ26mj09dARzDuEQ2RTInFFeIVC5EEUkWbRxGLkj5zq_LcpHx0bnvkwSX8n3xbh34JAyRyc2x2pF3ePb18mdQ-iqJW5v_OJlll0zvenB5rp_DkIHMjmRBxw0NnO9NT35vzKLqamYpE-5tVk7C5l3EsCeIPsp0E00Ww0Bld2/s72-c/Untitled(6).jpg
LifeLine
https://lifeline.bottomline.asia/2022/09/14-whawivesliketodo-whenthearefree.html
https://lifeline.bottomline.asia/
https://lifeline.bottomline.asia/
https://lifeline.bottomline.asia/2022/09/14-whawivesliketodo-whenthearefree.html
true
3337541541253042350
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content