Logo
Logo

රාජකීය පවුලටම වෙන්වූ නීති

ලෝකයේ මේ වන විට රාජකීය පවුල් ඉන්නේ කුඩා ප්‍රමාණයක්.  මේ අතරිනුත් බ්‍රිතාන්‍ය රජ පවුල ගොඩක් වෙලාවට කතා මවන මාතෘකාවක් බවට පත් වෙනවා.  බ්‍රිතාන...


ලෝකයේ මේ වන විට රාජකීය පවුල් ඉන්නේ කුඩා ප්‍රමාණයක්. 

මේ අතරිනුත් බ්‍රිතාන්‍ය රජ පවුල ගොඩක් වෙලාවට කතා මවන මාතෘකාවක් බවට පත් වෙනවා. 

බ්‍රිතාන්‍ය රැජිණ කියන්නේ රාජකීය පවුලේ වැදගත්ම සාමාජිකාව. රජකීය ඉතිහාසය වසර 1200 විතර පැරණි බව සඳහන් වෙනවා. 

වර්තමාන රාජකීය පවුල ආරම්භ වෙන්නේ 1917 දී පස්වන ජෝර්ජ් රජුගෙන් පසුව. එදා සිට කුමර කුමරියන් රැසක් රජ පවුලට එක්වීම සහ රජ පවුලෙන් ඉවත් වීම සිද්ධ වෙනවා.

වත්මන් බ්‍රිතාන්‍ය රජකීය පවුලට ඔවුන්ටම අනන්‍ය වූ නීති රීති පද්ධතීන් පවතිනවා. 

එයාල අඳින්න ඕනි ආකාරය, විවිධ ස්ථාන වල හැසිරෙන්න ඕනි විදිහ, කොණ්ඩය සකස් කරන්න ඕනි ආකාරය වාගේ නීති රීති ගොඩක් පවතිනවා. 

මේ නීති රීති වලට පවුලට ඇතුල් වූ කුමර කුමරියන් අභියෝග කරන අවස්ථාද නැතිව නොවේ. 

බ්‍රිතාන්‍ය රජ පවුලේ සාමාජිකයන් ඇඳුම් පැලඳුම් ඇඳීමේදී හා රූපලාවන්‍ය කටයුතු සිද්ධ කිරීමේදී පිළිපැදිය යුතු සුවිශේෂී වූ නීති රීති හතක් ගැන ඔයාලට කියන්නයි මේ සූදානම.


01. රාජකීයන් විදේශ සංචාර වලදී කළු පාට ඇඳුම් ඇඳිය යුතුයි

මහා බ්‍රිතාන්‍ය තුලදී රාජකීයන් කළුපාට ඇඳුමින් සැරසී සිටිනවා දකින්න ලැබෙන්නේ ඉතා කලාතුරකින්. හැබැයි විදේශ සංචාර සඳහා සහභාගී වීමේදී ඔවුන් කළු පට ඇඳුමින් සැරසී සිටිනවා. 

මේකට බලපාන හේතුව 1952 දක්වා දිව යනවා. දෙවන එලිසබෙත් රැජින කුමරියක ලෙස ඉන්න කාලේ ඇය රටින් පිටත සංචාරයකට ගොස් තිබෙනවා.

ඒ අතර ඇයගේ පියා වන 6 වන ජෝජ් රජු මිය ගිය බව ඇයට දැන ගන්න ලැබෙනවා. මේ නිසා සංචාරය නවතා ඇයට එන්න සිද්ධ වෙනවා. 

හැබැයි බ්‍රිතාන්‍යයට ගොඩ බසින විට ඇයට පියාගේ අවමංගල්‍යයට සහභාගී වෙන්න සුදුසු ඇඳුමක් ළග තිබුනේ නෑ. 

ඒ නිසා සුදුසු ඇඳුමක් රැගෙන එන තෙක් ඇයට ගුවන් යානය තුල ඉන්න සිද්ධ වුනා කියලා සඳහන් වෙනවා. 

මේ සිද්ධියෙන් පස්සේ විදේශ සංචාරයන් සඳහා යාමේදී මෙන්ම නැවත පැමිණීමේදී කළු පාට ඇඳමෙන් සැරසීම රාජකීයන්ට අනිවාර්‍ය කර තිබෙනවා.


02. රාජකීය පවුලේ සාමාජිකාවන් උත්සව අවස්ථාවලදී තමන්ගේ තොප්පිය පැළඳීම අනිවාර්‍ය වෙනවා

අපි නම් අව්වට විතරනේ තොප්පියක් දාන්නේ. ඒත් රජපවුලේ සාමාජිකාවන් සහ රජපවුලට සම්බන්ධවන කුමරියන් උත්සව අවස්ථාවලදී හිසට තොප්පියක් පැළඳ සිටීම අනිවාර්‍යයෙන්ම කළ යුතු දෙයක් විදියටයි සම්ප්‍රදාය පවතින්නේ. 

මේ නීතිය 1950 දශකයේ සිට පැවැත එන්නක්. ඒ වාගේමයි ඔවුන් මහජනතාව සහ විවිධ රාජ්‍ය නායකයින් සහභාගී වන උත්සවයක් හෝ මොන යම් උත්සවයකට ආවත් රාජකීය ඇඳුමේම කොටසක් ලෙස තොප්පිය පැලඳිය යුතු බව කියවෙනවා. 

මේ සම්බන්ධ අනෙක් වැදගත් දෙය තමයි සවස හයෙන් පස්සෙ තොප්පි පැළඳීමක් රාජකීයන් සිද්ධ කරන්නේ නෑ. 

නමුත් අවස්ථා කිහිපයකදී ඩයනා කුමාරිය මෙන්ම විලියම් කුමාරයාගේ ආර්‍ය්‍යාව වන කේට් කුමරියත් මේ නීතිය උල්ලංඝනය කර තිබුනා.



03. අත්බෑග සහ පර්ස්

රුජින හැම විටම අත්බෑගයක් රැගෙන යන බව ඔයාල දැක ඇති. නමුත් කුමරියන් බොහෝ දෙනෙක් යන යන තැන රුගෙන යන්නේ පර්ස් එකක්. 

ඒකට හේතුව තමයි අත්බැගයක් රැගෙන ගියාම කෙනෙක්ට අතට අත දීම සිද්ධ කිරීම ටිකක් අපහසු වීම. 

ඒ අපහසුතාවය වැලැක්වීමටයි ඒ නීතිය සම්ප්‍රදායක් ලෙස සම්මත කරලා තියෙන්නේ. නමුත් රැජින අත් බෑගයක් පාවිච්චි කරනවා. 

මේ විදියට රුජින අත්බෑගය භාවිතා කරන්නේ විශේෂ හේතුවක් නිසා. ඊට හේතුව ඇයගේ අත් බෑගය ආරක්ෂකයන්ට විවිධ සංඥා ලබාදීමට භාවිතා කිරීම. 

නමුත් කුමරියන්ට පර්ස් එකක් භාවිතයට උපදෙස් දීල තියෙනවා කියලයි ආරංචිය. මේගන් කුමරිය තමන්ගේ පළමු රාජකීය උත්සවයේදී අත්බෑගයක් රැගෙන විත් තිබුනා. 

එය මාධ්‍ය වල පවා කතා බහට ලක් වුනා. නමුත් එදායින් පස්සේ ඇය බ්‍රිතාන්‍යයේ සිටින විට එවැන්නක් කලේ නැති බවයි සඳහන් වෙන්නේ.



04. තද පැහැති නිය ආලේප පාවිච්චි කිරීම කුමරියන්ට තහනම්

රාජකීය පවුලේ කුමරියන්ට තද පැහැති නිය ආලේපන එහෙම නැතිනම් නේල් පොලිෂ් භාවිත කිරිම සපුරා තහනම්. 

තද රතු, කහ, නිල් විවිධ එකිනෙකට වෙනස් වර්ණන්ගෙන් නියපොති පාට කරන්න තහනම්. ලා පාට ආලේපන වලින් තමයි ඔවුන්ට නිය ආලේපන තෝරා ගැනීමට උපදෙස් දීල තියෙන්නේ. රැජින සතුව නිය ආලේපන බෝතල් දහස් ගණනක් තියෙනවා. 

කේට් කුමරිය කැමතිය ලෝකප්‍රකට නිය ආලෙපන වර්ගය තමයි Allure නිය ආලේපනය. කෙසේ නමුත් රාජකීය පවුලේ කුමරියන් තාමත් එය අභියෝගයට ලක් කරන්න පෙළඹිලා නෑ කියල තමයි සඳහන් වෙන්නේ.


05. ඕවර් මේකප්, ඕනෑවට වැඩියෙන් මේකප් තහනම්

මේක රුජින නිතරම අවධාණය යොමු කරන නීතියක් කියලයි විදේශ වෙබ් අඩවි පවසන්නේ. හරිම සරල මේකප් එකක් දාන්න කියලයි කියෙන්නේ. 

තද පැහැති තොල් ආලේපන භාවිතා කිරීමත් සපුරා තහනම්. 

රජ පවුලේ ප්‍රධාන කුමරියන් වූ කෙට්, මේගන්, ඩයනා මේ නීතිය හොඳින් පිලිපැද්ද කියලා සඳහන් වෙනවා. 

1952 දී දෙවන එලිසබෙත් රුජිනගේ රජ්‍යත්වයෙන් ඔටුනු පැලදි උත්සවයේදී සූදානම් වීමට ඇයට එදා පාවිච්චියට කිසිවෙකු පාවිච්චි නොකල ලිප්ස්ටික් වර්ගයක් නිර්මාණය කලා කියලා සඳහන් වෙනවා. 

ලෝකප්‍රකට තොල් ආලේපන සන්නාමයක් වන Clarins තොල් ආලේපනය මුලින්ම ආරම්භ කලේ දෙවන එලිසබෙත් රුජින වෙනුවෙන් බව සඳහන්.



06. මහජන හමුවලදී අත් වැසුම් පැළඳීම අනිවාර්යයි

රැජින, රජාකීය කුමරියන් අත්වැසුම් නිතරම පැලද ඉන්නවා අපි දකිනවා. සම්ප්‍රදායික නීතියට වඩා රජකීයන්ගේ ආරක්ෂාව සඳහා ගත් පියවරක් ලෙස සඳහන් කරනවා. 

මේ නිසා මහජනතාව අතර ගැවසීමේදී රජකීයන් ඉතිහාසයේ සිටම අත් වැසුම් පැලඳීම සිද්ධ කර තිබුනා. හැබැයි ඩයනා කුමරිය මේ නීයට අභියෝග කලා. 

ඇය පවසා තිබුනේ ජනතාවට අත් වැසුම් පැළද අතට අත දීම මගින් ඔවුන් සහ රජකීයන් අතර දුරස් බවක් ඇති වෙනවා කියලා. 

ඇගේ අඩිපාරේ යමින් මේගන්, කේට් කුමරියන් අත්වැසුම් පළඳින්නේ නැතිව මහජතාව අතරට යන්න දැන් පෙළඹිලා තියෙනවා. නමුත් මෙය සම්ප්‍රදායක් ලෙස තවමත් සඳහන් වෙනවා.


07. රැජින කැපී පෙනෙන දීප්තිමත් වර්ණ ඇඳිය යුතුයි

මෙය රජ පවුලේ සම්ප්‍රදායක්. රැජින අනික් පුද්ගලයන්ට වඩා හැම විටම කැපීපෙනිය යුතු බව සම්ප්‍රදායක්. 

කොළ, නිල්, තැඹිලි, කහ ආදී ඉතාම තද පැහැයක් ගන්නා ඇඳුම් රැජින අඳිනව බව විදේශීය මාධ්‍ය තුල සඳහන් කරනවා. 

නමුත් ඇය සමග රාජකීයන් ගමන් ගන්නා අවස්තාවලදී කුමරියන් රැජිනට වඩා හැම විටම ලා පැහැති ඇඳුමින් සැරසී සිටීම අනිවාර්‍යයය. ඒ රැජින ඔවුන්ට වඩා හොඳින් කැපී පෙනීමටයි.

(අන්තර්ජාලය ඇසුරින්)

[ASTRO]$type=right$va=0$count=3$show=home

[MOTIVATIONAL]$type=left$va=0$count=3$show=home

[WASTHU]$type=right$va=0$count=3$show=home

STAR GOSSIP$type=three$c=12$cm=0$d=0$a=0$sn=0$h=250$ho=https://stargossip.bottomline.asia

[LATEST ARTICLES]_$type=three$count=12$h=250$space=10$icon=1$m=0$sn=0$rm=0$hide=home

Name

Astro,4,Automobile,3,Family,5,Fashion,5,Finance,3,Healthy,24,Healthy Chef,3,Lifestyle,57,Limitless,7,Readers,13,Science,4,Tech,15,Travel,5,Wasthu,3,Women,9,
ltr
item
LifeLine: රාජකීය පවුලටම වෙන්වූ නීති
රාජකීය පවුලටම වෙන්වූ නීති
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhLDdw1KGy_m-9vTBmx0FlFwG31Two83o7HsXWaZefghs8QVnyyfVqnkHqScce7THRqTEzd1I08DWcheGHPs2OtRwU26xUCLR3dep141D-SGE-g9KeSRttVL0VIGwoHRLnwX7aMJxU0Bc3kYwF4-gZHNJ8zLbeTC0SnV4WvUnE8w8rzIzRN1QqTpvJS/s16000/Untitled(21).jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhLDdw1KGy_m-9vTBmx0FlFwG31Two83o7HsXWaZefghs8QVnyyfVqnkHqScce7THRqTEzd1I08DWcheGHPs2OtRwU26xUCLR3dep141D-SGE-g9KeSRttVL0VIGwoHRLnwX7aMJxU0Bc3kYwF4-gZHNJ8zLbeTC0SnV4WvUnE8w8rzIzRN1QqTpvJS/s72-c/Untitled(21).jpg
LifeLine
https://lifeline.bottomline.asia/2022/09/12-rules-of-royal-family.html
https://lifeline.bottomline.asia/
https://lifeline.bottomline.asia/
https://lifeline.bottomline.asia/2022/09/12-rules-of-royal-family.html
true
3337541541253042350
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content