සුරතල් මසුන් නැතිනම් හුරතලේට ඇති කරන මාළු කිව්වහම කවුද නොදන්නේ. අපි කවුරුත් පුංචි කාලේ ඉදලා කොන්දේසි විරහිතව මාළුන්ට ආසාකලා. ඒ අතරින් කෙනෙක්...
සුරතල් මසුන් නැතිනම් හුරතලේට ඇති කරන මාළු කිව්වහම කවුද නොදන්නේ.
අපි කවුරුත් පුංචි කාලේ ඉදලා කොන්දේසි විරහිතව මාළුන්ට ආසාකලා.
ඒ අතරින් කෙනෙක් තමා ‘ගෝල්ඩ් ෆිෂ්’ කියන්නෙ.
මේ ගෝල්ඩ් ෆිෂ්ලා එහෙමත් නැත්නම් සිංහලෙන්ම කිව්වොත් රත්රන් මාළුන් සම්බන්ධව මිනිසුන් අතර මිථ්‍යා විශ්වාස පවතිනවා.
මේ ඒ ගැන කතාව.
වර්තමානයේදී කුඩා පොකුණුවල හා ටැංකි ආශ්‍රිතව වෙසෙන මාළුන් විශේෂයකි ගෝල්ඩ් ෆිෂ්. ප්
රමාණයෙන් තරමක් කුඩා රවුම් ස්වභාවයක් උසුලන මෙම මත්ස්‍යයන් රත් පැහැයට හුරු රන්වන් පැහැයක් දරනවා.
ඒ අනුව දුරාතීතයේ සිටම ඔවුන් රත්රන් පැහැති බව සඳහන් වෙනවා.
ඒ අනුව මෙම සත්ත්වයන්ව මිනිසා විසින් ඇති කිරීම උදෙසා භාවිත කිරීමේ වෘතාන්තයේ මූලය චීනය වෙත දිව යනවා.
මීට වසර දහසකට පමණ ප්‍රථම චීනයේ සිටි මිරිදිය මත්ස්‍ය ව්‍යාපාරයේ නිරතව සිටි ගැමියන් තමන්ගේ ඉතා පිරිසුදු ජල මූලාශ්‍රවල සිටින අපූරු ස්වභාවයක් උසුලන මාළුන් විශේෂයක් දකිනවා.
මෙම මාළුන් අනෙක් මාළුන් අතර ආකර්ෂණීය වීමට ඔවුන්ගේ අපූරු දිලිසෙන කහ – රතු පැහැය හේතුවක් විය.
එසේම ඔවුන්ගේ ශරීර ප්‍රමාණය කුඩා වීමත් එක්ක මෙම ගැමියන් සිතනවා මොවුන් තමන්ගේ නිවාස ආශ්‍රිතවම බෝ කරවීමට.
ඒ අනුව රැගෙන යන මෙම ගෝල්ඩ් ෆිෂ්ලා තමන්ගේ නිවාස ආශ්‍රිතව නිර්මාණය කළ පොකුණුවල අභිජනනය කරවමින් පැතිරවීමට කටයුතු කරනවා.
කාලයත් සමඟ චීනය විසින් ගෝල්ඩ් ෆිෂ්ලා මහා පරිමාණයෙන් අභිජනනය කළ අතර එය කෙතරම් ඉහළ ජනප්‍රියතාවක් ලබාගත්තාද කිවහොත් චීනයේ ප්‍රභූ පෙළැන්තියේ පවුල් සමහරෙක ගෝල්ඩ් ෆිෂ් යනු පවුලේ සංකේතයක් ලෙසද සලකන්නට විය.
17 වැනි සියවස වනවිට ගෝල්ඩ් ෆිෂ් චීනයේ සිට යුරෝපය හා ජපානය වෙත ගෙන යෑමෙන් එහිද ප්‍රචලිත විය.
18 වැනි සියවස වනවිට ගෝල්ඩ් ෆිෂ් උතුරු ඇමරිකාව බලාද සංක්‍රමණය වන්නට විය. කාලයත් සමඟ ලොව පුරාම ගෝල්ඩ් ෆිෂ් ඉතා ප්‍රචලිත සුරතල් මත්ස්‍යයෙක් විය.
චීනය තුළ ගෝල්ඩ් ෆිෂ් සතුව බොහෝ විශ්වාසයන් පැවැතිණි. ගෝල්ඩ් එනම් රත්රන් යනු අතීතයේ සිටම ලෝකය පුරා ඉහළ වටිනාකමක් මෙන්ම ප්‍රසිද්ධියක් ඉසිලූ ලෝහයක් විය.
එම ආකාරයේම තත්ත්වයක් ගෝල්ඩ් ෆිෂ් වෙතද චීන වැසියන් ලබාදුන්නා. විශේෂයෙන් චීනයේ සිටි ඉහළ පාලනාධිකාරිය හා ප්‍රභූ පෙළැන්තිය ගෝල්ඩ් ෆිෂ් මඟින් තමන් හට ධනය හා සමෘද්ධිය ලබාදෙන බව විශ්වාස කළා.
එසේම රාජකීය නොවන කිසිවෙක්ට ගෝල්ඩ් ෆිෂ් ආහාර සඳහා භාවිත කිරීමද සපුරා තහනම් වුණි.
ගෝල්ඩ් ෆිෂ් උන්මාදයක් බවට පත් කරමින් චීන මුද්‍රණ කර්මාන්තය සඳහාද ගෝල්ඩ් ෆිෂ් ඡායාරූපයක් ලෙස යොදා ගැනිණි.
එමඟින් සියල්ල සුබ වේ යැයි ඔවුන් තුළ අමුතු ගුප්ත විශ්වාසයක් ගොඩනැංවීය.
කාලයත් සමඟ ගෝල්ඩ් ෆිෂ්ලා ආහාරයට ගැනීම ඉතා අවමව ඔවුන් රැක බලාගත යුතු පිරිසක් බවට පත් කිරීමට බෞද්ධ සංස්කෘතිය ඉවහල් වූ බව පෙනේ.
එහිදී බොහෝ බෞද්ධ භික්ෂුන් ‘දයාවේ පොකුණ’ නම් ස්ථානයක් නිර්මාණය කොට එය ගෝල්ඩ් ෆිෂ්ලාගේ නිවහනක් බවට පත් කළා. බොහෝ මිනිසුන් ආහාරයට මත්ස්‍යයන් රැගෙන ගියද ගෝල්ඩ් ෆිෂ්ලා එම කොටසින් ඉවත් කොට මෙවැනි පොකුණුවලට අභයදානය පිණිස පරිත්‍යාග කළා.
ඒ අනුව මෙම මත්ස්‍යයන් බෞද්ධ භික්ෂුන් විසින් රැකබලා ගත්හ. එහි ප්‍රතිඵලයක් ලෙස අනෙක් මත්ස්‍යයන්ට වඩා ඉහළ ගහනයක් මෙන්ම වර්ණවත් ගෝල්ඩ් ෆිෂ් පරම්පරා මේවායේ අභිජනනය විය.
තවදුරටත් කාලය ගතවීමේදී ගෝල්ඩ් ෆිෂ්ලා ෆෙන්ග් ෂුයි ශාස්ත්‍රය තුළටද අෑඳා ගත්හ. එසේම එමඟින් සමහරු මිථ්‍යා මතද නිර්මාණය කළහ. කළු පැහැ ගෝල්ඩ් ෆිෂ්ලා මින් මැඳුරක හෝ නිවෙසේ මාළු ටැංකියක විසීම අසුබ බව නැති වන බවට ප්‍රචලිත විය.
නමුත් සමහර රටවල කළු වර්ණය අසුබ බවේ වර්ණයක් ලෙසද සලකනු ලැබේ. කෙසේ නමුත් වර්ණ හා මසුන් ප්‍රමාණය අනුව ෆෙන්ග් ෂුයි ශාස්ත්‍රයේදී ගෝල්ඩ් ෆිෂ්ලා තබාගත යුත්තේ කෙසේදැයි විශ්වාසයන් ගොඩනංවා ඇත.
පැරැණි මතවාද එසේ වීමේදී වර්තමානයේදීද යම් යම් විශ්වාස ගෝල්ඩ් ෆිෂ්ලා සම්බන්ධව ගොඩනැඟී ඇත.
එවන් එක් මතවාදයක් වනුයේ ගෝල්ඩ් ෆිෂ්ලා තමන්ගේ ස්වාමියන් නොහදුනන බවය. නමුත් වසර ගණනාවක් ඔවුන් සමඟ ඇසුරු කරන මිනිසුන්ව ඔවුන්ට හොඳින් මතක තිබෙන බව කියැවේ.
වසර ගණනාවකට පසු ඔබව දැකීමෙන් වුවද ඔබව හදුනා ගැනීමේ හැකියාවක් ඔවුන්ට ඇත. එය සුනඛයන් තම ස්වාමියන් හදුනා ගන්නා ආකාරයේම අපූරු බැඳීමකි.
තවත් මිථ්‍යා මතයක් ලෙස පවතින්නේ ගෝල්ඩ් ෆිෂ් දුර බැහැර කැලෑබද ජලාශවලට මුදාහැරි විට ඔවුන් විශාල ප්‍රමාණයේ මත්ස්‍යයන් වන බවය. නමුත් එසේ නොවේ.
ඔවුන්ට ලැබෙන ආහාර හා පිරිසුදු ජල පරිමාව මත ඔවුන් සිටියාට වඩා යම් විශාල ප්‍රමාණයක ශරීරයක් ලැබුණත් එය සිතන තරම් විශාල ශරීරයක් නොවේ. ඉතා කුඩා වැඩිවීමක් පමණි.
නමුත් එවන් මිථ්‍යා විශ්වාස විදෙස් සමාජයන් තුළ පවා බොහෝ සෙයින් පැතිරී පවතී.
කෙසේ නමුත් වර්තමානය වනවිට සුරතල් මත්ස්‍ය ව්‍යාපාරයේ මේ රත්රන් මාළුවා රත්රන් සේම වටිනා ස්ථානයක රැඳී සිටී.
රවිඳු බණ්ඩාර