Logo
Logo

විභාග ප්‍රථිපල කියන්නේ ජීවිතේම නෙමෙයි.

වර්තමානය  සමාජයෙහි පවතින්නේ  පෙර මෙන් සරල, සෙමෙන් ගලාගෙන යන සමාජ රටාවක් නොවේ.  පවතින්නේ  සංකීර්ණ අධිවේගී සමාජ රටාවකි. එම  සමාජ රටාව නිසාම අද...




වර්තමානය  සමාජයෙහි පවතින්නේ  පෙර මෙන් සරල, සෙමෙන් ගලාගෙන යන සමාජ රටාවක් නොවේ. 

පවතින්නේ  සංකීර්ණ අධිවේගී සමාජ රටාවකි. එම  සමාජ රටාව නිසාම අද සිටින වැඩිහිටි පරපුර තම බාල පරපුර පවතින සමාජයට ඔරොත්තු දිය හැකි අය බවට පත් කිරීමට උත්සාහ කරන අතර ඒ වෙනුවෙන් අධ්‍යාපන ක්‍රියාවලියට මුල් තැන දීම  සඳහා දරුවන්  යොමු කරයි. 

ඒ නිසාම ඕනෑම දරුවකු තම අනාගත සුරක්ෂිතතාව වෙනුවෙන් අනිවාර්යයෙන් විභාග කඩයිම් ජය ගත යුතුව ඇත.

අධ්‍යාපනය සහ විභාගය සමත් වීම යන ආකල්පය සමාජයේ ප්‍රධාන වශයෙන් මුල් බැසගෙන ඇති අතර දරුවන් බහුතරයක් ඉගෙන ගන්නේත් ගුරුවරුන් උගන්වන්නේත් විභාගවලින් ජය ගැනීම, ඉහළ ලකුණු ලබා ගැනීම, ජාතික පාසලකට හෝ විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීම වැනි පරිබාහිර ඉලක්ක පදනම් කොට ගෙනය.

පසුගියදා අ.පො.ස උසස් පෙළ කඩයිම් විභාගයේ ලකුණු නිකුත් වීමත් සමඟ මේ දිනවල සමාජයේ දැඩි කතා බහට ලක්වන මාතෘකාවක් බවට පත් වී ඇත්තේ විභාග ප්‍රතිඵල පිළිබඳවය. 

විභාගයේ ප්‍රතිඵල හේතුවෙන්  ඇතැම් දරුවන්  සතුටින් සිටින අතර තවත් දරුවන් පිරිසක් දැඩි කනස්සලකින් පසුවෙති. 

අසමත් වුණු දරුවන් කලකිරීමෙන් සහ තදබල අපේක්ෂා භංගත්වයකින් සිටින අතර ඔවුන් පමණක් නොව ඔවුන්ගේ මවුපියන්ද සිටින්නේ තදබල සිත් තැවුලෙනි.

එහෙත් ජීවිතය දිනූ සැවොම උසස් පෙළ සමත් වී කැම්පස් ගියේ නැත. කැම්පස් ගිය සැවොම  ජීවිතය දින්නේද නැත. 

මෙම වාක්‍ය ඛණ්ඩය තුළ ඇත්තේ කාරණා දෙකකි. 

විඋසස් පෙළ කඩයිම සමාජය පිළිගෙන තිබෙන්නේ ජීවිතයේ තීරණාත්මක සන්ධිස්ථානයක් ලෙසය. 

එය එසේ වීමට කාරණා ත්‍රිත්වයක් බලපානු  ලැබේ. එනම්,

–              උසස් අධ්‍යාපනය ලැබීමට


–              වෘත්තියක් තෝරා ගැනීමට


–              වෘත්තීය අධ්‍යාපනයක් ලැබීමට යන කාරණා නිසා උසස් පෙළ තීරණාත්මක කඩයිමක් බවට පත් වී ඇත. 

උසස් පෙළ විභාගයට මුහුණදී එයින් අසමත් වන අය අදක්ෂයන්  යැයි එකවරම අපට පැවැසිය නොහැකිය. 

එයට හේතුව ලෙස යම් සිසුවෙක් අසමත් වීමට හේතු කිහිපයක් බලපෑ හැකිය. එනම්,


–              තමා අකැමැති විෂය ධාරාව තෝරා ගැනීම.


–              විභාගය අසීරු  වේ යැයි  ඇතිවන අනියත බිය.


–              තමා පිළිබඳව දැඩිව අධිතක්සේරුවෙන් හෝ අවතක්සේරුවෙන් පසු වීම.


–              විවිධ වූ කායික සහ මානසික ලෙඩ රෝග.


–              අනවශ්‍ය (නුසුදුසු හෝ නොගැළපෙන) ආදර සම්බන්ධතා සහ ආදර සම්බන්ධතා බිඳ වැටීම්


–              පවුල් පසුබිම සහ  මවුපියන් ලබාදෙන උනන්දුවේ මදිකම.


–              සුදුසු ගුරුවරුන් තෝරා ගැනීමට අසමත් වීම.


–              සම වයසේ ඇතැම් මිතුරන් නිසා  නොමඟ  යෑම.


–              ජංගම දුරකථනය සමඟ අනවශ්‍ය පරිදි කාලය ගත කිරීම.


–              අලස බව.


–              අනාගත ඉලක්කයක් නොමැති බව.


මෙම කාරණා තුළින්  විභාගය අසමත් වීමට බලපානු ලැබුවේ කුමන කරුණුද යන්න තම  සිතින්ම විමසා බැලීම සුදුසුය. 

තමාට වැරැදුණු තැන පිළිබඳ තමන්ට අවබෝධයක් තිබිය යුතුය. 

එම වැරදි පිළිබඳව ස්වයං අධ්‍යයනයක් සිදුකර ගනිමින් ඊළඟ අවස්ථාවෙහි එම අතපසු වීම  නැවත ඇති නොවීමට තමාගේ වපසරිය සකස් කර ගත යුතුය. 

උදාහරණයක් ලෙස මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයෙන් පෙර වර්ෂ දෙකෙහිම අසමත් වුණු දරුවකු මෙවර උසස් පෙළ විභාගයෙන් දිස්ත්‍රික් කුසලතාවක්ද සමඟින් ඉන්ජිනේරු විෂය සඳහා සුදුසුකම් ලබා ඇත. 

එයින් පෙනී යන්නේ යම් කෙනකු  එක් වතාවක් අසමත් වී දෙවැනි වරද අසමත් වීමේ ප්‍රතිශතයක් නොමැති බවය.

පළමු වර විභාගයට පෙනී සිටින දරුවාගේ සහ දෙවැනි වර විභාගයට පෙනී සිටින දරුවාගේ අත්දැකීම් වෙනස්ය. 

දෙවන වර විභාගයට පෙනී සිටිනවා නම් විභාගයට මුහුණ දිය යුත්තේ  කෙසේද යන අත්දැකීම ඔහු සතුය. 

එම නිසා තමා අසමත් යැයි සිතා මනසින් වැටෙනවාට වඩා  මෙය ජයගත යුතු වපසරිය නිර්මාණය කර ගැනීමේ වගකීම  දරුවා සතුය.

විභාගයක් යනු දැනුම පරීක්ෂාවට තිබෙන දෙයක් පමණක් බව බොහෝ දෙනකු සිතයි. එහෙත් විභාගයකට පෙනී සිටීමට අවශ්‍ය දැනුම නිසි ලෙස පෝෂණය කර ගැනීමට නම්  නිවැරැදි ඉලක්කයක් තබා ගැනීම, සැලසුමක් සකස් කර ගැනීම, සැලසුමට අනුව වැඩකටයුතු කිරීම මෙන්ම අවසානයේ තමන්ට අවශ්‍ය ප්‍රතිඵලය ලබා ගැනීමට අවස්ථාවක් උදා කර ගත යුතුය. 

මෙය විභාගයකට පමණක් පොදු කරුණක් නොවේ. 

ජීවිතේ ඕනෑම දෙයක් මෙලෙස සැලසුම් කිරීම මඟින්  ඔබට ඔබගේ ඉලක්ක තුළට ළඟා විය හැකිය.

විභාගය උසස් ලෙස සමත් වුණු දරුවකුගේ ඊළඟ කඩයිම වන්නේ උසස් අධ්‍යාපනය වෙත ගමන් කිරීමේ අරමුණයි. 

උසස් පෙළින් හොඳින් සමත් වුණු දරුවන් විශ්වවිද්‍යාල අධ්‍යාපනයට සුදුසුකම් ලබන අතර  එහිදී සරසවිය තුළ ඇතැම් දරුවන් රැල්ලට විෂය ධාරාවන් තෝරා ගනු ලබයි. 

එහෙත් විෂයයන් තෝරා ගැනීමේදී තමන් කැමැති විෂයයන් වගේම තමන්  හදාරන විෂයයන් තුළින් අනාගතයේ මුදල් ඉපැයීමේ හැකියාවක් තිබේද යන්න සොයා බලා විෂයයන් තෝරා  යුතුය. 

අනෙක් ප්‍රධානම කාරණාව වන්නේ තමන් තෝරා ගන්නා විෂයයන් තුළ රැකියා වෙළෙඳපොළෙහි රැකියා තිබෙනවාද යන්න සොයා බලා විෂය ධාරාවන් තෝරා ගත යුතුය.

එසේ සොයා බලා තෝරා ගන්නා විෂයයන් කෙරෙහි අවබෝධයක් ගොඩනඟා ගැනීම ඉදිරි අනාගතයට මනා පිටිවහලකි.

මේ අතර තමා නැවත වරක් උසස් පෙළ විභාගයට මුහුණ දෙන්නේ නැති බව පවසන දරුවන් කණ්ඩායමක් සමාජය තුළ ඇත. ඇතැම් අයගේ  තිබෙන ප්‍රතිඵල අනුව A සාමාර්ථ තුනක් නැතත් උසස් අධ්‍යාපනයට ඇතුළත් වීමේ වරම් ඔවුන්ට හිමි වේ. 

එනම්  ඉ සාමාර්ථ තුනක් තිබෙනවා නම්  නීති විද්‍යාලයට ඇතුළත් වී නීතිය පවා හැදෑරීමේ හැකියාව ඔවුන්‍ට ඇත. 

එසේම උසස් පෙළ විභාගයෙන් ලබා ගත් සමාර්ථ අනුව රජයේ  විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමේ හැකියාවක් නොමැති වුවත් ඔවුන්ට විවෘත විශ්වවිද්‍යාලයකට ඇතුළත් වී උපාධියක් සම්පූර්ණ කළ හැකිය. 

තවද උසස් පෙළ විෂයන් සමත් නම් ප්‍රාථමික පාසල් ගුරු පුහුණුව ආදී පාඨමාලා තිබෙන අතර සුදුසු ආයතනයක් හරහා ඔබට එයටද සම්බන්ධ විය හැකිය.

තාක්ෂණික අංශයට  නැඹුරුවක් දක්වන දරුවකු නම් ජර්මන් ටෙක් වැනි තාක්ෂණික විද්‍යාල තුළින් විවිධ පාඨමාලා හැදෑරිය හැකිය. 

මෝටර් කාර්මික පාඨමාලා, වායුසමීකරණ පාඨමාලා, ශීතකරණ පාඨමාලා බොහොමයක් වෘත්තීය පුහුණු ක්ෂේත්‍රය තුළ තිබේ. 

ඒ අතර වර්තමානයේ ඔබගේ අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස දුරකථනය පත් වී ඇති අතර ඉතා කෙටි කාලයක් තුළ අන්තර්ජාලය මඟින් මෙම පාඨමාලා පිළිබඳ තොරතුරු ඔබට ලබා ගත හැකිය. 

ලෝකයේ දියුණු පෙළේ රටවල් තුළ  රැකියා අවස්ථා බොහොමයක් තිබෙන බැවින් විදේශ ගත වීමේ අරමුණකින් ඔබ පසු වෙනවා නම් එම රැකියා තුළට ගැළපෙන පාඨමාලා ලංකාව තුළ  හැදෑරීමට යොමු වන්න.

ඇතැම් දරුවන් උසස් පෙළ නිමා වුණු පසු විදෙස් ගත වීමට බලාපොරොත්තු වන අතර පසුගිය කාලයේ  ඩුබායි රටට ගොස් රැකියාවක් නොමැතිව අතරමං වුණු  තරුණයන් පිරිසක්  අපට දැකගන්නට ලැබිණි. 

එසේ වීමට හේතුව වන්නේ තමාට තිබෙන අවශ්‍යතා පිළිබඳ නොදන්නාකම, තමන්ට තිබෙන සබඳතා නිවැරැදි ලෙස ගොඩනඟාගෙන නොතිබීම මත මෙවැනි ගැටලුවලට මුහුණදීමට ඔවුන්ට සිදු වේ. 

එම නිසා ඉහත සඳහන් කළ පරිදි විදේශ රටවල තිබෙන රැකියා අවශ්‍යතා මොනවද යන්න සොයා බලා ඒ සඳහා සූදානම් වීම මඟින් පසුවට පැමිණෙන විවිධ අකරතැබ්බවලට මුහුණදීමට ඔබට සිදු නොවේ. 

විදෙස් රටවල ලංකාවේ ශ්‍රමිකයන් හට ඉතා හොඳ ඉල්ලුමක් තිබෙන අතර උදාහරණයක් ලෙස ලංකාවෙහි වෛද්‍යවරයකුට ලැබෙන වරප්‍රසාද සහ මාසික දීමනාවට සමාන දීමනාවක් පිටරට විදුලි කාර්මිකයකුට ලැබේ. 

එම නිසා තමාගේ දක්ෂතාව තිබෙන ක්ෂේත්‍රයක් තෝරාගෙන එහි පාඨමාලාවක් හදාරා යම් කෙනකුට විදේශ ගත විය හැකිය. 

එහිදී තමා හදාරන පාඨමාලාව හදාරන්නේ පිළිගත් ආයතනයකින්ද එමෙන්ම එයින් විදේශ වෙළෙඳපළ සඳහා තිබෙන ඉල්ලුම කෙසේද යන්න සොයා බලා පාඨමාලාව හැදෑරිය යුතුය.

උසස් අධ්‍යාපනය හදාරන සිසුවකු හෝ  උසස් අධ්‍යාපනය හැදෑරීමකින් තොරව වෘත්තියකට පිවිසීමේ  බලාපොරොත්තුවෙන් සිටින කෙනකු වුවත්,  වෘත්තීය අධ්‍යාපනයකට යොමු නොවී ව්‍යාපාරයකට යොමු වන දරුවකු වුවත්, නිතරම තමාගේ ඉදිරි ඉලක්ක වෙනුවෙන් වෙහෙසිය යුතුය. 

එනම්   දැනුම, අත්දැකීම් සහ කුසලතා වර්ධනය කර ගත යුතුය. මෙම කාරණා ත්‍රිත්වය පෝෂණය කර ගත් පසු අධ්‍යාපන ආයතනයකට, රැකියාවකට යොමු වීමට ඔබට හැකියාව ලැබේ.

විභාගය යන කාරණය ජීවිතයේ තවත් එක් පියවරක් පමණි. විභාගය අසමත් වුවත් තම ජීවිතයේ අනෙකුත් ජයග්‍රහණය අත්පත් කරගත් ජීවිත කතා ලොව ඕනෑ තරම් තිබේ. 

එම නිසා අවශ්‍ය වන්නේ පරාජයට සාර්ථකව මුහුණදී එය ජීවිතයේ ලැබූ එක් අභියෝගයක් බවට පත් කර ගැනීමයි.  මවුපියන් වන ඔබද එය අවබෝධ කරගෙන දරුවාගේ ඉදිරි අනාගතය ජයගැනීමට අතදිය  යුතුය. 

ප්‍රතිඵල නිකුත් වූ පසුව ප්‍රතිඵල මඟින් දරුවකු අධෛර්යමත් නොකිරීමට මවුපියන්  ගුරුවරුන්  ඉතා බුද්ධිමත්ව කටයුතු කළ යුතුය. 

විභාගය දරුවාට අභාගයක් නොවන ලෙසට  කටයුතු කිරීම මවුපියන්ගේ මෙන්ම ගුරුවරුන්ගේද වගකීම වේ. එම නිසා  අසමත් වුණු දරුවකු තවත් පීඩාවට පත් නොකර එම දරුවාට පීඩාවෙන් මිදීමට සහාය වන්න.


සචිනි බස්නායක


භාතිය අර්ථනායක

අභිප්‍රේරක

පුද්ගල හැකියා

සංවර්ධන පුහුණුකරු

[ASTRO]$type=right$va=0$count=3$show=home

[MOTIVATIONAL]$type=left$va=0$count=3$show=home

[WASTHU]$type=right$va=0$count=3$show=home

STAR GOSSIP$type=three$c=12$cm=0$d=0$a=0$sn=0$h=250$ho=https://stargossip.bottomline.asia

[LATEST ARTICLES]_$type=three$count=12$h=250$space=10$icon=1$m=0$sn=0$rm=0$hide=home

Name

Astro,4,Automobile,3,Family,5,Fashion,5,Finance,3,Healthy,24,Healthy Chef,3,Lifestyle,57,Limitless,7,Readers,13,Science,4,Tech,15,Travel,5,Wasthu,3,Women,9,
ltr
item
LifeLine: විභාග ප්‍රථිපල කියන්නේ ජීවිතේම නෙමෙයි.
විභාග ප්‍රථිපල කියන්නේ ජීවිතේම නෙමෙයි.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhGd8IeRRsd1Wp2sAQpmfrzpAhsesc8sF-aEmay6vJKcN6nznw15jxZizW8FsVbD1i60OxN5Ro_lOLJJ7Ymk108eLxqexZysi0STbMvXEzVgnyolOr80c25PC5eugtO3pdp74oLz-07ftzgE3dp1_DKyCK1hg-Qvtwt70ryIP-HfI9wXodoZBJB3XYC/s16000/exam.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhGd8IeRRsd1Wp2sAQpmfrzpAhsesc8sF-aEmay6vJKcN6nznw15jxZizW8FsVbD1i60OxN5Ro_lOLJJ7Ymk108eLxqexZysi0STbMvXEzVgnyolOr80c25PC5eugtO3pdp74oLz-07ftzgE3dp1_DKyCK1hg-Qvtwt70ryIP-HfI9wXodoZBJB3XYC/s72-c/exam.jpg
LifeLine
https://lifeline.bottomline.asia/2022/09/11-exam-result-for-school-childrens.html
https://lifeline.bottomline.asia/
https://lifeline.bottomline.asia/
https://lifeline.bottomline.asia/2022/09/11-exam-result-for-school-childrens.html
true
3337541541253042350
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content