බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් රැජිණගේ නික්ම යාමෙන් පසු සිදුවන රාජකීය ක්‍රියා වලිය ඉතා සුවිශේෂී වනවා. එය හැඳින්වෙන්නේ Operation London Bridge ක...
බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් රැජිණගේ නික්ම යාමෙන් පසු සිදුවන රාජකීය ක්‍රියා වලිය ඉතා සුවිශේෂී වනවා.
එය හැඳින්වෙන්නේ Operation London Bridge කියලා.
එහිදී සිදුවන ක්‍රියාවලිය අතිශය පුදුමාකාරයි.
ඒ මෙන්න මේවා.
* බකිංහැම් මාලිගාවේ තිබුණ රැජින මෙතෙක් කල් විදේශීය අමුත්තන් පිළිගන්න භාවිතාකල පුටු සහ ඇයව සංකේතවත් කරමින් භාවිතාකල සෙංකෝලයද කළු පැහැති රෙදි වලින් වසා දමනවා.
* රැජිනගේ රාජකීය ඔටුන්න හෙවත් "ඉම්පීරියල් ස්ටේට් ක්‍රවුන්" නිල නාමය සහිත ඔටුන්න තබා තිබෙන ලන්ඩන් කුළුණ තාවකාලිකව මුද්‍රා තබනවා.
* බ්‍රිතාන්‍යයේ මුදල් නෝට්ටු ,විදෙස් ගමන් බලපත්‍ර සහ නිල ඇඳුම්වල ස්වරූපය වෙනස්වීම.
* චාල්ස් කුමරු රජ කිරුළ දැරීම සහ කැමිලා පාකර් නව රැජිනිය ලෙස අභිසෙස් ලැබීම.
* චාල්ස් කුමරු ,චාල්ස් රජු බවට පත් වන අතර වේල්සයේ කුමරු බවට විලියම් කුමරායා පත්වෙනවා.
* දෙවියන් අපගේ රැජිනිය රැකදේවා ලෙස මෙතෙක් බ්‍රිතාන්‍ය ජාතිකගීයේ තිබූ පද පෙල අද සිට වෙනස් වෙනවා. ඒ අනුව දෙවියන් අපගේ රජු රැකදේවා කියලා පද පෙල වෙනස් වෙනවා.
* රැජිනගේ රුව සහිත පැරණි මුදල් නෝට්ටු අද සිට භාවිතයෙන් ඉවත් කෙරෙන අතර නැවත කිසිදා එය ජනතාව අතර සංසරණයට පත් වෙන්නේ නැහැ.
* නගරවල කිසිම ආකාරයක අනවශ්‍ය ශබ්ද නැගෙන්න බැහැ.
* බීබීසි මාධ්‍යවල සියළුම මාධ්‍යවේදීන් සහ කාර්ය මණ්ඩලය කළු පැහැ ඇඳුම්වලින් සැරසෙන අතර එහි ලාංඡනයද කළු පැහැ ගන්වනවා.
* සියළුම ජාතික කොඩි අඩකුඹු කරන අතර පල්ලිවල නොනවත්වා සීනු නාද වෙනවා.