ලයිට් බිල නැත්නම් විදුලි බිල කියද්දි මේ දවස් වල හැමෝම සැනසුම් සුසුම් හෙලනවා. ඒ කාටත් හිතාගන්න බැරි විදිහට ලයිට් බිල වැඩි කල නිසා. අපිට ආරංචි...
ලයිට් බිල නැත්නම් විදුලි බිල කියද්දි මේ දවස් වල හැමෝම සැනසුම් සුසුම් හෙලනවා.
ඒ කාටත් හිතාගන්න බැරි විදිහට ලයිට් බිල වැඩි කල නිසා.
අපිට ආරංචි විදිහට ගොඩාක් ගෙවල්වල අළුත් නීතිත් මේ නිසා ඇතිවෙලා.
"ලයිට් එක දාලා ගියොත් ඔයා බිල ගෙවන්න."
"ෆෑන් එක ඕෆ් නොකර ගියොත් 500 ක් දඩ."
ඔන්න ඔය වගේ දේවල් දැන් ගෙවල් වලත් ඇති වෙලා.
ඒ වෙන මොනවත් නිසා නෙමෙයි. දරාගන්න බැරි විදුලි බිල නිසා.
මෙන්න මේ නිසා අපි හිතුවා විදුලි බිල අඩු කරගන්න ක්‍රම කිහිපයක් ගැන ඔයාලට කියලා දෙන්න.
මෙන්න ඒ ගැන විස්තරේ.
01. අනවශ්‍ය බල්බ් නිවන්න
බොහෝ වෙලාවට අපේ නොසැලකිලිමත් බව විදුලි බිල වැඩි වෙන්න බලපාන තවත් විශේෂ කාරණයක්. ඒ නිසා මුළුතැන්ගෙයි, නිදන කාමරයේ, බාත්රූම් එකේ බල්බ් නිවන එක ගැන වැඩි සැලකිල්ලක් දක්වන්න.
අදාල වැඩේ ඉවර වුනාම බල්බ් නිවල ඒ තැනින් පිට වෙන්න වග බලා ගන්න.
02. මල්ට් ප්ලග් පාවිච්චියෙන් ඉවත් වෙන්න
හයි වොට් වැය වෙන ඉක්විප්මන්ට් සඳහා මල්ට් ප්ලග් පාවිච්චි කරන කොට ලූස් කනෙක්ෂන්, ස්පාක් නිසා නිතරම ඇම්පියර් ලොස්ට් වෙනවා.
විදුලි බිල වැඩි වෙන්න මේකත් එක හේතුවක්. මේ නිසා හැකි තරම් මල්ට් ප්ලග් පාවිච්චියෙන් ඉවත් වෙන්න.
03. ලැප් එකට මාරු වෙන්න
ඩෙක්ස්ටොප් කොම්පියුටර් එකකට වැය වෙන වොට් ප්‍රමාණය ලැප් එකකට යන වොට් ප්‍රමාණයට වඩා වැඩියි.
මේ නිසා විදුලි බිල ගැන සැලකිලිමත් වෙනවා නම් අනිවාර්යෙන්ම ඩෙක්ස්ටොප් එක පාවිච්චිය අඩු කරල ලැප්ටොප් එකට මාරු වෙන්න.
04. අත්‍යවශ්‍යම භාණ්ඩ පාවිච්චි කරන වාර ගණන අඩු කරන්න
මේ මගින්ද අපට විදුලි බිල සැලකිය වුතු ප්‍රමාණයක් අඩුකර ගන්න පුළුන්. සතියටම අවශ්‍ය ඇඳුම් ඕෆ් පීක් වෙලාවේදී මැද ගන්න.
ඒ වගේම ෆ්‍රිජ් එකේ තියල නැවත පාවිච්චියට කෑම ගන්නකොට අපි අවන් එකට දාල රත් කරගන්න පුරුදු වෙලා ඉන්නවා. මේ නිසාත් වැඩිපුර කරන්ට් එක වැය වෙනවා.
මේ සඳහා විකල්ප ක්‍රම වලට යන එක වඩා වැදගත්.
ඒ වගේම වතුර රත් කරන්න හීටර්, ජග් පාවිච්චි කරනවා.
මේ සඳහාත් වැඩි වොට් ප්‍රමාණයක් වැය වෙනවා. ඒ නිසා තරමක් විශාල උණුවතුර ප්ලාස්ක් එකක් පාවිච්චියට ගන්න. හීටර්, ජග් පාවිච්චියට ගන්න වාර ගණන අඩුවීම නිසා වැඩි වොට් ප්‍රමාණයක් අපිට ඉතිරි කරගන්න පුලුවන්.
05 බල්බ් කළමණාකරනය
ෆිලමන්ටල්, CFL, ටියුබ් බල්බ් වලට සමු දී LED බල්බ් වලට මාරු වෙන එක තමයි මුලින්ම අපි කරන්නම ඕනි. ගෙදරක සාලයේ, බාත්රූම් එකේ, කිචන් එකේ, කාමර වල වැඩිපුර වේලාවක් විදුලි බල්බ් දල්වලා තියෙනවා.
විශේෂයෙන් මේ වගේ ස්ථාන වලටවත් අපි ෆිලමන්ටල්, CFL, ටියුබ් බල්බ් පාවිච්චි කරන එක නවත්වන්න ඕනෙ. මේවා පාවිච්චි කිරීම තුලින් විශාල විදුලි ඒකක ප්‍රමාණයක් වැය වෙනවා.
ඒ නිසා දීප්තියෙන් සමාන, අඩු වෝල්ට් ප්‍රමාණයක් වැය වෙන LED බල්බ් වලට මාරු වෙන එක වඩා හොඳයි.
ඉහත සඳහන් කරපු ස්ටෑන්ඩඩ් බල්බ් එකක බ්‍රයිට්නස් එක 50ක් ලබා ගන්න වොට් 25 ක් වැය වෙනවා. ඒ වගේම CFL බල්බ් එකකින් වොට් 6 ක් වැය වෙනවා.
LED බල්බ් එකකින් වෝට් 4 යි වැය වෙන්නෙ. අපි හිතමු ඔයාට බ්‍රයිට්නස් එක 1600 ක් ඕනි කියලා. ස්ටෑන්ඩඩ් බල්බ් එකක වොට් 100 ක් වැය වෙනවා.
ඒ වගේම CFL බල්බ් එකකින් වොට් 25 ක් වැය වෙනව. LED බල්බ් එකකින් වෝට් 20 යි වැය වෙන්නෙ. මේ නිසා LED බල්බ් වලට මාරුවීම ඉතාම හොද tips එකක්.
06.ෆ්‍රිජ් එක කළමණාකරනය
කිචන් එකේ වැඩිපුර විදුලිය වැයවෙන අයිටම් එකක් තමයි ෆ්‍රිජ් එක. ඒ නිසා ෆ්‍රිජ් එක හොඳින් මැනේජ් කරන එක ඉතාම වැදගත්.
ෆ්‍රිජ් එක තියෙන තැන සහ බිත්තිය අතර දුර ගැන ඔයා සැලකිලිමත් වෙන්න ඕනි. බිත්තියකට හේත්තු කරල, බිත්තියක් මුල්ලේ, බිත්තියකට ළං කරල ෆ්‍රිජ් එක තියන්න එපා.
බිත්තිය සහ ෆ්‍රිජ් එක අතර පරතරය අඩි 1 ½ හෝ ඊට වඩා වැඩි වෙන්න ඕනි අනිවාර්යෙන්.
ඒකට හේතුව ෆ්‍රිජ් එකේ කූලර් සිස්ටම් එක තියෙන්නෙ පිටි පස්සෙ.
බිත්තියකට ළං වුනාම ඒ අවට හීට් එක වැඩි නිසා කූල් කරන්න වැඩිපුර වොට් ප්‍රමාණයක් වැය වෙනවා.
තවත් දෙයක් තමයි ෆ්‍රිජ් එක ඕපන් කරන වාර ගණන ගැන සැලකිලිමත් වෙන්න. ඔයා වැඩි වාර ගණනක් ඕපන් කළොත් වැඩි වොට් ප්‍රමාණයක් වැය වෙනවා.
අඩු වාර ගාණන් ඕපන් කළොත් අඩු වොට් ප්‍රමාණයක් වැය වෙනවා.
අපි හැමෝම හොඳින් දන්නව ඉලෙක්ට්‍රිසිටි යුටිලයිට් ස්ලොට් තුනකට බෙදා තියෙනව කියලා.
ඒ තමයි ඩේ, පීක්, ඕෆ් පීක්. ඩේ විදියට ගන්නෙ උදේ 5.30 සිට සවස 6.30 දක්වා කාලය. පීක් වේලාව සවස 6.30 ත් රාත්‍රි 10.30 ත් අතර කාලය. ඕෆ් පීක් රාත්‍රි 10.30 යේ සිට උදේ 5.30 කාලය.
පීක් ටයිම් එකේදි තමයි යුනිට් එකකට ගෙවන්න වෙන කොස්ට් එක වැඩිම. ඒ නිසා ගෙදර පාවිච්චි කරන වැඩ් වොට් ප්‍රමාණයක් වැය වෙන ඉක්විප්මන්ට් යුනිට් කොස්ට් එක අඩුම වෙලාව වන රාත්‍රි 10.30 ත් උදේ 5.30 අතර පවිච්ච් කරන එකත් විදුලි බිල අඩු කරන්න පාවිච්චි කරන්න පුලුවන් tip එකක්.
මෙන්න මේ ටික කරලා බලන්න ඔයාට කොයිතරම් ලාබයක් ලැබෙනවද කියලා.