ජීවිතේ සරලව ජීවත්වෙන්න ඕන කරන ටිප්ස් ගැන අපි ඔයාලට කියලා දෙන්න පටන් ගත්තානේ. මේ ඒකේ තවත් ටිප් එකක්. ජීවිතේ සරල කරගන්න මේ විස්තරේ ගොඩාක් ව...
ජීවිතේ සරලව ජීවත්වෙන්න ඕන කරන ටිප්ස් ගැන අපි ඔයාලට කියලා දෙන්න පටන් ගත්තානේ.
මේ ඒකේ තවත් ටිප් එකක්.
ජීවිතේ සරල කරගන්න මේ විස්තරේ ගොඩාක් වැදගත් වේවි.
මේ කියන්න හදන්නේ ගොඩාක් අය වැරදිට හිතන දෙයක් ගැන.
තනියෙන් ජීවත් වෙන එක හරිම සරලයි කියලා ගොඩක් අය හිතනවා.
හැබැයි ඒක දෙයාකාරයි. තනියෙන් ජීවත් වෙන එක සරල වෙන්නේ, ඒකට හරි ක්‍රමයක් තියෙනවා නම් තමයි.
ඒ කියන්නේ තනියෙන් ජීවත් වෙනකොට හරියට සැලසුමක්, පුරුද්දක් තියෙන්න ඕන. හැබැයි එහෙම නැතිවුණු ගමන් තනියෙන් ජීවත් වෙන එකේ තියෙන සරල බව නැතිවෙලා දේවල් අනවශ්‍ය විදියට සංකීර්ණ වෙන්න පටන් ගන්නවා
උදාහරණයක් විදියට ගත්තොත්, තනියෙන් ජීවත් වෙනකොට ලෙඩක් දුකක් වුනොත් අර සරල බව ඉවරයි.
ඒ නිසා හරියාකාර සිස්ටම් එකක්, සැලැස්මක් නැතුව තනියෙන් ජීවත් වෙන්න හිතන්න එපා.
තනියම ජීවත්වෙලා සරල බව අත්විඳින්න කලින් ගැලපෙනම කිහිප දෙනෙක් එක්ක හරි ජීවිතේ බෙදා ගන්න පුරුදු වෙන්න.
ඔයාගේ අදහස් සිතිවිලි මේ දේවල් වලට පෑහෙන අය හඳුනගන්න
ඒ අය එක්ක ඔයාගේ ජීවිතේ බෙදාගන්න අන්න එතකොට ඔයාට ජීවිතේ සරල කම හොඳටම විඳන්න ලැබේවි.