නාසා ආයතනයේ ආටෙමිස් 1 (Artemis 1) රොකට්ටුව අභ්‍යවකාශගත කිරීම දෙවන වරටත් අසාර්ථක වී ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉන්ධන කාන්දුවක් හේතුවෙන් රො...
නාසා ආයතනයේ ආටෙමිස් 1 (Artemis 1) රොකට්ටුව අභ්‍යවකාශගත කිරීම දෙවන වරටත් අසාර්ථක වී ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉන්ධන කාන්දුවක් හේතුවෙන් රොකට්ටුව අභ්‍යවකාශගත කිරීම නාසා ආයතනයට නතර කිරීමට සිදු වී ඇති බව ය.
ආටෙමිස් 1 සඳ මෙහෙයුම සෙනසුරාදා (සැප්. 3) අලුයම 2:17ට EDT (1817 GMT) දියත් කිරීමට සූදානම් කර තිබුණ ද රොකට්ටුව අභ්‍යවකාශගත කිරීමට පැය හතකට පමණ පෙර එහි හයිඩ්‍රජන් ඉන්ධන කාන්දුවක් ඇතැයි අනාවරණය වී ඇත.
ඉන්ධන කාන්දුව නතර කිරීමට නාසා ඉන්ජිනේරුවන් දැඩි උත්සහයක් ගත්ත ද එය ව්‍යර්ථ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
එම වාර්තා පෙන්වා දුන්නේ, මෙහෙයුම දියත් කිරීමේ මීළඟ උත්සහය ගැන තීරණය කිරීම සඳහා නාසා ආයතනයට ලබන සතිය වන තුරු රැඳී සිටීමට වනු ඇති බව ය.
නාසා ආයතනයට අලුත්වැඩියාව සඳහා ආටෙමිස් 1හි SLS රොකට්ටුව එහි රොකට් අලුත්වැඩියා කරන ස්ථානය වෙත ගෙන යාමට සිදු වුවහොත් ආටෙමිස් 1 සඳ මෙහෙයුම දියත් කිරීම ඔක්තෝම්බර් දක්වා කල් යනු ඇතැයි නාසා පරිපාලක බිල් නෙල්සන් ප්‍රකාශ කර තිබුුුණා
මෙහි පළමු මෙහෙයුම අගෝ. 29 වන දා අසාර්ථක වූයේ, රොකට්ටුවේ එන්ජින් හතරෙන් එකක් නියමිත ක්‍රියාකාරී උෂ්ණත්වයට සිසිල් නොවීම හේතුවෙනි.