දුම්රිය නැත්නම් අපේ භාෂාවෙන් කෝච්චිය කිව්වහම කවුද නොදන්නේ. මේ දවස්වල ඉතිං ඉන්ධන අර්බුධය නිසා ගොඩාක් ගමන් බිමන් ඉතිං කෝච්චියෙන් තමයි. ගමන් පහ...
දුම්රිය නැත්නම් අපේ භාෂාවෙන් කෝච්චිය කිව්වහම කවුද නොදන්නේ.
මේ දවස්වල ඉතිං ඉන්ධන අර්බුධය නිසා ගොඩාක් ගමන් බිමන් ඉතිං කෝච්චියෙන් තමයි.
ගමන් පහසුව වගේම ට්‍රැෆික් නැති නිසා කෝච්චියෙ ගමනට හැමෝම කැමතියි.
කොහොම වුනත් හැම හොඳ දේකම මොකක් හරි අඩුවක් තියෙනවා වගේ මේ කෝච්චි ගමනෙත් පොඩි අවුලක් තියෙනවා.
ඒ් තමයි ඉඳලා හිටලා පීලි පනින එක.
මෙන්න චිනෙන් ඒ්කටත් විසඳුමක් හොයා ගෙන
ඒ් තමයි පීලි නැති කෝච්චිය දැන් චීනෙ වැඩට බැහැලා.
චීනයේ Zhuzhou නගරයේ තමයි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක
මෙහිදී මාර්ගයේ අදින ලද සුදු පහැති කඩ ඉරක් මත දුම්රියේ ඇති සංවේදක මගින් හදුනාගෙන ඒ මත ගමන් කිරීම සිදු වෙනවා.
උපරිම ලෙස 70Kmph වේගයක් ගත හැකි අතර විනාඩි 10ක ආරෝපණයකින් 25Km දාවනය කල හැකි බවට වාර්තා වේ.
දැන් ඉතිං කෝච්චිත් චාජ් කරලා දුවන්න පුළුවන්.
ඉන්ධන අර්බුධයෙන් පීඩා විඳින අපිට නම් මේක සුපිරි විසඳුමක් වේවි