තැපැල්පත නැතිනම් post card එක අතීතයේ ඉඳන් ලෝකෙම ඉන්න ජනතාවගේ දුක සැප විමසූ අපූරු කඩදාසියක්. හැබැයි මුල්ම කාලේ ඒ් මේක හඳුන්වලා තිබුනේ තැපැල...
තැපැල්පත නැතිනම් post card එක අතීතයේ ඉඳන් ලෝකෙම ඉන්න ජනතාවගේ දුක සැප විමසූ අපූරු කඩදාසියක්.
හැබැයි මුල්ම කාලේ ඒ් මේක හඳුන්වලා තිබුනේ තැපැල් සීට්ටුව කියලා.
ලියුමකට එහා ගිය සෙනෙහසේ සුබ පැතුම් වගේම ජීවන ගමනේ අමරණීය මතකයන් පවා තැපැල්පත තුල හුවමාරු වුනා.
කොයිකරම් තාක්ෂණික මෙවලම් ආවත් අදටත් තැපැල්පත් ඇති තරම් සංසරණය වෙනවා.
කොහොම හරි සැප්තැම්බර් මස 01 වෙනිදාට අපේ රටේ පළමු තැපැල්පත නිකුත් වෙලා වසර 150 ක් වෙනවා.
මේ මුල්ම තැපැල්පත හරිම විශේෂයි.
ඒ තමයි ලෝකෙ පළමුවන නිළ තැපැල්පත නිකුත්වෙන්නේ 1869 දී.
ඒ් ඔස්ට්‍රියානු - හංගේරියානු තැපැල් පරිපාලනය විසින්.
බ්‍රිතාන්‍යයේ නිකුත් වෙන්නේ 1870.
ඉන්දියාවෙදි ඒ්ක වෙන්නේ 1879 දි අන්න ඒ් නිසා ලෝකේ අනික් රටවල් අතර අපේ තැපැල්පත සුවිශේෂී වෙනවා.
තැපැල්පත මුද්‍රණය වෙන්නේ එංගලන්තයේ. ඒ රටේ තිබුණ ඩිලා රූ සහ සමාගම
මේ තැපැල්පතේ වටිනාකම සත දෙකයි.
වික්ටෝරියා රැජිනගේ උඩුකය රූපයක් මගින් මෙහි වටිනාකම සටහන් කරලා තිබුනා.
මේක මුද්‍රණය කරලා තියෙන්නේ අඳුරු කහ පැහැ කාඩ්පතක සුදුමැලි රෝස වයලට් වර්ණයකින්.
දිග සහ පළල මිලිමිටර් 121 සහ 86 ක් වුනා.
ඒ් සැමරුම සිහිපත් කරමින් තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය මගින් විශේෂ සමරු තැපැල්පතක් නිකුත් කලා.පාර්ලිමේන්තු සංකීර්ණයේදී.
අග්‍රාමාත්‍ය දිනේෂ ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මෙම අවස්ථාවට ගරු ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වන් චමල් රාජපක්ෂ යන මැති ඇමතිවරු වගේම
ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනුෂ පැල්පිට, තැපැල්පති රංජිත් ආරියරත්න, නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්) රාජිත කේ රණසිංහ, නියෝජ්‍ය තැපැල්පති (බස්නාහිර පළාත) ඩබ්. කේ. සිසිර කුමාර, මුද්දර කාර්යාංශයේ අධ්‍යක්ෂ ලංකා ද සිල්වා යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය පිරිසක් උත්සවයට එක් වුනා.