Logo
Logo

පොඩි ඉඩට හැඩ ගෙයක්

නිවෙසක් ඉදිකරන්න බලාපොරොත්තුවක් හිතේ තියෙන හැම කෙනකුටම ඒ සඳහා තමන්ගේම හීන බොහොමයක් තිබෙනවා.  ඒ අතරේ නිස්කලංක, ඉඩම හැකි තරම් ඉතිරි කරගත්තු, ක...


නිවෙසක් ඉදිකරන්න බලාපොරොත්තුවක් හිතේ තියෙන හැම කෙනකුටම ඒ සඳහා තමන්ගේම හීන බොහොමයක් තිබෙනවා. 

ඒ අතරේ නිස්කලංක, ඉඩම හැකි තරම් ඉතිරි කරගත්තු, කාමර ගණන සහ ඒවායේ ප්‍රමාණ වැඩි, පරිසරයට වඩාත් විවර වන, කුඩා වුණත් ඉඩකඩ විශාලව පෙනෙන වගේ හීන බොහෝ දෙනකුට තිබෙන බව පෙනෙනවා. 

මේ සියල්ල හරියටම ඉටු වෙන්න නම් ඒ ඒ ඉඩමට ගැළපෙන්න වගේම තමන්ට වැය කළ හැකි සීමාවේ නිවෙසක්  වීම සැලකිය යුතුයි. 

දැන් පවතින මිල එක්ක කොටස බැගින් නිම කරමින් නිවෙස සම්පූර්ණ කරගන්න එකත් බොහෝ දෙනකුගේ බලාපොරොත්තුවක්.  

අද අපි කතා කරන නිවෙසත් වියදම අවම කරගැනීමේ බලාපොරොත්තුවෙන් සැලසුම් කෙරුණු නමුත් ඉඩකඩ ඇති නවීන පෙනුමේ සුන්දර කැදැල්ලක් ගැනයි.

පර්චස් 10ක පමණ ඉඩමකට සැලසුම් කෙරුණු මේ නිවෙස එක් බිත්තියක් පමණක් අන්ධ බිත්තියක් (Blind Wall) ලෙස යොදාගෙන නිවෙස ස්ථාන ගත කර තිබෙනවා. 

ඉදිරි පෙනුම අලංකාරවත්ව මාර්ගය දෙසට යොමුවන ලෙසත්  ඒ ඉඩමේ ඉඩකඩ සැලකිය යුතු තරම් ඉඩක් ඉතිරි කර ගැනීමේ අභිප්‍රායෙන්. අන්ධ බිත්තිය දෙසින්ම වාහන නැවතුම ස්ථානගත කර තිබෙන අතර ඒ සඳහා සාමාන්‍ය වහලයකට වඩා වෙනස් ආවරණයක් යොදා තිබෙනවා. 

එම ඉඩ ඉහළ මහලේදී විවර වන නිසා ඉහළ මහල වෙත වගේම පහළ සාලයටත්, මුළුතැන්ගෙයටත් ස්වාභාවික ආලෝකය වැඩිපුර ලබාගැනීමට හැකි වනවා.

එසේම නිවෙසේ මුළුතැන්ගෙය තරමක් ඉදිරිපසට වන්නට ස්ථානගත වීමත් වාහන නැවතුමට ජනේලයකින් විවර වීමත් නිසා නිවෙසට නවීන පෙනුමක් එක් කරනවා වගේම නිවැසියන්ගේ අන්තර් සම්බන්ධතා නිවෙස තුළ වර්ධනය කෙරෙනවා. 

කාර්යබහුල ගෘහණියකට වුණත් මේ පිහිටීම් එක්ක පවුලේ අය හා එදිනෙදා කටයුතු අතර ආදරය බෙදාගන්න ලැබෙන ඉඩ ජීවිතය ආදරයෙන් හැඩ කරන්නට හේතු වෙනවා.

වාහන නැවතුමේ සිට ප්‍රධාන ද්වාරය වෙත වැරැන්ඩාවක් සැලසුම් කර තිබෙන අතර නිවෙසේ ආලින්දය හා කෑම සාලය (Living & Dining) එකම අවකාශයක සැලසුම් කර තිබෙනවා. 

ඉන් ඉඩකඩ අවම ලෙස යොදා ගැනීමට හැකි වී තිබෙනවා. මේ අවකාශය මුළුතැන්ගෙයටත් සමීප වන නිසාත් පහළ මහලේ පොදු අවකාශයන් සමීප නිසාත් සැලසෙන පහසුව විශාලයි.

පහළ මහලේ නිදන කාමර දෙකම සැලකිය යුතු ඉඩක් සහිතව පොදු නාන කාමරය මැදි කරගෙන සැලසුම් කර තිබෙනවා.

ඉන් කාමර දෙකේම නිවැසියන්ට පහසුවෙන් මෙන්ම පොදු අවකාශයන්ට විවර නොවී පහසුකම් භාවිත කළ හැකි වීම විශාල වාසියක්. 

මෙම පහසුව මහල් දෙකෙහිම දැකිය හැකි මේ නිවසේ නාන කාමර සියල්ල සහ වතුර ටැංකිය එක එල්ලේ පවතින නිසා සැලකිය යුතු මුදලක් ඉන් ඉතිරි වනු ඇති.

ඉහළ මහලේ නිදන කාමර හා පොදු නාන කාමරයට අමතරව ද්විත්ව අවකාශ (Double Height Spaces) දෙකකට  මැදි වූ රූපවාහිනි නැරඹුම් ස්ථානය පිහිටුවා තිබෙනවා. නිවෙස පුරා ස්වාභාවික ආලෝකය හා වාතාශ්‍රය පවත්වා ගැනීමට මෙම අවකාශයන්ගෙන් ලැබෙන පිටිවහල ඉතා විශාලයි. 

එසේම නිවෙස වඩා පිරුණු නිවෙසක් බව මවා පෙන්වන්නත් මේ පිහිටීම බෙහෙවින් උපකාර වෙනවා.

වහලයේ කොටසක් සාමාන්‍ය ලෙසත් ඉතිරි කොටස ස්ලැබ් එකක් ලෙසත් යොදාගෙන කොටසක් අහස් උද්‍යානයක් (Roof Terrace) ලෙස සැලසුම් කර ඇති නිවෙස නාගරික හෝ අර්ධ නාගරික ඉඩමකට මැනවින් ගැළපෙනවා. 

වඩාත් පරිසරයට විවර වන ලෙස සැලසුම් කර ඇති, ඉදිරිපසින් වගේම පසු පසිනුත්  උද්‍යානවලට ඉඩ සලසා නිවෙසට අලංකාරය ගෙනෙන මේ නිවෙස බොහෝ දෙනකුගේ සිහින ඉටුකරන ආදරය පිරුණු නිවෙසක් බව කිව හැකියි. 

පර්චස් 9 – 10ක් වැනි ඉඩකට සැලසුම් කෙරුණු වර්ග අඩි 2300ක් පමණ වන මේ ආදරයේ සිහින නිවෙස එවැනි නිවෙසක් ගැන හීන දකින බොහෝ දෙනකුට මහත් අස්වැසිල්ලක් වේවි.


අන්තර්ජාලය ඇසුරින්

[ASTRO]$type=right$va=0$count=3$show=home

[MOTIVATIONAL]$type=left$va=0$count=3$show=home

[WASTHU]$type=right$va=0$count=3$show=home

STAR GOSSIP$type=three$c=12$cm=0$d=0$a=0$sn=0$h=250$ho=https://stargossip.bottomline.asia

[LATEST ARTICLES]_$type=three$count=12$h=250$space=10$icon=1$m=0$sn=0$rm=0$hide=home

Name

Astro,4,Automobile,3,Family,5,Fashion,5,Finance,3,Healthy,24,Healthy Chef,3,Lifestyle,57,Limitless,7,Readers,13,Science,4,Tech,15,Travel,5,Wasthu,3,Women,9,
ltr
item
LifeLine: පොඩි ඉඩට හැඩ ගෙයක්
පොඩි ඉඩට හැඩ ගෙයක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhj8z7NHqmNkTomwgLYlh4IhFjLYy7d-R3qDa-JLWhC22Wm7tA-qVM_Y1tcOFD4_Vyv5192r8V7oTSguyK22QnPOWXC86bqNwjndMvhAA6fvB0FnVMdtxCUF3houYCfsIvqcDXvj5-izGWnSMzgKEpLZtQoQ8XRu4Q695kVWyluTac-0X0IT9iX0vUE/s16000/home.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhj8z7NHqmNkTomwgLYlh4IhFjLYy7d-R3qDa-JLWhC22Wm7tA-qVM_Y1tcOFD4_Vyv5192r8V7oTSguyK22QnPOWXC86bqNwjndMvhAA6fvB0FnVMdtxCUF3houYCfsIvqcDXvj5-izGWnSMzgKEpLZtQoQ8XRu4Q695kVWyluTac-0X0IT9iX0vUE/s72-c/home.jpg
LifeLine
https://lifeline.bottomline.asia/2022/09/01-home-design-for-small-land.html
https://lifeline.bottomline.asia/
https://lifeline.bottomline.asia/
https://lifeline.bottomline.asia/2022/09/01-home-design-for-small-land.html
true
3337541541253042350
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content