ජීවිතේ සරලව ජීවත්වෙන්න ඕන කරන ටිප්ස් ගැන අපි ඔයාලට කියලා දෙන්න පටන් ගත්තානේ. මේ ඒකේ තවත් ටිප් එකක්. ජීවිතේ සරල කරගන්න මේ විස්තරේ ගොඩාක් වැදග...
ජීවිතේ සරලව ජීවත්වෙන්න ඕන කරන ටිප්ස් ගැන අපි ඔයාලට කියලා දෙන්න පටන් ගත්තානේ.
මේ ඒකේ තවත් ටිප් එකක්.
ජීවිතේ සරල කරගන්න මේ විස්තරේ ගොඩාක් වැදගත් වේවි.
ඒ තමයි දුක සැප තේරුම් ගැනීම.
අපිට ජීවිතේ දුක වගේම සැපත් ලැබෙනවා.
සැප වගේම දුකත් ලැබෙනවා.
එහෙම නැතුව සැපෙන්ම ජීවත් වෙන්න පුළුවන් කමක් නෑ.
හැබැයි උපේක්ෂාවෙන් යුතුව ජීවත් වෙනවා කියන්නේ එක්තරා විදියකට සැපේ ජීවත් වීමක් තමයි.
ඔන්න අපි කාලයක් තිස්සේ ආස කරන දෙයක් ලැබෙනවා. අපිට සතුටුයි. ඒ සතුට විඳින්න ඕන.
හැබැයි ඒ සතුට විඳින අතරේම මතක තියාගන්න, ඒ ආස දේ හැමදාමත් ලඟ තියාගන්න බැහැයි කියන එකත්.
එතකොට අපේ ප්‍රියතමයෙක් අපෙන් වෙන් වෙන්න පුළුවන්
ඒක දුකක්. ඒ දුක අත්විඳින්න. හැබැයි ඒ එක්කම මතක තියාගන්න, දුක වුනත් සදාකාලික නෑ කියන එක. ඒ දුක වුනත් නැතිවෙලා යනවා. එච්චරයි.