කාන්තාවකගේ ශරීරයේ වෙනස්වීම් සිදුවීම ආරම්භ වෙන්නේ ඇය මල්වර වීම එක්ක. ඒ අනුව ඇයගේ ශරීරයේ හෝමෝන සුවිශේෂී ලෙස වෙනස් වෙන්න පටන් ගන්නවා. නව යුවතිය...
කාන්තාවකගේ ශරීරයේ වෙනස්වීම් සිදුවීම ආරම්භ වෙන්නේ ඇය මල්වර වීම එක්ක.
ඒ අනුව ඇයගේ ශරීරයේ හෝමෝන සුවිශේෂී ලෙස වෙනස් වෙන්න පටන් ගන්නවා.
නව යුවතියක් ලෙස ඇගේ ශරීරයේ බොහෝ අංග ප්‍රජනන කාර්යයට හිතකර සහ පහසුවන ආකාරයට හැඩ ගැහෙනවා.
මෙහිදී විශේෂයෙන්ම බලපාන හෝමොනයක් තමයි තයිරොක්සීන් හෝමෝනය
අද අපි සූදානම් ශරීරයේ තයිරොක්සින් ප්‍රමාණය අඩු වීම මඟින් ඇතිවන බලපෑම ගැන කතා තරන්න.
ශරීරයේ තයිරොක්සින් හෝර්මෝනය අවශ්‍ය මට්ටමට වඩා අඩුවීම Hypothyrodism ලෙස හඳුන්වනු ලැබේ.
මෙම Hypothyrodism තත්ත්වය ඇති කාන්තාවන් එම තත්ත්වය නොමැති කාන්තාවන්ට සාපේක්ෂව ගැබ් ගැනීම ප්‍රමාද වේ.
Hypothyrodism තත්ත්වය සහිත කාන්තාවන්ගේ ආර්තවය අක්‍රමවත් වන අතර ආර්තවය සිදුවීමේදී වැඩි රුධිර ප්‍රමාණයක් පිටවේ.
ඊට අමතරව ඔවුන්ගේ ශරීරයේ ඇතිවිය හැකි වෙනස්කම් ලෙස,
ශරීරයේ ස්ථූලතාවය වැඩි වීම.
සමේ නිරෝගීභාවය අඩු වීම.
මල බද්ධය ඇතිවීම.
ශරීරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩි වීම.
අලස ස්වභාවයක් ඇතිවීම ආදිය දැක්විය හැකිය.
මෙම රෝග ලක්ෂණ ගර්භණී කාන්තාවකට මෙන්ම ගර්භණී නොවන කාන්තාවකට වුවත් ඇති වෙනවා නම් එය තයිරොක්සින් ඌනතාවයේ ලක්ෂණ වේ.
තයිරොක්සින් හෝර්මෝනය ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලියට මූලික වන හෝර්මෝනය බැවින්, මෙම හෝර්මෝනය අඩු වීම මඟින් ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලිය අඩාල වීම හේතුවෙන් මෙම රෝග ලක්ෂණ ඇති වේ.
ශරීරයේ තයිරොක්සින් හෝර්මෝනය අඩු කාන්තාවක් ගර්භණීත්වයට පත්වීම යම්කිසි සංකීර්ණ ක්‍රියාවලියක ආරම්භයක් ලෙස හදුන්වා දිය හැකිය.
ගර්භණීත්වයේදී කලලය මුල් සති 12 තුළදී අවශ්‍ය තයිරොක්සින් ප්‍රමාණය සපුරා ගන්නේ මවගේ ශරීරයේ පවතින තයිරොක්සින් ප්‍රමාණය තුළිනි.
එම නිසා මවගේ ශරීරයේ තයිරොක්සින් ප්‍රමාණය අඩු වුවහොත් එය කලලයට තදින්ම බලපායි. එම නිසා එය කුස තුළ සිටින දරුවාගේ ස්නායු පද්ධතියේ වර්ධනයට බලපානු ලබයි. ඒ හේතුවෙන්,
දරුවා ඉපදුණු පසුවත් ඉගෙනීමට උනන්දුවක් නොදැක්වීම, දරුවා නිසි ලෙස ශාරීරිකව වර්ධනය නොවීම, නිසි මානසික වර්ධනයක් නොවීම ආදී සංකූලතා ඇති විය හැකිය.
සම්පත් ඥානරත්න
විශේෂඥ වෛද්‍ය - ප්‍රසව හා නාරිවේද
ජේයෂ්ඨ කථිකාචාර්ය
වෛද්‍ය පීඨය පේරාදෙණිය
ශික්ෂණ රෝහල -පේරාදෙණිය