Logo
Logo

සපත්තු නිසා සවුත්තු වන ඇඟිල්ලට මෙහෙම කරන්න

  අසනීප කියන ඒවා හැදෙන්නේ ඉතිං කියලා නෙමෙයිනේ. ඕනම කෙනෙක්ට ඕනම දවසක මොනවම හරි ලෙඩක් තියෙනවා. මේ නිසා අපි නිතරම නිරෝගීව ඉන්න උත්සහ කරන්...

 



අසනීප කියන ඒවා හැදෙන්නේ ඉතිං කියලා නෙමෙයිනේ.

ඕනම කෙනෙක්ට ඕනම දවසක මොනවම හරි ලෙඩක් තියෙනවා.

මේ නිසා අපි නිතරම නිරෝගීව ඉන්න උත්සහ කරන්න ඕන.

මේ කියන්න හදන්නේ අපි වැඩිය හිතන්නේ නැති ඒත් අවධානය යොමු කරන්න ඕන අසනීපයක් ගැන.

පාදවල, මහපටැඟිල්ලේ කොණ හෙවත් නියපොතු දාරය වණ වීමක්, එහෙම නැතිනම් සුව නොවන තුවාලයක ස්වරෑපයක් පැවතීමක්, ඉදිමීමක් හෝ නියපොතු අග වණවීම යන අපහසුකාරී අවස්ථාවන්ට ඔබත් මුහුණදීලා ඇති.

පාදයේ නියපොතු අග පැසවීම නිසා විඳිනා වේදනාව ඇත්තටම ඉමහත් පීඩාකාරී දෙයක් පමණක් නොවෙයි.

දෙපා මේ නිසා අවලස්සනත් වෙනවා.

වයස් භේදයකින් තොරව ඇතැම් අයට සිදුවන මේ ගැටලුව පිළිබඳ සොයා බැලීම අතිශයින් වැදගත් වන්නේ මේ තත්ත්වය වැඩි වර්ධනය වනවා මිස ප්‍රතිකාර නොමැතිව සුව අතට පත් නොවන නිසයි.



නියපොතු අග හා දාරය වණවීමට ප්‍රධාන ලෙස හේතුවන්නේ, අප පළඳින සපත්තු දෙකයි.

විශේෂයෙන්ම සපත්තුවේ, ඇඟිලි ස්ථානගත වන ප්‍රදේශය තද නම් ප්‍රතිඵලය වන්නේ සපත්තුව තුළ ඇඟිලි එකිනෙක තුළට තදවීම හෙවත් පොකුරැ ගැසීමයි.

මෙහි ප්‍රතිඵලය වන්නේ නියපොත්ත කැරකී, එය ආසන්නයේ ඇති මස් තුළට තද වීමයි. තද ගතියෙන් යුතු හෝ දිගින් අඩු සපත්තු මගින් මේ ක්‍රියාව උග්‍රවිය හැකි වුවත්, ඇඟිලි ආවරණය වන ඕනෑම සපත්තුවකින් මෙම ක්‍රියාවලිය සිදුවිය හැකිවන බවත් මතක තබාගත යුතු වෙනවා.

මෙම රෝගය ඇතිවිය හැකි මීළඟ හේතුව වන්නේ වැරදි ආකාරයට නියපොතු කැපීමයි. සාමාන්‍යයෙන් අපි නියපොතු කපන විට එහි අග කෙළින් කපා ඊළඟට නියපොත්තේ කොන් දෙක ඇදයට හෙවත් කිසියම් කෝණයකට කපනු ලබනවා. එසේ නැතිනම් ඒ ආකාරයට කැපුම් දාරය රවුම් හැඩයක් කරනු ලබනවා.

සමහර විටෙක, නියපොත්ත යට ඇති මාංශමය කොටසත් පෙනෙන ආකාරයට ඉතා කොටට නියපොතු කපනු ලබනවා. මෙහිදී ප්‍රතිඵලය වන්නේද කැපූ නියපොතු දාරය අසල ඇති මස් ඇතුළට වර්ධනය වීම සහ නියපොතු අග පැසවීමයි.

 

මේ නිසා නියපොතු කැපීමේදී එහි පිටත දාරය කෙළින් අතට හරස් ඉරක් ලෙස පමණක් කැපීමත්, නියපොතු කොන අසල දාරය කැපීමෙන් වැළකීමත්, නියපොතු ඉතා කොටට කැපීමෙන් වැළකීමත් මෙම රෝගය වැළැක්වීමේ කාරණා ලෙස වැදගත් වෙනවා. ඉහත හේතු කාරණා දෙකට අමතරව, නියපොතු දාරයට සිදුවන බාහිර තුවාල නිසාත් (උදාහරණ ලෙස නියපොත්ත මතට කිසියම් දෙයක් වැටීම) නියපොතු දාරය අසල මස තුවාල වී, නියපොත්ත ඒ මස තුළට වර්ධනය වී මෙම රෝග තත්ත්වය ඇතිවිය හැකිවෙනවා.


මීට අමතරව සමහරදෙනාගේ උපතින්ම නියපොත්තේ ඇති හැඩය හා පිහිටීමත් මේ රෝග තත්ත්වයට හේතු වෙනවා. 
නමුත් ඒ අවස්ථාවේදීත් සපත්තු පැළඳීම යන කාරණය ඒ සඳහා අත්‍යවශ්‍ය වෙනවා. සමහර දෙනෙක් විසින් මේ රෝග තත්ත්වය, නියපොත්ත අසල සම හා මස් ප්‍රමාණය වැඩිවීම නිසා, ඒවා නියපොතු දාරයට තෙරපීමෙන් ඇතිවිය හැකි දෙයක් බවටද විශ්වාස කරනවා.

 

රෝගයට ප්‍රතිකාර ලෙස බැක්ටීරියා ප්‍රතිජීවක ඖෂධ ආලේප කිරීම ආදිය කිසියම් සහනයක් සැපයුවත්, රෝගය සෑදුණු ආකාරය ගැන අවධානය යොමුකර ඒවා වැළැක්වීමත්, විශේෂයෙන් තද ගතියක් නැති සපත්තු භාවිතයට පෙළඹීම හා නියපොතු කැපීමේදී සැලකිලිමත් වීමත් අවශ්‍ය වෙනවා.

 

මහපටැඟිල්ල හිරි වට්ටවා, වේදනාව නැතිකර නියපොතු දාරය එහි මුල සිට ඉවත් කිරීමේ සුළු ශල්‍යකර්මය වඩාත් ප්‍රතිඵලදායක තත්ත්වයකි. එබැවින් මේ සඳහා උපදෙස් ඔබගේ වෛද්‍යවරයා හෝ ශල්‍ය වෛද්‍යවරයා මගින් ඔබට ලබාගත හැකිය.

 

[ASTRO]$type=right$va=0$count=3$show=home

[MOTIVATIONAL]$type=left$va=0$count=3$show=home

[WASTHU]$type=right$va=0$count=3$show=home

STAR GOSSIP$type=three$c=12$cm=0$d=0$a=0$sn=0$h=250$ho=https://stargossip.bottomline.asia

[LATEST ARTICLES]_$type=three$count=12$h=250$space=10$icon=1$m=0$sn=0$rm=0$hide=home

Name

Astro,4,Automobile,3,Family,5,Fashion,5,Finance,3,Healthy,24,Healthy Chef,3,Lifestyle,57,Limitless,7,Readers,13,Science,4,Tech,15,Travel,5,Wasthu,3,Women,9,
ltr
item
LifeLine: සපත්තු නිසා සවුත්තු වන ඇඟිල්ලට මෙහෙම කරන්න
සපත්තු නිසා සවුත්තු වන ඇඟිල්ලට මෙහෙම කරන්න
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh3UDhtsKA9BRGw6ro4h-flPY3rUCBzRboTweA25sbD8HLnIyaomX0xA5lqree_3vin9mHPsJJjXBCup2TCLI9H8gubOebLqm8GWVJON59U_ArvCqYqQtVmi1rOaP2GCLubTXv5nP8XcQmwPoBlCR8QY4qzAjR4rfxjzSlvF1CrkmEi4FuhAL1j6qvm/s16000/diabetic-foot-care-toes.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh3UDhtsKA9BRGw6ro4h-flPY3rUCBzRboTweA25sbD8HLnIyaomX0xA5lqree_3vin9mHPsJJjXBCup2TCLI9H8gubOebLqm8GWVJON59U_ArvCqYqQtVmi1rOaP2GCLubTXv5nP8XcQmwPoBlCR8QY4qzAjR4rfxjzSlvF1CrkmEi4FuhAL1j6qvm/s72-c/diabetic-foot-care-toes.jpg
LifeLine
https://lifeline.bottomline.asia/2022/08/3-helthi-foot-fingers-shoes-.html
https://lifeline.bottomline.asia/
https://lifeline.bottomline.asia/
https://lifeline.bottomline.asia/2022/08/3-helthi-foot-fingers-shoes-.html
true
3337541541253042350
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content