ආදරය කියන්නේ මේ ලොව අතිශය සංවේදී මාතෘකාවක්. ආදරය හා බැඳුනු සුන්දර සිදුවීම් වගේම අසුන්දර සිදුවීම්ද නැතිවා නොවේ. ආදරය භුක්ති විඳින්නන් මෙන්ම ආ...
ආදරය කියන්නේ මේ ලොව අතිශය සංවේදී මාතෘකාවක්.
ආදරය හා බැඳුනු සුන්දර සිදුවීම් වගේම අසුන්දර සිදුවීම්ද නැතිවා නොවේ.
ආදරය භුක්ති විඳින්නන් මෙන්ම ආදරය වෙනුවෙන් විඳවන්නන්ද මේ ලොව අසීමිතය.
එසේම ආදරය දිනාගත් අයද පරාජය වූවන්ද එමටය.
මේ සියල්ල මිනිසාගේ ආරම්භයේ සිට සිදුවූ සිදුවීම් වන අතර ඉතිහාසය තුල මෙන්ම වර්තමානයේද බොහෝ ජන හදවත් වල රැඳුනු ආදර කතා අසීමිතය.
එදා මෙදා තුල ආදරයේ නාමයෙන් ස්වකීය ජීවිතයේ උත්තම පරිත්‍යාගයන් සිදුකරමින් එකී ආදරයේ විපුලඵල නෙලාගත් ආදරයවන්තයින් සීමිතය.
එවන් වූ ආදරවන්තයින් ගැන විස්තරයක් අපි මීට කලිනුත් කිව්වා.
මේ ඉතිරි කොටස
දීඝගාමිණී සහ උන්මාද චිත්‍රා
උන්මාද චිත්‍රාට එක්ටැම් ගෙයක සිය යොවුන් විය ගෙවන්නට සිදු විය.
එසේ වූයේ දෛවඥයින් විසින් ඇගේ දරුවා මාමාවරුන් මරා රජවන බව කී නිසාය. දීඝගාමිණී නම් කුමරුට එක්ටැම් ගෙය තරණය කර, චිත්‍රාවන් රාජකීය නෙත් වලින් සැඟවී හමුවන්නට හැකි විය.
එහෙත් වැඩි දවස් යන්නට මත්තෙන් හටගත් දරුගැබ සඟවන්නට නොහැකි විය. අවාසනාවකි, උපදින්නේ පිරිමි දරුවෙකි.
කුමරිය උපායෙන් ගැහැණු දරුවෙකු හා මාරු කොටගෙන පිරිමි දරුවා දොරමඬලාව නැමැති ගමට පිටත් කර හැරියේ දාසියකගේ පැස තුළ කිරිකැටි දරුවා හොවාලමිනි.
අවසන දෛවඥයින් කියූ පරිදිම ඒ දීඝගාමිණී සහ උන්මාද චිත්‍රාගේ ප්‍රේමයේ අග්‍රඵලය වූ අභය කුමරු, පණ්ඩුකාභය නමින් අනුරාධපුරයේ මුල්ම රජ බවට පත් විය.
සූරිය දේවී සහ වීදිය බණ්ඩාර
වීදිය බණ්ඩාර සොළොස් හැවිරිදි ටිකිරි කුමරුගේ උපායකින් මායාදුන්නේ රජුට හසුවිය.
වීදිය බණ්ඩාර මායාදුන්නේ රජුගේ සිරභාරයේ සිටිද්දී ටිකිරි කුමරිය හෙවත් සූරිය දේවිය වීදිය බණ්ඩාර හා පෙමින් වෙළුණි.
මලනුවන් වූ ටිකිරි කුමරා තරම්ම දක්ෂයෙකු නොවූවද, මායාදුන්නේ ගේ දියණිය වූ සූරිය දේවිය යම් පමණක රණ කෙළියේ දක්ෂ දියණියක විය.
වීදිය බණ්ඩාර මායාදුන්නේ රජුගේ විලංගුවලින් නිදහස් වූයේ ටිකිරි කුමරියද රැගෙනය. පසු කලෙක පෘතුගීසින්ගේ කොළඹ කොටුවේ දඟ ගෙයක සිරබත් කන්නට වීදිය බණ්ඩාරට සිදු විය.
එවිට සිය පියා වූ මායාදුන්නේ ගෙන් උදව් ඉල්ලූවද ඔහුගේ ප්‍රධාන සෙන්පති වන ටිකිරි කුමාරයා එයට කැමති වූයේ නැත.
එහෙත් මායාදුන්නේ විසින් සපයාදුන් උමං කනින පිරිසක් හා එකතුව උමඟක් ඉදිකර, උමඟකින් වීදිය බණ්ඩාර සිරගෙයින් නිදහස් කරගන්නට සූරිය දේවිය සමත් විය.
වීදිය බණ්ඩාර සැහැසි දරුණු මිනිසෙකි. එහෙත් සූරිය දේවිය හැකි සෑම විටකම සිය සැමියා ආරක්ෂා කරගන්නට සමත් විය.
දස්කොන් ප්‍රමිලා
සිංහලයේ අවසාන රජු වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු වේ.
ඔහුගේ සේනාවේ දස්කොන් නමින් පෘතුගීසි- ප්‍රංශ සම්භවයක් සහිත හැඩි දැඩි සෙනෙවියෙක් විය. දස්කොන් හා ප්‍රමිලා බිසව අතර ආදරයක් හටගන්නට විය.
නිතර මාලිගය අවට ගැවසීමට දස්කොන් වැනි සෙන්පතිවරුන්ට අවස්ථාව සැලසුණි. ශෘංගාරාත්මක කවියෙන් බිසවුන් ඇද බැඳ තබාගන්නට සමත් වූ දස්කොන් කෙරේ සැබැවින්ම ප්‍රමිලා බිසවගේ සිත ඇලෙන්නට ඇත.
ප්‍රමිලා බිසවට රෝගයක් ඇති විය.
ඉන් පසු එයට පිලියම් ලෙස බිසවගේ රූපයට සමාන බලියක් ඇඹීමේදී දස්කොන් විසින් බිසවගේ රහස් තැනක වූ ලපයක් පෙන්වීම දස්කොන්ගේ දිවි හමාර වීමට හේතු විය.
සැබැවින්ම ඒ පුරාණ විශ්වාසය අනුව බිසවගේ රුවට සමාන රූපයක්ම ඇඹීමට නම් බිසවගේ සියලු අඟපසග ඒ අයුරින්ම තිබිය යුතුයැයි දස්කොන් තෙමේ ප්‍රේමයෙන් මත්ව සිතන්නට ඇත. ශෝකයකි.
ඔහුගේ උතුරා ගිය ප්‍රේමය නිමාවූයේ ඔහුගේ මරණයෙනි.
මෙන්න කලින් ලිපිය - මෙතනින් කියවන්න