Logo
Logo

ලස්සන හම එපාකරවන අළුහම් වලට බෙහෙතක්

මොන තරම් අමාරුකම් තිබුණත් අපි හැමෝගෙම ආසාව ලස්සනට පිළිවෙලට ඉන්න. වැඩි විච්චූරන නැති උනත් ඉතාම සරල විදිහට ලස්සන වෙන්න අපි කවුරුත්  කැමතියි. ල...




මොන තරම් අමාරුකම් තිබුණත් අපි හැමෝගෙම ආසාව ලස්සනට පිළිවෙලට ඉන්න.

වැඩි විච්චූරන නැති උනත් ඉතාම සරල විදිහට ලස්සන වෙන්න අපි කවුරුත්  කැමතියි.

ලස්සන ගැන කතා කරනකොට අපිට කිසිම විදිහකින්  සම ගැන අමතක කරන්න බෑ.

සමේ ඇතිවන පුංචි ලපයක් පවා ලස්සනට ඉන්න හිතන අයගේ ඇසට ගේන්නේ කදුලක්.

මේ නිසාම හැමෝගෙම උත්සහය කොහොම හරි ලස්සනට ඉන්න.

මේ කියන්න හදන්නේ එහෙම ලස්සනට ඉන්න බාධාවක් වෙන හමේ රෝගයක් වෙනුවෙන් ගෙදරදිම හදාගන්න පුළුවන් බෙහෙතක් ගැන කියන්න.

ඒ තමා අළුහම්.

අළුහම් ඇති වීමට හේතු කිහිපයක් තියෙනවා. එනම්,

අධිකව දහදිය දැමීම, පරිසරයේ ඇති අසමතුලිතභාවය, කොට්ට-උර, ඇඳ ඇතිරිලි පිරිසුදුව තබා නොගැනීම, කෘත්‍රිම ආහාරපාන වැඩි වශයෙන් ගැනීම, අධික රසායනික සංයෝග මිශ්‍රිත ආලේපන වර්ග සම මත ගැල්වීම, විටමින් බී පෝෂණ සංඝටකය අඩු වූ විට, විවිධ ජානමය හේතු, ශරීරයේ සේදීමෙන් පසුව හොඳින් පිස තෙත මාත්තු නොකිරීම, තෙත ඇඳුම් ඇඳීම, ශරීරයේ අධික උෂ්ණ බව ආදියයි.

1 වැනි සත්කාරය

අවශ්‍ය දේවල්

-ඇත්තෝර කොළ 06-07ක්

-දෙහි ගෙඩි භාගයක යුෂ

සාදා ගන්නා ආකාරය හා භාවිත කරන ආකාරය

මේ ද්‍රව්‍ය දෙක හොඳින් බ්ලෙන්ඩර් කොට හෝ ගලක තබා අඹරා ගන්න. එම යුෂ ටික ලබා ගන්න. ඉන්පසුව සම හොඳින් පිරිසුදු කොට තෙතමාත්තු කරන්න. අළුහම් තිබෙන ස්ථානවල පමණක් ආලේප කොට විනාඩි 40ක් පමණ තබා සාමාන්‍ය ජලයෙන් සෝදා හරින්න.

2 වැනි සත්කාරය

අවශ්‍ය දේවල්

-අමු කහ කැබැල්ලක්

-දෙහි ගෙඩි භාගය ඉස්ම

-පෙති තෝර කොළ 06-07ක්

සාදා ගන්නා ආකාරය හා භාවිත කරන ආකාරය

ඉහත සියල්ල හොඳින් බ්ලෙන්ඩර් කොට හෝ ගලක තබා අඹරා යුෂ ලබා ගන්න. දැන් සම හොඳින් පිරිසුදු කොට හොඳින් වියැළුණු පසුව එම ඉස්ම  අළුහම් ඇති ස්ථානවල පමණක් ආලේප කොට විනාඩි 40ක් පමණ සම මත වියැළෙන්නට හැර සාමාන්‍ය ජලයෙන් සෝදා ඉවත් කරන්න.

3 වැනි සත්කාරය

අවශ්‍ය දේවල් 

-සුදු හඳුන් කුඩු මේස හැඳි 02ක්

-දෙහි යුෂ මේස හැඳි 04ක්

සාදා ගන්නා ආකාරය සහ භාවිත කරන ආකාරය

අළුහම් ඇති ප්‍රදේශවල ආලේප කොට විනාඩි 40ක් පමණ තබා සෝදා ඉවත් කරන්න.


සරණි විතානගේ

ප්‍රවීණ රූපලාවණ්‍ය

ශිල්පිනි

සැලෝන් ඔහාෂා

නුගේගොඩ



[ASTRO]$type=right$va=0$count=3$show=home

[MOTIVATIONAL]$type=left$va=0$count=3$show=home

[WASTHU]$type=right$va=0$count=3$show=home

STAR GOSSIP$type=three$c=12$cm=0$d=0$a=0$sn=0$h=250$ho=https://stargossip.bottomline.asia

[LATEST ARTICLES]_$type=three$count=12$h=250$space=10$icon=1$m=0$sn=0$rm=0$hide=home

Name

Astro,4,Automobile,3,Family,5,Fashion,5,Finance,3,Healthy,24,Healthy Chef,3,Lifestyle,57,Limitless,7,Readers,13,Science,4,Tech,15,Travel,5,Wasthu,3,Women,9,
ltr
item
LifeLine: ලස්සන හම එපාකරවන අළුහම් වලට බෙහෙතක්
ලස්සන හම එපාකරවන අළුහම් වලට බෙහෙතක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhHNZ8zDWFvT1Y6S8Sla5pTDEHOYg578rKx6UbuTNA1GoC7OwzspmytV9bWTGNTtTs7j4lcuDxSTrf3ohTwLhl7cKDb_o0COB64GdTRRVq4HOUmlPT0V7UIZg1xPGYqOswPNDMiuitRIHwI1TOdv5j6hiI5ycjHy8k_gw2JfVDJIYd-lAyl8YNM9Dbh/s16000/skin.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhHNZ8zDWFvT1Y6S8Sla5pTDEHOYg578rKx6UbuTNA1GoC7OwzspmytV9bWTGNTtTs7j4lcuDxSTrf3ohTwLhl7cKDb_o0COB64GdTRRVq4HOUmlPT0V7UIZg1xPGYqOswPNDMiuitRIHwI1TOdv5j6hiI5ycjHy8k_gw2JfVDJIYd-lAyl8YNM9Dbh/s72-c/skin.jpg
LifeLine
https://lifeline.bottomline.asia/2022/08/29-clear-skins-for-womens.html
https://lifeline.bottomline.asia/
https://lifeline.bottomline.asia/
https://lifeline.bottomline.asia/2022/08/29-clear-skins-for-womens.html
true
3337541541253042350
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content