ජීවිතේ කියන්නේ හරියටම විඳින්න ඕන දෙයක්. ඒ විදියට ජීවිතේ විඳන්න නම් අපි ජීවිතේ ගතකරන විදිය බලපානවා. ලේසියෙන්ම කිව්වොත් අපේ ජීවිතේ සරල වෙන තරම...
ජීවිතේ කියන්නේ හරියටම විඳින්න ඕන දෙයක්.
ඒ විදියට ජීවිතේ විඳන්න නම් අපි ජීවිතේ ගතකරන විදිය බලපානවා.
ලේසියෙන්ම කිව්වොත් අපේ ජීවිතේ සරල වෙන තරමට හරිම පහසුයි ජීවිතේ ගතකරන්න.
ගොඩාක් අය මේ දවස්වල ජීවිතේ වෙනස්කම් ගැන හිතන නිසා අපි හිතුවා සරල ජීවිතයක් ගත කරන්න ඕන දේවල් ගැන කියලා දෙන්න.
මේක වචනයෙන් දෙකෙන් කියන්න බැරි නිසා ලිපි කිහිපයකින් මේ දේ ගැන කතා කරන්න වෙනවා.
මේ ජීවිතේ සරල කරගන්න ඕන කරන පළමු ටිප් එක.
වැඩිය හිතන්න එපා.
අපි ඕවර් තින්කින් කියලා කියනවා නේද? ඒ කියන්නේ ඕනෑවට වඩා හිතන අය ගැන.
ඕනම දෙයක් ඕන වට වඩා ඕන නෑ කියනවානේ.
අන්න ඒ වගේ හිතන එකත් වැඩිය එපා
ඇත්තටම ඕනෑවට වඩා හිතන එක සරල ජීවිතයක්, සරල මනසක් සඳහා බොහොම අහිතකරයි.
ඇයි එහෙම කියන්නේ? දැන් හිතන්න.
අපිට ඕන නම් හිතාගෙන හිතාගෙන හිතාගෙන ගිහිල්ලා නවතින්න පුළුවන්, මේ ලෝකේ තේරුම මොකද්ද?
කවදාහරි උල්කාපාතයක් කඩාගෙන වැටිලා අපි ඔක්කොම මැරෙන්නත් පුළුවන් නේද? වගේ තැන්වලට යනකල්.
ඒ වගේ දාර්ශනික ප්‍රශ්න ගැන හිතන එකේ වැරැද්දක් නැහැ. හැබැයි ඒකෙන් අපේ එදිනෙදා ජීවිතේට කිසිම උදවුවක් නැහැ.
අන්න ඒ නිසා මේ හිතන එක අවශ්‍ය ප්‍රමාණයට කරගන්න ඉගෙන ගන්න වෙනවා. ඒකට මෙතනින් එහාට කියන්න යන දේවලුත් උපකාරී වෙයි.
කොටින්ම කියනවා නම්, ඕනෑම දෙයක් ගැන දිගින් දිගටම අනවශ්‍ය විදියට හිතන්නේ නැතුව, ප්‍රශ්නය මොකද්ද? ප්‍රශ්නයට විසඳුම මොකද්ද? ප්‍රශ්නයට විසඳුම යොදාගන්න මාර්ගය මොකද්ද? කියලා හිතුවා නම් ප්‍රමාණවත් වෙයි.
තවත් දවසක ජීවිතේ සරල කරගන්න තව ඉඟියක් දෙන්නම්.