වතුර නැත්නම් ජලය කියන්නේ අපිට ජීවත් වෙන්න ඕනම කරන දෙයක්. වතුර නැතිව අපිට ජීවත් වෙන්න අමාරුයි. ඒ නිසාම අපි හිතුවා වතුර සහ අපේ ජීවිතය අතර තියෙ...
වතුර නැත්නම් ජලය කියන්නේ අපිට ජීවත් වෙන්න ඕනම කරන දෙයක්.
වතුර නැතිව අපිට ජීවත් වෙන්න අමාරුයි.
ඒ නිසාම අපි හිතුවා වතුර සහ අපේ ජීවිතය අතර තියෙන සම්බන්ධකම ඔයාලට මතක් කරලා දෙන්න.
අද වෙද්දි ගොඩාක් ලෙඩ රෝග වලට හේතුව වෙලා තියෙන්නෙත් මේ වතුර එක්ක තියෙන සම්බන්ධකම තේරුම් නොගැනීම.
සාමාන්‍ය වැඩිහිටියකුගේ සිරුරේ බරින් තිහෙන් එකක ජලය කොටසක් දිනකට පානය කිරීම සුදුසු බව වෛද්‍ය නිර්දේශය වෙනවා.
ඒ කියන්නේ සාමාන්‍යයෙන් කිලෝ හැටක් බර මනුෂ්‍යයෙකු දිනකට ජලය ලීටර දෙකක් පමණ පානය කරන්න ඕන.
පාරිසරික සාධක, වෛද්‍යමය හේතුන්, රෝගී තත්වයන්, සිරුර වෙහෙසීම ආදී කටයුතු නිසා පානය කළ යුතු ජල ප්‍රමාණය සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි වෙන්න පුළුවන්
මෙන්න මේ අවස්ථාවලදි වැඩිපුර වතුර පාවිච්චි කරන්න ඕන.
• නූතනයේ බොහෝ කාර්යාල ස්ථාන පංකා හෝ වායුසමන පද්ධති මගින් වාතය සපයනු ලබනවා.
වායුසමන පද්ධතියේන නිකුත්වන වාතය සාමාන්‍ය වාතයට වඩා ජලවාශ්ප වලින් හිගය. විදුලි පංකා වල එන සුළඟින් අපේ සිරුරේ දහදිය ඉක්මනින්ම සිදී යනවා.
එබැවින් වායුසමන හෝ පංකා සවිකළ පරිසරයක සිටින විට පානය කළ යුතු ජල ප්‍රමාණය වැඩිය.
• උණුසුම වැඩි දිනවලදී සහ එළිමහනේ අව්වට නිරාවරණය වෙමින් සිටින විට පානය කළ යුතු ජලය ප්‍රමාණය වැඩියි.
එවිට දහදිය ලෙස සිරුරෙන් ජලය ඉවත්වීම ඉක්මණින් සිදුවෙනවා.
•ව්‍යායාම වල නිරත වන විටදී සහ සිරුර වෙහෙසා වැඩ කරන අවස්ථාවලදී අප සිරුරෙන් නිකුත්වන ජලය ප්‍රමාණය වැඩියි.
එවන් අවස්ථාවලදීද සාමාන්‍ය පාවිච්චියට වඩා ජල ප්‍රමාණයක් සිරුරට ලබාදිය යුතුවනවා.
•ඩෙංගු උණ, පාචනය වැනි රෝගාබාධ වලදී ජලය පානය කරන්නැයි වෛද්‍ය උපදෙස් ලබාදෙනු ලැබේ.
එවන් අවස්ථාවලදීද නිර්දේශ පමණට වැඩිපුර ජලය පානය කරන්න ඕන.
• ඇඟ මහන්සි වී එළිමහනේ කරන ක්‍රීඩාවකදී හෝ වැඩකදී වැඩ කරන්නට ප්‍රථමයෙන් ජලය මිලි ලීටර 500ක් පානය කිරීමත් ඉන් පසු හැකි පමණ මිනිත්තු 15කට වතාවක් වත් ජලය මිලි ලීටර 250ක් පානය කිරීමත් කරන්න ඕන.