කවුරු මොන විදිහට කිව්වත් ජීවිතේ ගොඩදාගන්න ප්‍රධානම වෙන දෙයක් තමයි අපේ රස්සාව. ඒකනේ ඉගෙන ගෙන ඉවරවුන ගමන් කට්ටිය උද්ඝෝෂණය කර කර රස්සා ඉල්ලන්න...
කවුරු මොන විදිහට කිව්වත් ජීවිතේ ගොඩදාගන්න ප්‍රධානම වෙන දෙයක් තමයි අපේ රස්සාව.
ඒකනේ ඉගෙන ගෙන ඉවරවුන ගමන් කට්ටිය උද්ඝෝෂණය කර කර රස්සා ඉල්ලන්නේ.
හැබැයි අද කාලේ ගොඩක් අයට තියෙන අවුලක් තමයි කරන්න යන රස්සාවට වඩා ඊට කලින් තියෙන ඉන්ටවිවු එකට මුහුණ දෙන්නේ කෙහොමද කියලා
අන්න ඒ නිසා මඅපි හිතුවා අද ඉන්ටවිවු එක ගොඩදාගන්න ටිප්ස් ටිකක් කියලා දෙන්න
ඒ තමයි මේවා
පෙර පුහුණුවීම් එපා
ගොඩක් අය ඉන්ටවිවු එකකට කලින් කණ්නාඩියක් ඉස්සරහට ගිහිල්ලා පොඩි පෙර පුහුණුවක් කරනවා.
ඕක කරන එකෙන් වෙන්න පුළුවන් නරක දේවල් බොහෝමයක් තියෙනවා. මුල්ම දේ තමයි අපිට කන්නාඩියෙන් පේන්නෙ අපිව වුනාට ඉන්ටවිවු බෝඩ් එක අපිට වඩා වෙනස් වීම.
අන්න ඒ නිසා ඉන්ටවිවු බෝඩ් එක ඉස්සරහදි අනපේක්ෂිත මානසික කඩා වැටීමක් සිද්ධ වෙන්නට පුළුවන්. අනිත් කාරණය තමයි අපේ පෙරපුහුණුව කණ්නාඩිය ඉස්සරහදි අප්සට් ගියොත් අපිව මානසිකව වැටෙන්නත් ඉඩ තියෙනවා. ඒ වගේම දෙතුන්වතාව පෙර පුහුණුවීම් කරද්දි අපිට අපේ කතාව තව වෙනස් කරලා හැඩ කරන්න හිතෙනවා.
ඒකෙන් නොහිතන වැරදි සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා ඔලුව ඇතුළෙ චිත්‍රයක් මවාගත්තට, ඒක පෙරපුහුණුවක් වෙනතෙක් ගෙනියන්නට එපා.
බය වෙන්න එපා,සැහැල්ලු වෙන්න.
ඉන්ටවිවු එක ලංවෙද්දි මං මේ ඉන්ටවිවු එක ෆේල් වේවිද? ඊටපස්සෙ යාළුවොන්ට මුහුණ දෙන්නෙ කොහොමද? ගෙදරට කන්න දෙන්නෙ කොහොමද? කියල හිතිලා ඔයාව මානසික ව්‍යාකූලත්වෙකට පත්වෙන්නට තියෙන ඉඩ වැඩියි. ඉතිං ඔය ව්‍යාකූලත්වය නිසාම ඔයාව ෆේල් වෙන්නට පුළුවන්.
ඒ නිසා හැම තිස්සෙම සුබවාදී හිතක් තියාගෙන වැඩේට සෙට් වෙන්න. ඒ වගේම මේක ෆේල් වුනත් තමුන්ට කරන්න පුළුවන් විකල්ප දේවල් ගැන හිතන්න. ආසාවත් කැපවීමත් තියෙනවනං මේ ලෝකෙ සල්ලි හොයන්න ඕනතරං ක්‍රම තියෙන බව මතක තියාගන්න.
ප්‍රසන්නව ඉන්න
ඉන්න සිකියුරිටි මහත්තයා වගේම අනෙත් සම්මුඛ පරීක්ෂණයට මුහුණ දෙන්න ආපු අයටත් හොඳ හිනාවක් දාලා සන්තෝසෙන් ඉන්න.
ඒක මූනිච්ඡාවට දාන හිනාවක් නොවී අවංකව සිනහවකින් සංග්‍රහ කරන්න වගබලාගන්න. ඒක ඔයාටම හොඳක් විදියට කැරකිලා එන්න පුළුවන්.
ඒ නැතත් තවත් කෙනෙකුට හිනාවුනා කියල අවුලක් වෙන්නෙ නැහැනෙ.
වැඩිය හිතන්න එපා.
මේකත් අර මුලින් කිවුව ව්‍යාකූල වීමටම සම්බන්ධයි. කඩ්ඩෙන් කිවුවොත් මේ කියන්නෙ බොඩි ලැන්වේජ් එක ගැන.
බය ගුල්ලෙක් වගේ ගුලි ගැහිලා ඉන්නෙ නැතුව, සද්දෙ අඩුවෙන් හොරෙක් වගේ කතා කරන්නෙ නැතුව, ඉංග්‍රීසි හොඳට පුළුවන් කියලා පෙන්නන්න හිතාගෙන වේගෙන් කියවන්න යන්නෙ නැතුව පැහැදිලි අරමුණක් තියෙන මනුස්සයෙක් වගේ ඉන්ටවිවු එකට මුහුණ දෙන්න.
තමන්ගේ කතාවට අත් වගේම මුහුණේ ඉරියව් යොදාගන්න.
මෙන්න මේ ටික එක්ක ඔයා යන්න ඉන්ටර්විවු එකකට .
ඔයා ජය ගන්නවා සිකුැරුයි.