“ අනේ මන්දා කොච්චර කලත් වැඩ වල ඉවරයක් නෑ. එකදිගට වැඩ.. මට නම් දැන් එපා වෙලා තියෙන්නේ. හිතට කිසිම සැනසීමක් නෑ”. දවසට පැය 48 ක් තිබුණත් මදි....
“අනේ මන්දා කොච්චර කලත් වැඩ වල ඉවරයක් නෑ.
එකදිගට වැඩ..
මට නම් දැන් එපා වෙලා තියෙන්නේ. හිතට කිසිම සැනසීමක් නෑ”.
දවසට පැය 48 ක් තිබුණත් මදි.
මේ වගේ දේවල් අපි හඳුනන කී දෙනෙක් නම් කියනවාද ?
හැමෝටම තියෙන ප්‍රශ්නෙ තමයි වෙලාව මදිකම.
වැඩ කොයිතරම් තිබුණත් අපිට පුළුවන් වෙන්න ඕන තියෙන වෙලාව එක්ක ගලපගන්න
මේ කියන්න හදන්නේ කොහොමද වෙලාව වැඩි කරගන්නේ කියලා.
ඔයාට ගැලපෙන වෙලාව හොයාගන්න
එක එක අයට වැඩ කරන්න හිතෙන නැත්නම් වැඩකරන්න පුළුවන් වෙලාවක් තියෙනවා.
සමහර අයට උදේ පාන්දර
සමහර අයට මහ රෑ.
මෙන්න මේ වගේ තමන්ට වැඩිම කාර්යක්ෂමතාවක් තියෙන වෙලාව හොයාගන්න ඕන.
ඒ වෙලාවට ඔබට ඒ වෙලාවෙදි කරන්න පුළුවන් වැඩ ටික කොහොමහරි කරනවා කියලා හිතාගන්න.
එහෙම හිතලා වැඩ කරන්න. සාමාන්‍යයෙන් ඔයා කරන වැඩ ප්‍රමාණයට වඩා වැඩියෙන් ඔයාට පුළුවන් වෙයි වැඩ කරන්න.
වැඩ බදාගන්න එපා
වැඩ කරන්න පටන් ගත්තාට පස්සේ කොච්චර වැඩ ගොඩක් තිබුණත්, ඒවා හදිස්සි වුණත් දොඩම් ගොඩ බදාගත්තා වගේ, කරන්න යන්න එපා.
ලේසිම වැඩේ මුලින්ම කරන්න.
එතකොට ඒක ඉක්මණට ඉවර කරලා දාන්න පුළුවන්.
ඒක ඉවර වෙනවා කියන්නේ ඔබට කරන්න තියෙන වැඩ ගොන්නෙන් එකක් ඉවරයි.
එතකොට හිතට නිදහසකුත්, උද්‍යෝගයකුත් ලැබේවි.
ඒ නිදහසට පුළුවන් වේවි ඔයාව දිගින් දිගටම උද්යෝගයෙන් තියන්න.
වැඩ ලිස්ට් එකක් හදාගන්න
වැඩ ඔක්කොම ඔළුවෙ තියාගෙන ඉඳලා කරන්න අමාරුයි.
මොකද අපිට එතකොට අමතක වෙනවා.
අන්න ඒ නිසා හොඳම දේ. කරන්න තියෙන වැඩ ටික ලිස්ට් කරන්න.
ඒක හදනකොට ප්‍රමුඛතා පිළිවෙලට ඒ ලිස්ට් එක හදන්න.
එහෙම හදලා ඒ පිළිවෙලට කරගෙන යන්න. ඉවරකරන පිළිවෙලට ඒවා මාර්ක් කරන්නත් අමතක කරන්න එපා.
ඒ වගේම එදා දවසට තියෙන වැඩටික එදාම ඉවර කරන්න.
එතකොට ඔයාට හැම දවසකම ඉඩක් තියේවී.
මේ විදිහට කරගෙන යද්දී හිතට එන කම්මැලිකම්,
නිදිමත වගේ දේවල් ඔළුවෙන් අයින් කරලා දාන්න. උනන්දුවෙන් මුල් සති දෙකේ වැඩේ ඇදන් යන්න.
ඊට පස්සේ ඔයා නිකම්ම මේ ක්‍රමයට හුරුවේවි.