ජීවිතේ දිනන්න ඕන විශ්වය සමඟ කටයුතු කරන්න ඕන ආකාරය ගැන අපි අවස්ථා කිහිපයකදී කියලා දුන්නා. මේ කියන්න යන්නේ තවත් ඒ වගේ ක්‍රමයක් ගැන. ඒබ්‍රහම් ...
ජීවිතේ දිනන්න ඕන විශ්වය සමඟ කටයුතු කරන්න ඕන ආකාරය ගැන අපි අවස්ථා කිහිපයකදී කියලා දුන්නා.
මේ කියන්න යන්නේ තවත් ඒ වගේ ක්‍රමයක් ගැන.
ඒබ්‍රහම් හික්ස් විසින් හොයාගත්තු මේ ක්‍රමය සෑහෙන්න ප්‍රතිඵලදායක ක්‍රමයක්.
ඒබ්‍රහම් හික්ස් කියන විදියට ඔයාගෙ ඉලක්කය ගැන තප්පර 17ක් එක එල්ලේ අවධානය හා හිත යොමු කරන් ඉන්න පුලුවන් නම් අනිවාර්යෙන්ම ඒක ලබාගන්න පුලුවන් කියලයි.
බලන්න හිත කොයිතරම් ශක්තිමත්ද කියලා.
ඔයාට අවශ්‍ය දේ හෝ හමුවෙන්න ඕන කෙනාව ඇස් දෙක වහන් තප්පර 17ක් එක දිගට විශුවලයිස් කිරීම තමයි මේකෙදි කරන්න ඕනේ.
ඒ කියන්නේ ඒ දේ ගැන හිතන්න, හිතමින් චිත්ත රූප මවන්න.
පුළුවන් නම් ෆෝන් එකේ ටයිමර් එක තප්පර 17කට හදාගෙන සැහැල්ලුවෙන් ඉඳගෙන හිත එකම අරමුණක තියාගෙන මේක කරන්න.
කවුරුත් නැති නිස්කලංක තැනක ඉදන් කරන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි.
මේකෙදි ඉටුවෙන්න ඕනෙ කාරණාව ඉෂ්ඨ උනා සේ චිත්තරූප මැවීම කරන්න ඕනේ (Visualize)
මේක කරන්න ස්ථිර වේලාවක් නෑත
ඔයාට පහසු වෙලාවක් තෝර ගන්න.
උදේ පාන්දර නම් ගොඩාක් හොඳයි.
බලන්ඉද්දි ඔයාගේ ජීවිතේ වෙනස්වේවි.