හිත කියන්නේම ඉපදුනු තැන ඉදන්ම හරිම කලබලකාරයෙක්. වැඩක් කරන්න ගියාම හිත රට සේරම දුවනවා නම් ඒකෙන් වැඩ කල් ගිහින් අපි අමාරුවෙ වැටෙනවා. අඩු තරමේ ...
හිත කියන්නේම ඉපදුනු තැන ඉදන්ම හරිම කලබලකාරයෙක්.
වැඩක් කරන්න ගියාම හිත රට සේරම දුවනවා නම් ඒකෙන් වැඩ කල් ගිහින් අපි අමාරුවෙ වැටෙනවා.
අඩු තරමේ හොඳ නින්දක් දාන්නවත් හිත එක තැනක නොතිබුණොත් අමාරුයි.
පාඩම් කරන අයට නම් විශේෂයෙන් මේ උපදෙස් වැදගත් වේවි.
අපි බලමු කොහෙමද
වැඩ ගොඩකරගන්න එපා.
වැඩ ටික හිර වුණාම ඒකත් කරන්න ඕන, මේකත් කරන්න ඕන කියලා හිතට හැම තිස්සෙම කරදරේ.
ඉතින් එක වැඩක් කරන්න ගියාම අනිත් එකේ අමාරු තැන් ගැන හිතට එනවා.
ඒකෙන් වෙන්නේ කරන වැඩේත් හරියට කරගන්න බැරුව මුළු දවසෙම කල්පනා කර කර ඉන්න එක විතරයි.
හැබැයි ඒ වෙනුවට අපිට කරන්න තියෙන වැඩ ටික පොඩි ලිස්ට් එකක් හදාගෙන, එකින් එක ඉවර කරලා ඒවා කපලා දාන්න පුරුදු වුණොත් කාලයත් කළමනාකරණය කරගෙන වැඩ ටිකත් ටිකින් ටික ඉවර කරගන්න හැකි වෙනවා.
ෆෝන් කරදරෙන් මිදෙමු.
අද කාලේ හිත දුවන ප්‍රධාන දේ තමයි ෆෝන් එක කියන්නේ. ෆෝන් එකට notification එකක් ආපු ගමන් අපි අතට ගන්නවා.
ඊට පස්සේ ටිකක් ඉඳිද්දි ඇයි notification එකක් ආවේ නැත්තේ කියලා බලන්න ෆෝන් එක අතට ගන්නවා.
මෙහෙම ෆේස්බුක්, ට්විටර්, ඉන්ස්ටග්‍රෑම්, SMS, Calls ආදී එකී නොකී හැම එකකටම අපි ප්‍රතිචාර දක්වලා ආයෙ වැඩට බහිද්දී අස්සයා පැනලා ගිහින් ඉවරයි.
ඒ නිසා focus කරලා වැඩක් කරන් ඕන වුණ ගමන් මුලින්ම ෆෝන් එකේ ඩේටා ඕෆ් කරන්න, නැත්නම් Airplane mode හෝ සම්පූර්ණයෙන්ම ෆෝන් එක ඕෆ් කරලා දාලා වැඩේට හිත යොදන්න. මුලදි මේක ටිකක් අපහසු වේවි.
ඉබේම අත ෆෝන් එකට යාවි. ඒත් ටික ටික පුරුදු වෙන්න. කොහොමටත් ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් වල විවිධ මාතෘකා වලින් යුතු පෝස්ට් දකිද්දී හිත විසිරෙනවා වැඩියි.
මුලින් කපල් එකක්, ඊට පස්සේ කෑමක්, ඊළඟට දේශපාලන බැණිල්ලක්.
මෙහෙම දේවල් ඔළුවට එද්දි අපි වැඩක් කරන්න ගියාමත් එක් දෙයකට හිත සීමා කරගන්න තියෙන පුරුද්ද ඉබේම අහිමි වෙලා යනවා.