WhatsApp සඳහා නව විශේෂාංග තුනක් හඳුන්වා දීමට සූදානම් වන බව එම සමාගම පවසනවා. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් එම සමාගම මේ බව සඳහන් කර තිබෙනවා....
WhatsApp සඳහා නව විශේෂාංග තුනක් හඳුන්වා දීමට සූදානම් වන බව එම සමාගම පවසනවා.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් එම සමාගම මේ බව සඳහන් කර තිබෙනවා.
පෞද්ගලිකත්වය සුරැකීමේ විශේෂාංග (privacy features) ත්‍රිත්වයක් ලෙස ඒවා හඳුන්වා දී තිබෙනවා.
මෙන්න මේවා තමයි ඒ විශේෂාංග
1. Exit Groups Silently:
අපි හැමෝම WhatsApp group වල ඉන්නවනේ.
ඉතිං අපි අකමැති ඒත් අයින් වෙන්න ඕන WhatsApp group ඕන තරම් තියෙනවා.මේ අළුත් පහසුකම එක්ක අනෙක් පරිශීලකයින් දැනුවත් වීමත් තොරව ඔයා සිටින groups වලින් ඉවත් වෙන්න පුළුවන්.
කොහොම වුනත් , ඔයා ඉවත් වූ බවට group admin දැනුවත් වෙනවා.
2. Who Can See Your Online Status:
ඔයා online සිටින විට එය දැකිය හැක්කේ කාට ද යන්න පාලනය කිරීමට හැකි වීම.
3. Block Users From Taking a Screenshot of ‘View Once’ Messages:
View Once පණිවිඩවල screenshot ගැනීමට ඇති හැකියාව වැළැක්වීම