ආදරය කියන්නේ මේ ලොව අතිශය සංවේදී මාතෘකාවක්. ඒ හා බැඳුනු සුන්දර සිදුවීම් වගේම අසුන්දර සිදුවීම්ද නැතිවා නොවේ. ආදරය භුක්ති විඳින්නන් මෙන්ම ආදරය...
ආදරය කියන්නේ මේ ලොව අතිශය සංවේදී මාතෘකාවක්.
ඒ හා බැඳුනු සුන්දර සිදුවීම් වගේම අසුන්දර සිදුවීම්ද නැතිවා නොවේ.
ආදරය භුක්ති විඳින්නන් මෙන්ම ආදරය වෙනුවෙන් විඳවන්නන්ද මේ ලොව අසීමිතය.
එසේම ආදරය දිනාගත් අයද පරාජය වූවන්ද එමටය.
මේ සියල්ල මිනිසාගේ ආරම්භයේ සිට සිදුවූ සිදුවීම් වන අතර ඉතිහාසය තුල මෙන්ම වර්තමානයේද බොහෝ ජන හදවත් වල රැඳුනු ආදර කතා අසීමිතය.
එදා මෙදා තුල ආදරයේ නාමයෙන් ස්වකීය ජීවිතයේ උත්තම පරිත්‍යාගයන් සිදුකරමින් එකී ආදරයේ විපුලඵල නෙලාගත් ආදරයවන්තයින් සීමිතය.
මේ එවන් වූ ආදරවන්තයින් ගැන විස්තරයක්
විජය සහ කුවේණි
විජය රජු මෙරටට ගොඩ බසින විට කුවේණිය නම් යක්ෂ ගෝත්‍රික කාන්තාව හමු වන්නේය. ඇය එවිට කපු කටිමින් සිටියා
ඉතිහාස කතා වලට අනුව කුවේණියට පියයුරු 3කි. සත් සියයක් තරුණයින් සමග නැව් නැග මෙරටට වැදුණු විජයට කුවේණිය ගැන සිතක් පහළ වෙනවා.
ස්වකීය යක්ෂ ගෝත්‍රිකයින්ටම එරෙහි වූ කුවේණිය, සිය යක්ෂ ගෝත්‍රික පාලනය බිඳ හෙලා රජ වීමට විජයට අවකාශ සලසා දෙනවා.
පේනවා නේද ආදරේ තරම.
විජයගේ ප්‍රේමයෙන් කුවේණියට දරුවන් දෙදෙනකු ලැබුනට පසුව රාජ ඌෂ්ණයට අනුව වෙනස් වුණු විජය රජු නැති ශෝකයෙන් කුවේනිය කුරුණෑගල යද්දෙස්සාගලින් පැන සියදිවි හානිකරගත් බව ජනප්‍රවාදයේ සඳහන් වෙනවා.
සාලිය සහ අසෝකමාලා
මේ තවත් ඉතිහාසගත ආදර කතාවක්
වසර 44ක් පුරා අනුරපුර රාජධානියේ රාෂ්ට්‍ර පාලනයක් ගෙනගිය එළාර නසා තුන් සිංහලය එක්සත් කරන්නට ගැමුණු කුමරයාට අවස්ථාව හිමිවෙනවා.
ඔහුගේ පුතා තමයි සාලිය කුමාරයා.
අඩුකුලයේ තරුණියක වූ අසෝකමාලා මල් නෙලන අතර සාලියට හමු වෙනවා.
ප්‍රේමය උතුරන්න හමුවෙන්න කොහෙන්ද ඉතිං නැකත් නේද?
මෙන්න මේ දෙන්නගේ හිත් ප්‍රේමයෙන් වෙලෙනවා.
ඔවුන්ගේ ප්‍රේමය බුරා බුරා නැග එද්දී එයට කුලය හෝ රජ කිරුළ බාධාවක් කරගන්නට කුමාරයා අකමැති වෙනවා.
පසු කාලීනව සාලිය සහ අසෝකමාලා විවාහ වෙනවා.
ඔවුන් දුටුගැමුණු රජුගේද ආශිර්වාද ඇතිව මියෙන තෙක් සතුටින් දන් පින් හි නිරත වෙමින් සිටි බැව් වංශකතාවේ සඳහන් වේ.
එහෙත් දුටුගැමුණුගෙන් අනතුරුව සද්ධාතිස්ස සහ ඒ පරපුර රජවූවා යැයි සඳහන් වන මුත් සාලිය කුමරුට රජකම හිමි වූයේ නම් නැත.
මේ වගේ තවත් ඉතිහාසගත ආදරකතා තවත් දවසක කියන්නම්.