2020 අවුරුද්දේ අපේ ජීවිතවලට එක් වුන මේ බැඳීම ජීවිතවල තිබූ සියළු බලාපොරොත්තු නැති කලා. පුද්ගලිකව වගේම රටක් ලෝකයක් ලෙසත් අපි දැඩි ලෙස අසරණ වුන...
2020 අවුරුද්දේ අපේ ජීවිතවලට එක් වුන මේ බැඳීම ජීවිතවල තිබූ සියළු බලාපොරොත්තු නැති කලා.
පුද්ගලිකව වගේම රටක් ලෝකයක් ලෙසත් අපි දැඩි ලෙස අසරණ වුනා.
අවුරුදු දෙකක් පමණ පීඩාවකින් පසුව යන්තම් සැනසුම් සුසුම් හෙළමින් අපි කල්ගත කලත් නැවතත් ඒ් රුදුරු බැඳීම අපේ ජීවිත බිලිගන්න පටන් අරන්
ඒ් තමා කොවිඩ් 19 වෛරසය.
වෛරසය නවතම පැතිරීම ගැන පුවත්පතක පළවූ සටහනක් මේ
ජූලි 15දා සිට මේ දක්වා කාලය තුළ රට පුරා සීග්‍ර කොවිඩ් වර්ධනයක් නිර්මාණය වී ඇති බැවින්, ඒ පිළිබඳව සියලු පාර්ශ්ව සැලකිලිමත් නොවුණහොත් තත්ත්වය නරක අතට හැරීමට ඉඩ ඇති බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය තාක්‍ෂණ සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය අන්වර් හම්දානි අනතුරු අඟවයි.
ජූලි මස මුලදී කොවිඩ් ආසාදිතයන් දිනකට 15ක් වාර්තා වූ අතර අගෝස්තු මුල් සතියේ එම සංඛ්‍යාව දිනකට 100 ඉක්මවා ගිය බවත්, 12දා වනවිට එම සංඛ්‍යාව 230 ඉක්මවා ගිය බවද වෛද්‍ය හම්දානි සඳහන් කළේය.
මේ වනවිට කොවිඩ් ආසාදිතයන් 5 දෙනකු දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබමින් පසුවන බවද වෛද්‍ය අන්වර් හම්දානි පැවැසීය.
ජූලි මාසයේ ආසාදිතයන් 1500ක් වාර්තා වූ අතර, ගතවූ දෙසතිය තුළ පමණක් ආසාදිත සංඛ්‍යාව 1200 ඉක්මවා ගොස් ඇති බවද පැවැසීය.
මෙම තත්ත්වය දිනෙන් දින ඉහළ යෑමේ ප්‍රවණතාවක් දක්නට ඇති බැවින්, සෞඛ්‍ය අංශ ඔවුන්ගේ වගකීම ඉටු කරද්දී ජනතාව මුඛ ආවරණ පැලඳීම, නිතර අත් සේදීම සහ අනවශ්‍ය සංචරණයෙහි යෙදීමෙන් වැළකීම සිදු කළ යුතුව ඇතැයි වෛද්‍ය හම්දානි සඳහන් කළේය.
පොදු ප්‍රවාහන සේවා මේ වනවිට වැඩියෙන් ජනතාව පාවිච්චි කිරීමට පටන් ගැනීම නිසා සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකළහොත් ඔබට රෝගය වැලඳී ඔබේ නිවෙසට එය රැගෙන යෑමෙන් නිවෙසේ සිටින අයද කොවිඩ් ආසාදිතයන් වීම නොවැළැක්විය හැකි යැයිද හෙතෙම අවධාරණය කළේය.
පවතින තත්ත්වය හමුවේ මුඛ ආවරණ පැලඳීම යළිත් අනිවාර්ය කිරීමට සිදුවිය හැකි බව පැවැසූ වෛද්‍ය අන්වර් හම්දානි මීට ඉහත කොවිඩ් වසංගතය පැවැති අවස්ථාවේ මාධ්‍ය සිදු කළ මෙහෙවර යළිත් ක්‍රියාවට නැංවීමට අවස්ථාව උද්ගතවී ඇතැයිද පැවැසීය.
ජේ. ටී. ද සිල්වා