Logo
Logo

A C එකේ හිටියට මේ ගැන දන්නෙ නෑ නේද?

ඒ් සී නැත්නම් වායු සමීකරණ පහසුකම් කියන්නේ බොහොම සරල පහසුකමක්. අද වෙද්දි හැමෝම වැඩකරන ඔෆිස් තියෙන්නේ වායු සමිකරණය කරලා. ඉතිං මේ කියන්න හදන්නේ...



ඒ් සී නැත්නම් වායු සමීකරණ පහසුකම් කියන්නේ බොහොම සරල පහසුකමක්.

අද වෙද්දි හැමෝම වැඩකරන ඔෆිස් තියෙන්නේ වායු සමිකරණය කරලා.

ඉතිං මේ කියන්න හදන්නේ දවසට වැඩි කාලයක් ගෙවන ඒ් සි එකේ ඉන්න කොට දැනගන්න අවශ්‍ය කරුණු ටිකක්.

මේ කරුණු කිහිපය ඔයාලට වැදගත් වේවි ශාරීරික සුවතාවයට.


විනාඩි කිහිපයකට කවුළු විවෘතව තබන්න



මේක ඒසී කරපු ඔෆිස් වල වෙන්නෙම නැති දෙයක්. 

හැබැයි ගෙදර නම් කරන්න පුළුවන්. 

ඒසී එක එළියට යන නිසා අපි හැමවෙලේම කාමර වල ජනෙල් සීල් කරලා තියනවනේ. 

ඒත් කාමරයෙන් එළියට යනකොට ඒසී එක ඕෆ් කරලා ඉඳල හිටලා හරි ජනෙල් පොඩ්ඩක් ඇරියොත් එළියෙ පිරිසිදු හා නැවුම් වාතය ඇතුළට ඇවිල්ලා ආර්ද්‍රතාව සමතුලිත කරනවා. 

ඒ වගේම නැවත කාමරයට ආවම ඒසී එක ඔන් කරලා කවුළු වසා දමන්න. 


නිතරම මොයිස්චරයිසර්, බොඩිලෝෂන් සහ ලිප්බාම් භාවිතා කරන්න



සම වේලීම වැළැක්වීමට දිනකට දෙතුන් වතාවක් අත් පා වල මොයිස්චරයිසර් ගැල්වීමෙන් ඒසී එකෙන් හමට වෙන හානිය ගොඩක් වළක්වගන්න පුළුවන්. 

ඒ වගේම මුහුණටත් විශේෂ සැලකිල්ලක් දක්වන්න ඕනේ. මේකප් කරන්න කලින් මොයිස්චරයිසර් ක්‍රීම් එකක් ආලේප කරලා මේකප් කරන්න. 

හොඳ බ්‍රෑන්ඩ් එකකින් ක්‍රීම් එකක් ගන්න වගබලාගන්න. 

ඒ වගේම සම වියලීමත් එක්ක තොල් පැලෙන්න බලනවා. ඒකට විසඳුමක් විදියට හොඳ ලිප්බාම් එකක් යූස් කරන එකත් පුරුද්දක් කරගන්න. 

ඔයාලගෙ ගෙදර බෙඩ් රූම් එකත් ඒසී කරලා නම් අනිවාර්යයෙන් රෑට මුළු ඇඟටම බොඩිලෝෂන් එකක් ආලේප කරන්නත්, ලිප් බාම් සහ මූණට නයිට් ක්‍රීම් එකක් ආලේප කරන්නත් අමතක කරන්න එපා.

 

නිතරම ජලය පානය කරන්න



ඒසී එකේ ඉන්නකොට හම වගේම ශරීරයම විජලනයට පත් වෙනවා. 

ඒ නිසා අපේ ඇඟට වතුර ගොඩක් අවශ්‍යයි. 

සාමාන්‍යයෙන් දවසට වතුර ලීටර් 3ක්වත් බොන්න ඕනේ. දවසම ඒසී වල ඉන්නකොට ඉතින් ඒ ප්‍රමාණය නොවරදවාම බොන්න පුළුවන් නම් ඇඟට ගොඩක් හොඳයි. 

සාමාන්‍ය වතුර වගේම ඩීටොක්ස් වෝටර් ඒ කියන්නෙ වතුරට කසකසා ඇට, පිපිඤ්ඤා, මිංචි කොළ එහෙම දාලා තියලා බොනවනම් ඒකත් ඇඟට ගොඩාක් හිතකරයි. 

ඔෆිස් අරන් යන්න පුළුවන් ලස්සන ඩීටොක්ස් වෝටර් බොට්ල්ස් ඕන තරම් ගන්න තියෙනවා. 


එළවළු, පළතුරු හා කොළ වර්ග වැඩිපුර කන්න.




සමට පිටතින් විතරක් කරන ප්‍රතිකර්ම සමේ නිරෝගී බව රැකගන්න ප්‍රමාණවත් නැහැ. 

සම ඇතුළතින්ම පෝෂණය කරන්න ඕන. 

ඔයාලගෙ එදිනෙදා ආහාර රටාවට එළවළු හා පළතුරු එකතු කරගැනීම ගොඩක් වැදගත්. 

ඒසී එක නිසාම හම වියළිලා යන එක වළක්වගන්න වගේම සමේ පැහැපත් බව රැකගන්න, සෞඛ්‍ය සම්පන්නව ජීවත් වෙන්නත් මේ වගේ ආහාර රටාවක් ඔයාට ගොඩක් වැදගත්. 

 

එක දිගට පැය ගණනාවක් ඒ් සී එකේ ඉන්න එපා.

පැයකට සැරයක්වත් පොඩ්ඩක් නැගිටලා එසී නැති තැනකට හෝ වොෂ් රූම් එකකට ගිහින් එන්න පුළුවන් නම් ඔයාගෙ හමට වෙන ඩැමේජ් එක පොඩ්ඩක් අඩු කරගන්න පුළුවන්.

 ඒ වගේම ඒසී රූම් එකක ඉඳලා අව්වට වගේ යනවනම් අනිවාර්යෙන්ම සන් ක්‍රීම් එකක් පාවිච්චි කරන්න වගබලාගන්න. 

සාමාන්‍ය වැසිබර සීතල කාළගුණයක් තියෙනකොට පුළුවන් තරම් ඒසී නැතුව ඉන්න උත්සහ කරන්න. 

මේක ඔෆිස් එකේදි කරන්න අමාරු වුණත් ගෙදර ඒසී පාවිච්චි කරන කෙනෙක්ට කරන්න පුළුවන් දෙයක්. 

 



[ASTRO]$type=right$va=0$count=3$show=home

[MOTIVATIONAL]$type=left$va=0$count=3$show=home

[WASTHU]$type=right$va=0$count=3$show=home

STAR GOSSIP$type=three$c=12$cm=0$d=0$a=0$sn=0$h=250$ho=https://stargossip.bottomline.asia

[LATEST ARTICLES]_$type=three$count=12$h=250$space=10$icon=1$m=0$sn=0$rm=0$hide=home

Name

Astro,4,Automobile,3,Family,5,Fashion,5,Finance,3,Healthy,24,Healthy Chef,3,Lifestyle,57,Limitless,7,Readers,13,Science,4,Tech,15,Travel,5,Wasthu,3,Women,9,
ltr
item
LifeLine: A C එකේ හිටියට මේ ගැන දන්නෙ නෑ නේද?
A C එකේ හිටියට මේ ගැන දන්නෙ නෑ නේද?
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiy_d91hPoRmehfJytsZ2EuYm_kNCmMoKtIffCT5QgCpRW6wuwAb9yXCokYFO0IMENfKBQAoj7F26B-rH4-iA9nts_i7RnzkX83U2GFeLNC8mHVwPHabQs4QvVk6g8xpB-SKDzBVEUcHaGET6Bo0wQq7SiifhQm4gojtWimZytkF484JkgTEqg7s8fg/s16000/ac.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiy_d91hPoRmehfJytsZ2EuYm_kNCmMoKtIffCT5QgCpRW6wuwAb9yXCokYFO0IMENfKBQAoj7F26B-rH4-iA9nts_i7RnzkX83U2GFeLNC8mHVwPHabQs4QvVk6g8xpB-SKDzBVEUcHaGET6Bo0wQq7SiifhQm4gojtWimZytkF484JkgTEqg7s8fg/s72-c/ac.jpg
LifeLine
https://lifeline.bottomline.asia/2022/08/13-how-to-live-in-ac-room-tips-for%20helth.html
https://lifeline.bottomline.asia/
https://lifeline.bottomline.asia/
https://lifeline.bottomline.asia/2022/08/13-how-to-live-in-ac-room-tips-for%20helth.html
true
3337541541253042350
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content