Logo
Logo

Drive කරනවා නම් මේක බලන්න.

කොහෙද මිනිහෝ බූරුවෙක් වගේ යන්නේ.. මේ මිනිහා නම් හරකෙක්.. මේ විදිහෙ අසෝබව වචන මහ හයියෙන් කිය කිය රියදුරු අසුන මත උඩ පැන පැන යන රියදුරු මහත්වර...



කොහෙද මිනිහෝ බූරුවෙක් වගේ යන්නේ..

මේ මිනිහා නම් හරකෙක්..

මේ විදිහෙ අසෝබව වචන මහ හයියෙන් කිය කිය රියදුරු අසුන මත උඩ පැන පැන යන රියදුරු මහත්වරු අනන්ත දැකලා ඇති.

ඇත්තටම මෙහෙම වෙනනේ ඇයි?

දැන් ඔබ කියන්න පුළුවන් පාරේ ගිහින්ම බලන්නකෝ කියලා.

හරි, තව කෙනෙක් පාරේ අසෝබන විදිහට යන්න පුළුවන්.

කිසිම විනයක් නැතිව.

ඒ්ත් අපි ඒ් අය කරන දේවල්වලට කලබල වෙලා කෑගහන්න අවශ්‍යයද  

මහපාරේ යකා වැහිල්ල කියන එක ලේසි දෙයක් නෙවෙයි කියලා අපිට තේරෙනවනේ. 

ඒක තමන්ගේ ශරීර සෞඛ්‍යයට අනතුරුදායකයි. 

අනික් මිනිස්සුන්ට අනතුරුදායකයි. මහපාරේ යකා වැහිල්ල නිසා රිය අනතුරු සිද්ධ වෙන්න පුළුවන්. 

අන්න ඒ නිසා, හොඳම දේ තමයි මේ මහපාරේ යකා වැහිල්ල සමනය කරගන්නේ කොහොමද කියලා පොඩ්ඩක් හොයලා බලන එක. 

මේ කියන්න හදන්නේ ලේ ටික වගේම ජීවිතේ පරෙස්සම් කරගන්න පුළුවන් ක්‍රම ටිකක්. 


කඩිමුඩියේ ගමන් එපා

මේක නම් ඉතින් ඕනම අවස්ථාවකට වලංගු කාරණාවක්.

මොකක් හරි වැඩකට පාරට බහිනකොට අන්තිම තත්පරේ තියලා යන්න එපා. 

සමහරු ඉන්නවා ගූග්ල් මැප් එකේ කොහේට හරි යන්න පෙන්නන වෙලාව බලලා, ගාණට නූලට ඒ වෙලාවට තියලා එළියට බහින. 

හැබැයි අපිට ඕන විදියට හැමදේම වෙන්නෙ නෑ. 

පාරේ ඇක්සිඩන්ට් එකක් වෙලා තියෙන්න පුළුවන්. 

හදිසි ට්‍රැෆික් තත්වයක් ඇතිවෙන්න පුළුවන්. 

කණ පැලෙන්න වහින්න පටන් ගන්න පුළුවන්. මේ විදියේ ඕනම දෙයක් වෙලා, අපිට පාරේ ප්‍රමාද වෙන්න සිද්ධ වෙන්න පුළුවන්. 

එතකොට, වෙලාවට අපිට අදාළ තැනට යාගන්න බැරිවෙනවා අන්න එතකොට අපිට නිකම්ම කේන්ති යනවා.


කලින් ප්ලෑන් කරමු

තමන්ගේ ගමන බිමන කලින් ප්ලෑන් කරන එක. 

ඒකෙන් කියන්නේ තමන්ට යන්න අවශ්‍ය තැන් වලට වැඩිපුර වෙලාව තියලා යන්න කියන එක විතරක් නෙවෙයි. 

තමන් යන්නේ කොහෙද කියන කාරණා වුණත් කලින් සැලසුම් කරගන්න.

 අන්න එහෙම හොඳ සැලසුමක් ඇතුව පාරට බහිනකොට කරදරයක් නැතුව නිවීහැනහිල්ලේ තමන්ගේ වැඩ ටික ඉෂ්ට කරගන්න පුළුවන්.


මනස  සුවපත් කරගමු

තමන් පාරේ යනකොට අපිට පිටිපස්සෙන් වාහනයක් නොනවත්වාම හෝන් ගහගෙන කඩිකුලප්පුවෙන් යන්න හදනකොට අපිට කේන්තියනවා. 

එයාට ඉඩ නොදී අපිත් යනවා.

කඩිකුලප්පුකාරයත් අතාරින්නෙ නැතුව හෝන් ගහනවා. ඔන්න මහපාරේ යකාවැහෙන්න නියමිත තැනක්. 

සමහර වෙලාවට කඩිකුලප්පු කාරයා එහෙන් මෙහෙන් දාලා ඉස්සර කරලා කියමු. 

අපිට ඒකට කේන්තියි ඊට පස්සේ අපිත් රේස් යන්න තියාගන්නවා 

කඩිකුලප්පු කාරයාව අල්ලගෙන පහුකරලා යන්න. දඩිබිඩි කාරයන්ට යන්න දෙන්න. තමන් විනය ගරුකව වාහනේ එලවන්න.


සතුටින් වාහනේට ගොඩවෙමු.

අපි අහලා තියෙනවානේ ගෙයි ගිණි පිටට දෙන්න එපා කියලා.

අපේ සමහරු වාහනේ පාරට දාන්නෙම එක්කෝ ගෙදර වලියක් දාගෙන.

 එක්කෝ ඔෆිස් එකේ ප්‍රශ්න ගොඩක් ඔලුවේ පුරවගෙන. 

ඔන්න එතකොට පාරේදී තවත් ඩ්‍රයිවර් කෙනෙක් අතින් සිද්ධවෙන අහිංසක අත්වැරදීමක් වුනත් ඇති, අර මූඩ් අප්සෙට් එකේ ඉන්න හාදයට යකා වැහෙන්න. අන්න ඒ නිසා, තමන්ගේ මූඩ් එක හොඳ නැතිනම්, වාහනේ අතට ගන්නෙ නැතුව මූඩ් එක ෆික්ස් කරගෙන ඉන්න එක හොඳයි. 

ඒකට මියුසික් අහන එක, යාලුවෙක්ට කතා කරන එක වගේ ඕනම පියවරක් ගන්න පුළුවන්.

මෙන්න මේ පුංචි පියවර වලින් වැ‌‌ඩේ පටන් ගමු.

විනීත රියදුරෙක් වෙමු.

අපි‌ට වගේම අනිත් අයටත් ආදරේ කරමු.

 


[ASTRO]$type=right$va=0$count=3$show=home

[MOTIVATIONAL]$type=left$va=0$count=3$show=home

[WASTHU]$type=right$va=0$count=3$show=home

STAR GOSSIP$type=three$c=12$cm=0$d=0$a=0$sn=0$h=250$ho=https://stargossip.bottomline.asia

[LATEST ARTICLES]_$type=three$count=12$h=250$space=10$icon=1$m=0$sn=0$rm=0$hide=home

Name

Astro,4,Automobile,3,Family,5,Fashion,5,Finance,3,Healthy,24,Healthy Chef,3,Lifestyle,57,Limitless,7,Readers,13,Science,4,Tech,15,Travel,5,Wasthu,3,Women,9,
ltr
item
LifeLine: Drive කරනවා නම් මේක බලන්න.
Drive කරනවා නම් මේක බලන්න.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEigjG5aM2w7nvEMvphRg3T6A0cvOB-iJfBFFbfBEp1XOZqQW3ocDgAADRKG5IrdRJym9P5BSPBaRRXKzYZvdYZkKTg-VdYEqP9vBSdp8OqRm5F8IyQzEKKdcfEBJQmZTPWCs_69lHOD47-0kVmOdEKUzSYl0XMKwoeIn3in_cQ9CG3SW4bzxXoYCY9t/s16000/car%20driver.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEigjG5aM2w7nvEMvphRg3T6A0cvOB-iJfBFFbfBEp1XOZqQW3ocDgAADRKG5IrdRJym9P5BSPBaRRXKzYZvdYZkKTg-VdYEqP9vBSdp8OqRm5F8IyQzEKKdcfEBJQmZTPWCs_69lHOD47-0kVmOdEKUzSYl0XMKwoeIn3in_cQ9CG3SW4bzxXoYCY9t/s72-c/car%20driver.jpg
LifeLine
https://lifeline.bottomline.asia/2022/08/13-before-driving-read-this.html
https://lifeline.bottomline.asia/
https://lifeline.bottomline.asia/
https://lifeline.bottomline.asia/2022/08/13-before-driving-read-this.html
true
3337541541253042350
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content