ඉස්සර වගේ නෙමෙයි දැන් දෙයක් කරන්න කලින් දෙතුන් පාරක් අපි හිතන්න ඕන ඒ් මොකද දැන් වෙනදාට වඩා තුන් හතර ගුණයක් වියදම් වැඩි නිසා අවශයම දේවල් තමය...
ඉස්සර වගේ නෙමෙයි දැන් දෙයක් කරන්න කලින් දෙතුන් පාරක් අපි හිතන්න ඕන
ඒ් මොකද දැන් වෙනදාට වඩා තුන් හතර ගුණයක් වියදම් වැඩි නිසා අවශයම දේවල් තමයි කරන්න ඕන
ඒ් වගේම තමයි අවශ්‍යම දේත් අඩුම වියදමට හෝ ලාභය සලකලා තමයි කරන්න අවශ්‍යය.
වාහනවල තෙල්,ඒ් කිව්වේ පෙට්‍රල් ඩීසල් ප්‍රශ්නෙ නිසා ගොඩාක් අය තෙල් ගහගත්තත් වාහන එළියට ගන්නේ නෑ.
ගමනක් බිමනක් යන්න ටැක්සි එකක් දාගන්නවා.
මොකද ගෙදර වාහනේ ටැංකිය පුරවගන්නාවාට වඩා ලාබයි මේ ක්‍රමය.
කොහොම වුනත් අපි හිතුවා මේ වෙනස් ජීවන රටාව එක්ක ගැවසෙන ඔයාලට කැබ් එකක යන - එන කොට සලකලා බලන්න අවශ්‍ය දේවල් ටිකක් කියන්න.
බලන්න මේවා ඔයාට වැදගත් නේද කියලා
Taxi Service කම්පැනි එක.
Taxi Service එකක් තෝරගන්නකොට ඒ කම්පැනි එකේ නම, ඒවගේම හිමිකරගෙන තිබෙන විශ්වාසනීයබව වගේ කාරණා ඉහලින්ම සලකල බලන්න ඕන.
ලාභයට වඩා ආරක්ෂාව ගැන හිතන්න.
විශේෂයෙන්ම අපිව ගන්න එන ටැක්සි එකේ රියදුරු ගැන විස්තර දැනගන්න.
මේ විදිහෙ පහසුකම් තියෙන ටැක්සි සේවාවක් ඔයා අනිවාර්යයෙන්ම තෝරගන්න අවශ්‍යයි.
අපි රැගෙන යන වාහනයේ රියදුරුගේ අනන්‍යතාවය අපි දැනගන්නම අවශ්‍යයි.
කිසිම වෙලාවක හදිසි කියලා ටැක්සි එක ආවගමන් ගොඩ වෙන්න එපා.
ඇප් එකේ හෝ වෙබ් එකේ තියෙන රියදුරුගේ රූපය සහ විස්තර සමඟ ගලපන්න.
පොඩි හරි වෙනසක් තියෙනවානම් වාහනයට නගින්න එපා.
වාහනේ අනන්‍යතාවය
අනිත් කාරණේ තමා වාහනේ අනන්‍යතාවය. වාහනේ අංකය සහ වර්ගය මොකක්ද කියල හොඳට බලාගන්න
ගෙවන ගානට ගැලපෙන වාහනය වගේම ඔයාට එවන්න පොරොන්දු වන වාහනය යන දෙකම හොඳට ගලපන්න.
වාහනේ තත්වය ගැනත් හිතන්න.
ගෙවනගාන
අපි හෙයලා බලන්න අවශ්‍ය තව දෙයක් තමයි අපි ගමන වෙනුවෙන් ගෙවන ගාන නැත්නම් මුදල.
නිතරම අනිත් ආයතන එක්ක සසඳන්න.
අපි දැක්ක පහුගිය කාලවල කිලෝමීටරයට රුපියල් 1000/- ගන්න විදිහ.
අවශ්‍ය හදිසි ඇමතුම් අංක
ඔන්න තවත් වැදගත්ම කාරණාවක්.
හදිසි අවස්ථාවක් වුණොත් ක්ෂණිකව කතා කරන්න පුළුවන් හදිසි ඇමතුම් අංක, ඒ කිව්වෙ ලඟම පොලීසියෙ අංක, පොලිස් හදිසි ඇමතුම් අංක එහෙම මතකයේ හරි, ෆෝන් එකේ හරි තියාගන්නම ඕන.
ඒ වගේම ෆෝන් එකේ බැටරි සහ ඇමතුම් ගන්න සල්ලිත් තියෙන්න ඕන
හුඟක් ෆෝන් වල දැන් ඩේටා තිබ්බට ක්‍රෙඩිට් නෑනෙ.
ඒ් නිසා වාහනයට ගෙඩාවෙන්න කලින් මේ හැම දේම හොඳට බලාගන්න.
ඒ්ක හැමදේටම හොඳයි.