හොල්මන් අවතාර කිව්වහම කවුරුත් ටිකක් බයවෙනවානේ. මේ කියන්න හදන්නේ ලෝකෙ තියෙන අමුතු විදිහෙ දූපත් කිහිපයක් ගැන. මේවා හඳුන්වන්නේ අවතාර දූපත් කිය...
හොල්මන් අවතාර කිව්වහම කවුරුත් ටිකක් බයවෙනවානේ.
මේ කියන්න හදන්නේ ලෝකෙ තියෙන අමුතු විදිහෙ දූපත් කිහිපයක් ගැන.
මේවා හඳුන්වන්නේ අවතාර දූපත් කියලා.
නැත්නම් Phantom Islands කියලා.
මේ දූපත් ලෝක සිතියමේ කාලයක් තිබුන ඒ්වා.
ඒත් මේ දූපත් මේ වෙද්දි සිතියමෙන් මැකි ගිහින්.
බලන්නකේ මේ දූපත් ගැන විස්තරේ.
තූලී – Thule
ලෝකයේ ඉහළම කෙළවරේ පිහිටපු දූපතක් හැටියට තමයි ඈත අතීතයේදි තූලී දූපත සැලකුවේ.
තූලී දූපත ගැන පල වන තොරතුරු ක්‍රි. පූ 4 වන සියවස දක්වා ඈතකට දිවයනවා.
ග්‍රීක දේශ ගවේෂකයෙකු වූ පයිතියස් ගේ ගවේෂණ වාර්තා වල තමයි මේ අපූරු දූපත ගැන මුලින්ම සටහන් වෙන්නේ.
ගොවිතැනින් දිවි ගැටගහගන්නා, නොදියුණු ජන කොට්ඨාසයක් ජීවත් වන මේ ශීතල දූපතේ, ග්‍රීස්ම සෘතුවේදී රාත්‍රී කාලයක් උදා නොවෙන බවටත් පයිතියස් සටහන් තබා තිබුණා.
ක්‍රි.ව 100දී ටොලමි විසින් නිර්මාණය කරපු ලෝක සිතියම් වල බ්‍රිතාන්‍යයට ඉහළින් මේ තූලී දූපත ඇඳ තිබූ බවයි පැවසෙන්නේ.
කෙසේ වෙතත් මේ දූපත ගැන කිසිදු තොරතුරක් අද වන තුරුත් දැනගන්නට නොමැති අතර තූලී දූපත පයිතියස් විසින් නිර්මාණය කරන ලද මනඃකල්පිත දූපතක් බවටත් සමහරු විශ්වාස කරනවා.
තවත් සමහරු විශ්වාස කරන්නේ පයිතියස් තූලී දූපත යැයි වරදවා වටහාගත්තේ නෝර්වේ හෝ අයිස්ලන්තය බවයි.
යක්ෂයින්ගේ දූපත – Isle of Demons
ක්‍රි.ව 16 වන සියවසේදී පමණ ලෝක සිතියම් වල සටහන් වී තිබුණ දූපතක් තමයි මේ අයිල් ඔෆ් ඩීමන්ස් දූපත.
මේ දූපත හඳුන්වපු නමේ හැටියටම එහි ජීවත් වුණා යැයි කියන්නේ අමනුෂ්‍ය මෘග ජීවීන් කොට්ඨාසයකුයි. මේ දූපත ගැන කතා කරළියට එන්නට පටන් ගන්නේ මාගරීට් ඩි ලා රොක් නැමැති ප්‍රංශ ජාතික කාන්තාවකට මේ දූපතේදී විඳින්නට වූවා යැයි කියන භයානක අත්දැකීමකින් පසුවයි.
නාවික ගමනක් අතරතුරදී මේ දූපතට ඇයත් ඇගේ පෙම්වතාත් මෙහෙකාරියත් ගොඩ බැස තිබෙනවා. පෙම්වතාව සහ මෙහෙකාරියව දූපතේ යක්ෂයින් විසින් මරා දමනු ලබන අතර ඇයටද නොයෙකුත් හිරිහැර ඔවුන් අතින් සිද්ධ වී තිබෙනවා.
කෙසේ නමුත් අවසානයේදී ධීවරයන් පිරිසකට ඇයව හමුවූ නිසා නැවත තමන්ගේ මවු රටට බේරී පළායාමට මාගරිට් සමත් වී තිබෙනවා.
මාගරිට්ගේ මේ කතාව ඇසුරින් නොයෙකුත් කෘතීන්ද ලියැවී තිබෙනවා. කෙසේ වෙතත් ඇය විසින් සඳහන් කර ඇති යක්ෂයන්ගේ දූපත නම් තවම සොයාගැනීමට හැකි වෙලා නැහැ.
මෙය මාගරිට්ගේ හිතලුවක්ද? නැතිනම් ඇත්තක්ද? එහෙමත් නැතිනම් ඇය යක්ෂයින් යැයි රැවටුනේ දූපතක විසූ ගෝත්‍රික පිරිසකටද යන්න අදටත් අභිරහසක්.
ටුඅනාකි – Tuanaki
1840 ගණන් වලදී මේ ටුඅනාකි දූපත ගැන පොලිනීසියානු සහ යුරෝපියානු ජාතික ගවේෂකයින් කිහිප දෙනෙක්ම වාර්තා කර තිබුණා.
මේ දූපතට ගොඩ බට සමහරුන් කියලා තිබුණේ මේ දූපතේ ඉතාම මිත්‍රශීලී ස්වදේශිකයින් පිරිසක් වාසය කරන බවයි.
මේ තොරතුරු ඔස්සේ යුරෝපීය නාවුකයින්ට සහ දේශ ගවේෂකයින්ට මේ අලුත් දිවයින සොයා යාමේ මහත් ආශාවක් ඇතිවෙලා තිබුණා. කුක් දූපත ආසන්නයේ පිහිටියාය කියන මේ දූපත සොයාගෙන 20 වන සියවස දක්වා නොයෙකුත් අය ගවේෂණ වල නියැලුනත් ටුඅනාකි දූපත සොයාගන්නට කිසිවෙක්ට හැකියාවක් ලැබුණේ නැහැ.
මේ නිසා සමහරු විශ්වාස කරන්නේ ගිනි කඳු පිපිරීමක් නිසා මේ දූපත මුහුදු පත්ලේ ගිලී යන්නට ඇති බවයි.