මේ දවස්වල කාගෙත් හිට් එක වගේම ට්‍රෙන්ඩ් එක වෙලා තියෙන්නේ Tik Tok තමන් කැමති විදිහට එක එක තාලෙට වීඩියේ හදලා අප්ලෝඩ් කරන්න පුළුවන් මේ ඇප් එක...
මේ දවස්වල කාගෙත් හිට් එක වගේම ට්‍රෙන්ඩ් එක වෙලා තියෙන්නේ Tik Tok
තමන් කැමති විදිහට එක එක තාලෙට වීඩියේ හදලා අප්ලෝඩ් කරන්න පුළුවන් මේ ඇප් එක හරහා.
මේ ඇප් එක නිර්මාණය කරලා තියෙන්නේ Byte Dance කියන චීන සමාගම විසින්.
චීනය ඇතුලත Douyin කියන නමින් ක්‍රියාත්මක වෙන ඇප් එක තමයි චීනයෙන් එලියට දාද්දි ටික් ටොක් කියන නමින් එලි දැක්වුවේ.
මේ Douyin කියන ඇප් එක ටික් ටොක් නමින් ලෝකයට නිදහස් කෙරෙන්නේ Musical.ly එක්ක ඒකාබද්ධ වුනාට පස්සේ.
ඒ 2018 අගෝස්තු 2 දා ඉඳලා.
හැබැයි ඉතින් පුරුදු විදිහට Douyin ඇප් එකේ තියෙන හැම පහසුකමක්ම ටික් ටොක් ඇප් එකේ නෑ.
ඉතින් ඔය විදිහට ඉතාම මෑතක ලෝකයට මුදාහැරුණු මේ ඇප් එක 2020 වෙද්දී බාගත කිරීම් බිලියන 2 ඉක්මවා යන්න සමත් වුණා.