ආදරේ කියන්නේ කවදාවත් වයසට යන දෙයක් නොවේ. දවසින් දවස මෝදුවෙන්න ඕන දෙයක්. ගොඩාක් වෙලාවට ආදර කතාවල පටන්ගන්න විදිහ නෙමේ ගලාගෙන යද්දි තියෙන්නේ. ස...
ආදරේ කියන්නේ කවදාවත් වයසට යන දෙයක් නොවේ.
දවසින් දවස මෝදුවෙන්න ඕන දෙයක්.
ගොඩාක් වෙලාවට ආදර කතාවල පටන්ගන්න විදිහ නෙමේ ගලාගෙන යද්දි තියෙන්නේ.
සරලවම කියනවා නම් මුල් කාලෙදි ගොඩාක් ආදරෙන් ඉන්න අය ටික කාලයක් යද්දි දුරස් වෙනවා.
මෙහෙම කතා අද එමටයි.
ඒත් අපිට පුළුවන් කුළුදුල් හාදුවට ඇස් පියවෙද්දි දැනුන ඇඟ හිරි වැටුන හැඟීම හැමදාම තියාගන්න.
ඒ කියන්නේ ආදරෙන් හැමදාම ඉන්න.
අද මේ කියන්න හදන්නේ ඔයා අමාරුවෙන් පටන්ගත්ත ආදරේ හැමදාම ඒ විදිහටම තියාගන්න පුළුවන් ක්‍රම කීපයක් කියලා දෙන්න.
කෑමකට සෙට් වෙන්න.
යාළු වෙන්න කලින් අවධියේ ටොපි චොකලට් දුන්නට ඒ දේවල් හරි ගියාට පස්සේ එහෙම නෑ.
ටික ටික ඒ ආකර්ෂණේ දුරස් වෙනවා.
අන්න ඒ නිසා ඒ මිහිරි මතක ආයේ මතක් කරගන්නත් එක්ක සතියකට සැරයක්වත් දෙන්නා කොහේ හරි කෑමකට යන්න ලෑස්ති වෙන්න.
ආයේ ඉතින් තරු පහේ වෙන්න ඕනි නෑ.
මොකක් හරි තැනකට සෙට් වෙන්න.
එකිනෙකා පුදුම කරවන්න.
කෙනෙක් පුදුම වෙන්නේ නොහිතපු වෙලාවක නොහිතන විදියේ දෙයක් වෙනවා නම්.
ඇල්මැරුණු ආදරයකටත් ඒ කතාව අදාළයි. ඒ දවස්වල එක එක පුදුමයන් ජීවිතයේ තියෙන්න ඇති.
එයා වෙනුවෙන් කරපු කැපකිරීම් ඔක්කොම හරිම පුදුමාකාරයි. නමුත් දැන් දෙන්නාට දෙන්නා හිමි වෙලා තියෙද්දිත් ආයේ මොනවාද?
උපන්දිනේ දවසට ,ඇනිවසරිඑක දවසට ළඟ ම හිතමිත්‍රාදීන් ට එන්න කියලා එයාට හොරෙන් ම පාටියක් ඕගනයිස් කරන්න පුළුවන්. ඒත් නැත්තම් තමන්ගේ අතින් ම නිර්මාණය කරපු හුරුබුහුටි දෙයක් එයාට දෙන්න.
මේවා හරිම පොඩි දේවල්. හැබැයි ලොකු බලපෑමක් ඇති කරවනවා.
විවෘත වෙමු.
ප්‍රශ්ණ වලට ප්‍රධාන හේතුවක් තමයි හිතේ දේවල් හිර කරගෙන මැරෙන්න දඟළන එක.
එයාට ඕනි මොනවද කියලා මෙයා දන්නේ නැහැ. මෙයාට ඕනි මොනවද කියලා එයා දන්නේ නැහැ.
ඉතින් දේවල් මෙන්න මෙහෙම වෙන්න ඇති කියලා හිතාගෙන තීන්දුවලට ඇවිල්ලා නිකන් බොරුවට හිත් නරක් කරගෙන ඉන්නවා.
එක්කෙනෙක් ඉදිරිපත් වුණා නම් අනිකත් නිකන් ම කතා කරනවා.
අනෙකාගෙන් බලාපොරොත්තු වෙන දේවල්, හිත රිදෙන තැන් මේ දේවල් ගැන බය නැතුව දෙන්නා කතා කරනවා නම් ආයෙත් මුල ඉඳන් පටන් ගන්න පුළුවන්
තෑගිභෝග හුවමාරු කරගමු
මේ ආදරේ මුල තෑග්ගක් දෙන්න කොච්චර ප්ලෑන් කලාද?
හොඳම කඩෙන් සුපිරි දෙයක් ඔතලා අරන් ගිහින්දෙන්න හැමෝම මාරම ට්‍රයි එක.
ඒත් කාලයක් යද්දි උපන්දිනේකට වුණත් සාම්ප්‍රදායික තෑග්ගක් හැරෙන්න යමක් නොලැබෙන්න ඇති.
එහෙම නෙමෙයි අපි මෙහෙමෙ කරමු ආදරය පෙන්නන්න පෙඩි හරි දෙයක් දෙමු.
දරුවෝ හිටියත් නළලට දෙන හාදුවක් එකක් ඒදේ බෙදා ගමු.
කරලා බලන්න එදා තමයි නියම දවස වෙන්නේ.