Facebook කිව්වහම නොදන්න කෙනෙක් ඉන්නවද නේද? පුංචි ලමයින්ගේ ඉඳලා වයසක ආච්චිලා සීයලා වෙනකන් හැමෝම වගේ දන්න, පාවිච්චි කරන සමාජජාලා වෙබ් අඩවියක්...
පුංචි ලමයින්ගේ ඉඳලා වයසක ආච්චිලා සීයලා වෙනකන් හැමෝම වගේ දන්න, පාවිච්චි කරන සමාජජාලා වෙබ් අඩවියක්නේ.
සරලවම කිව්වොත් අද ඒක එක පැත්තකින් සර්ච් එන්ජින් එකක්.
Facebook වෙබ් අඩවියේ පාට මතකයිනේ.
නිල්පාට.
එතකොට ඇයි Facebook වෙබ් අඩවිය නිල්පාට වුනේ?
මොකක්ද හේතුව.
මේ හේතුව ඇහුවොත් ඔයාලා පුදුමෙනුත් පුදුමයට පත්වේවි.
මෙන්න මේකයි හේතුව.
Facebook නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් කියන්නෙ එක්තරා වර්ණ අන්ධතාවයකින් පෙළෙන පුද්ගලයෙක්.
එයාට රතු සහ කොළ වර්ණයන් පේන්නෙ නැහැ.
ඒ කියන්නෙ ඒ වර්ණයන් එක්ක වැඩ කරන එක එයාට අපහසුවක්.
මේක හුඟක් දුරට මව් පාර්ශවයෙන් කෙනෙකුට හැදෙන්න පුළුවන් ජානමය දුර්වලතාවයක්.
මාර්ක් සකර්බර්ග්ට හොඳටම පේන වර්ණය තමයි නිල්පාට.
රතු, කොළ වර්ණයන් මිශ්‍ර උනත්, ඒ කියන්නෙ පොඩි තිතක් හරි තිබුනත් ගැටළුවක් නිසා තමයි මුල ඉඳලම මේ වෙබ් අඩවියට නිල් කියන පාටේ විවිධ ප්‍රභේදයන් තෝරගෙන තියෙන්නෙ.
මෙච්චර කල් Facebook පාවිච්චි කළාට කවුද දන්නේ මෙහෙම දෙයක් නේද?
කොහොම හරි මේ නිල් පාට නිසා තව දෙයක් සිදුවුනා.
ඒ තමයි Facebook පාවිච්චි කරන පිරිස තීරණය වෙන්නත් මේ පාට බලපෑමක් වෙලා තියෙනවා.
සමීක්ෂණ වාර්තා වලින් නම් කියවෙන්නෙ දැනට Facebook භාවිතා කරන පිරිස අතරින් 75%ක් කාන්තාවන්.
පුරුෂ ජනගහණයෙන් 63%ක් විතරක්ලු Facebook පාවිච්චි කරන්නෙ.