කාන්තාරයක් මැද පිහිටි කොළ පැහැයෙන් වැහුණු බිම්කඩක් මොකක්ද මේකට කියන තනි වචනය. ක්ෂේම භූමිය. ඔය විදහට පුංචිකාලේ උත්තර දුන්නා මතක ඇති නේ. ඒත් ...
කාන්තාරයක් මැද පිහිටි කොළ පැහැයෙන් වැහුණු බිම්කඩක්
මොකක්ද මේකට කියන තනි වචනය.
ක්ෂේම භූමිය.
ඔය විදහට පුංචිකාලේ උත්තර දුන්නා මතක ඇති නේ.
ඒත් ඉතිං අපි ඇත්තටම ක්ෂේමභූමි කීයක් දැකලා ඇතිද?
බොහෝ දෙනෙක්ට ඉතිං ර් අවස්ථාව ලැබෙන්නේ නෑ.
මොකද අපේ රටේ මේවා නැති නිසා.
ඔන්න ඉතිං අපි හිතුවා ලෝකේ සුප්‍රසිද්ධ ක්ෂේමභූමි කිහිපයක් ගැන කියන්න.
බලන්නකෝ මේ එකක් හරි දැකලා තියෙනවද කියලා.
Wadi Bani Khalid
කාන්තාර දේශගුණයක් සහිත ඕමානයේ පිහිටා ඇති ක්ෂේම භූමි අතරින් සුන්දරතම සහ ප්‍රධානතම ක්ෂේම භූමිය ලෙස සැලකෙන්නේ වාඩි බානි කාලිඩ්ය.
මේ නිසාම මෙම ක්ෂේම භූමිය සංචාරකයන්ගේ පාරාදීසයක් බවට පත්ව තිබෙනවා. වසර පුරාම ජලය ගලා එන දිය ධාරාවක් මෙම භූමියට ජීවය ගෙන එනවා.
එසේම ජලය පිරුණු කුඩා කුඩා ජලාශ සහ දිය උල්පත් මෙම භූමිය පුරා විසිරී පවතිනවා.
Huacachina
දකුණු දිග පීරු රටේ පිහිටා ඇති මෙම ක්ෂේම භූමියත් දකුණු ඇමරිකාවේ ඇමරිකාවේ සංචාරකයන් එක්රැස් කරන මධ්‍යස්ථානයක්.නමුත් මේ බිම් කඩ තුළ ජීවත් වන්නේ ස්ථිර පදිංචිකරුවන් සීයක පමණ ප්‍රමාණයක් පමණයි.
කාන්තාරයේ මධ්‍යයේ පිහිටා ඇති ස්වභාවික විලක් ආශ්‍රිතව මෙම ක්ෂේම භූමිය පිහිටා තිබෙනවා.
සුරූපී කුමාරිකාවක් දඩයක්කරුවෙකුගෙන් පලා යාමේදී මෙම විල නිර්මාණය වුණු බව ජනප්‍රවාදවල කියවෙනවා.
Lencois Maranhenses National Park
බ්‍රසීලයේ උතුරු දිග ප්‍රදේශයේ පිහිටා ඇති මෙම ක්ෂේම භූමිය හෙක්ටයාර එක් ලක්ෂ පනස් පන්දහසක වපසරියක් පුරා විහිදී පවතිනවා.
එසේම මෙම ජාතික උද්‍යානයෙන් කොටසක් මහ මුහුදටද සීමා වනවා. වර්ෂා සමයට මෙහි පිහිටා ඇති වගුරු බිම් ජලයෙන් පිරී යනවා.
එසේම විවිධ වර්ගයේ තර්ජනයට ලක් වූ සතුන් රැසකට වාසස්ථානයක් බවට මෙම භූමිය පත්ව තිබෙනවා.
Tafilalt
මෙම ක්ෂේම භූමිය සඳහා භාවිතා වන ටෆිල්’ලට් වචනයේ අර්ථය වතුර පිරවුණු භාජනය ලෙස සඳහන් වෙනවා.මෙය මොරොක්කෝවේ පිහිටා ඇති විශාලම ක්ෂේම භූමියයි. නයිජර් නදියේ සිට ටැන්ජියර් දක්වා තවලම් මාර්ගයේ වැදගත් ස්ථානයක් මෙම ක්ෂේම භූමිය ලබාගත් අතර මේ නිසාම මෙහි වැසියන් සමෘද්ධියට පත් වුණා.
මෙහි ඇති වැදගත්කම නිසා වරින් වර විවිධ පාලකයන් එහි බලය අත්පත් කර ගැනීමට උත්සාහ කරනු ලැබුවා.
ලෝකයේ අනිකුත් ක්ෂේම භූමි සේම මෙම ක්ෂේම භූමිය මොරොක්කෝවේ ප්‍රධාන සංචාරක ආකර්ෂණයක් බවට පත්ව තිබෙනවා.